
( තිලකරත්න දිසානායක)
පවතින අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ, ඌරුවල්ඔයෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙක් පැය හතක පමණ කාලයක් ගසක එල්ලී සිටියදී ගම්පහ නගර සභා ගිනි නිවීම් අංශ නිලධාරීන් විසින් බේරා ගනු ලැබීය.
ඔරුතොට ප්‍රදේශයෙහි පදිංචි වයස අවුරුදු 60 ක් පමණ වන මෙම පුද්ගලයා මාළු අල්ලමින් සිටියදී ඌරුවල්ඔයට වැටී සැඩ පහරට හසුව ගසාගෙන යාමේදී මෙලෙස ගසක එල්ලී දිවි බේරා ගෙන තිබේ.
ඌරුවල්ඔයෙහි ගසක අත්තක පුද්ගලයකු එල්ලී සිටින බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතාට සැලවීම මත වහා ක්‍රියාත්මකව, නගර සභා ගිනි නිවීම් අංශයට දැණුම් දෙමින් ඔහු බේරා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd