(රොමේෂ් මධූෂංඛ)
යාපනය පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගෙවත්තකඩ කඩාවැදීමෙන් ගෙවත්තේ සිටි වයොවෘද්ද අයෙකු ලොරියට යටවී මිය ගොස් ඇතැයි චුන්නාකම් පොලීසිය පැවසීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි ජේ.රාජන් නැමති ගොවියෙකි.
පලාලි සිට යාපනය දෙසට මෙම ලොරි රථය පුන්නාලෙයි කට්ටුවාන් මංසන්ධියේදී අධික වේගයකින් ධාවනය වී ඇති බවටත් එහිදී ලොරි රථයේ වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව විදුලි රැහැන් කණුවක්ද කඩාගෙන තවත් වාහනයක ගැටී අසල ගෙවත්තකට කඩාවැදී ඇත.
ඒහිදී ගෙවත්තේ කුඩා යන්න්‍රයකින් තණකොළ කපමින් සිටි නිවැසියා ලොරි රථයට යටවී බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මොන අපරාදයක්ද මේ ,මාරයා ලොරියකින්ද පැමිණිය හැක