IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී  අත්සන් තැබිණි.

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, දේශගුණික අවදානම් සංසදය (CVF) වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිපටු ජනාධිපති මොහොමඩ් නෂීඩි සහ පෘතුගාලයේ Nativa Capital සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කාලෝස් ගෝමස් මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.

ගොවිපල අස්වැන්න සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩිදියුණු කළ සහ වඩාත් තිරසාර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දීම ද ගිවිසුමේ අරමුණකි.

මෙම ගිවිසුම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කර ගොවි පවුල් 15,000කට අවශ්‍ය ආධාර හා තාක්ෂණය ලබාදෙන නියමු ව්‍යාපෘතියක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ද නියමිතය.

අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර ඇති ගොවිතැන් හා වන වගා ව්‍යාපෘති හඳුනාගෙන තිබෙන්නේ දේශගුණික අවදානම් සංසදය (CVF) හි සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළිනි.

මේ සම්බන්ධයෙන් 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයිවර්ධන මහතා කියා සිටියේ තිරසර කෘෂිකර්මාන්තයක් මඟින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බවයි.

 



අදහස් (0)

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මැතිවරණයේ පස්වැනි අදියර ඇරඹේ
2024 මැයි මස 20 209 0

අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ය


මිල්කෝ නිෂ්පාදන ධාරිතාව ඉහළට
2024 මැයි මස 20 388 0

මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා පැවසීය.


ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 11ක් අක්‍රිය වෙලා
2024 මැයි මස 20 194 3

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිතකොට ඇති ස්වයංක්‍රිය,කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ක්‍රියාවිරහිතව ඇති බැ


ලී බඩු අලෙවිසැලේ ගින්නෙන් මුරකරු මරුට
2024 මැයි මස 20 254 0

මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ලි භාණ්ඩ හා කුෂන් පුටු නිෂ්පාදනය කරන දෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මොරටුමුල්ල පොල


බන්ධනාගාර නිලධාරීහු ලෙඩ වෙති
2024 මැයි මස 20 172 0

බන්ධනාගාර නිලධාරීහූ වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් අද (20) පෙරවරුවේ ආරම්භ කළේය.


‘ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කරන්න‘
2024 මැයි මස 20 414 3

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 820 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2371 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2035 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site