‘‘ආණ්ඩුව විසින් අහිමිකළ ගොවි අයිතිවාසිකම් නැවත ලබා ගැනීමේ දැවැන්ත අරගලයකට ජවිපෙ සහය දෙනවා“ යැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි. එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවේ පළමු අයවැයෙන් මෙරට ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය කප්පාදු කරමින් ඔවුන්ට තිබූ එකම සහනයත් උදුරාගෙන ඇතැයි ද හෙතෙම කීය.
ඔහු මේ බව කිවේ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අම්බලන්තොට නගරයේ පවත්වාගෙන යන ගොවි සත්‍යග්‍රහයේ යෙදී සිටින ගොවියන් මුණ ගැසීමෙන් අනතුරුව ඔහු මාධ්‍යයට අදහස් දක්වමිනි.
ගොවි ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ නම් ඉදිරි ජනතා විරෝධතාවලට මුහුණ දෙන්න රජය සූදානම් විය යුතු බවත් ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වවුචර දීම නවත්තලාද? (නි)
කට වටකර වැට බඳින්න බැහැනේ. මොනවද මේ කියන්නේ? වකුගඩු ලෙඩවුණේ විෂ පොහොර භාවිතයෙන්. දැන් දෙන මුදලින් තමන්ට ඕනෑ පොහොරක් ගන්න බැරිද? (නි)
දැන් සනීප ඇති (නි)
පොහොර සහනාධාරය දුන් ආණ්ඩුව ගෙදර යවලා, සහනාධාර කපන ආණ්ඩුවක් පත්කරන්න දැවැන්ත අරගලයක් කළෙත් ඔය සහෝදරවරුම නේද? (නි)
මෙයාලම තමයි මහින්දව පන්නලා මේ අය බලයට පත්කළේ? එළියේ බොරුවට බයිලා කියලා පාර්ලිමේන්තුවේ මොකද කරන්නේ? (නි)
බොරු බයිලා කියල ඡන්දෙ ගන්න හිතාගෙන ඇති. රටට කළ දෙයක් නම් නැහැ. (නි)
මෙතැන ඉන්න ඔක්කොම හංසයාට කතිරය ගහපු අය නේද? දැන් බොරුවට දඟලනවා. (නි)
මහින්ද එළවාගත්තේ ඕවා නොදැනද? බැලුවහම අපිට තිබුන අනාගත දැක්මවත් දේශපාලන නායකයෝ විදියට මෙයාලට තිබිලා නැහැනේ (නි)
පොහොර සහනාධාරය නිසා ලොකුම සෙත වුණේ පෝර ගෙන්වන සමාගම් වලට. ගොවියා දිගටම රසායනික පොහොර වලට පුරුදු වුණා. දැන් ඒක බලෙන් ඉල්ලනවා. පොහොර සහනාධාර, වගා ණය, වගා රක්ෂණ, ගොවි විශ්‍රාම වැටුප්, කෘෂි උපදෙස්, වාරි මාර්ග ජලය මේ සියළු සහනාධාර දෙන්නේ අපේ බදු සල්ලි වලින්. ඒ කරලත් පාරිභෝගිකයට සහනයක් නැහැ. (නි)
අනේ විකාර වැඩ නොකර ඉන්න (නි)
ඔව් ඉතින් සහෝදරයන්ට ඡන්ද ටිකක් එකතු කරගන්න මොකක්හරි තියෙන්නත් එපැයි. මොකද නැත්තම් කරපු වැඩ ගැන කියලා ඡන්ද ගන්න පුළුවන්කමක් තියෙනවද? (නි)
බොරු සෝබන! ඊළඟ පාර හම්බවෙන්නේ නැහැ මේ පාර ලැබුන ආසන 4 වත්. ජනතාව දන්නවා ජවිපෙ කරන්නේ රට රැවටීමක් කියලා හොඳටම. (නි)
මෙතන අදහස් දාන ගොඩක් අයට අතීතය අමතකවීමේ රෝගය තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මහින්දව පරාජය කරන්න කියලා ජනතාවට කිව්වේ මොකද කියලා දන්නවා ඇතිනේ. මිනිසුන්ට කිව්වේ නැහැනේ යූඑන්පී සන්ධාන ආණ්ඩුවක් හදන්න ඡන්දෙ දෙන්න කියලා. මිනිස්සු දුරදිග නොබලා කටයුතු කිරීමේ වරද තමයි. (නි)
අතීතය අමතක වෙලා තියෙන්නේ අයට තව ඉදිරියට හොද හොද දේවල් ලැබේවි (ම)
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය තමා ජවිපෙ.ගහ දන්නා අපිට කොළ කඩාපාන්න එපා. (ම)
චන්න - ඔයාම කියන්න එහෙමනම් කාටද මිනිස්සු ඡන්දෙ දෙන්න ඕනේ. ඡන්ද ව්‍යාපාරය පුරාවටම හවුල් ආණ්ඩුවක් ගැන යුඑන්පිය මිනිසුන්ට පැවසුවානේ. මහින්දට ඡන්දෙ දෙන්න එපා නම් විකල්පයක් ලෙස තිබුනේ යුඑන්පිය පමණයි. (බ)
ජවිපෙ නියම දෙපිටකාට්ටු වැඩක් කරන්නේ. රජයට තිබෙන විරෝධයට නායකත්වය දෙමින් තම ඡන්ද පදනම රැකගන්නා ගමන් රජයට ඇති විරෝධයෙහි ශක්තිය හීනකර රජය පවත්වාගෙන යන්නට ශක්තිය සපයයි. "අගේ ඉදන් කන කෑම" කියන්නේ මේවට තමයි. (බ)
දරුණු කුනාටු මැදින් ලංකා නැව යාන්තම් ගොඩබිමක් පෙනෙන තෙක් මානයට ළං වෙනවිට අනුන්ගේ කීමට කපිතාන්ව අල්ලා මුහුදට දැමු අපි ගොඩබිම පෙනී පෙනී වෙනත් කප්පිත්තෙකුට දුන්නේ අපේ මෝඩකමය නිසාය . දැන් නැව නැවත මුහුදට, කුනාටු දෙසට තල්ලුවෙන බව පැහැදිලිය. මෙහෙම ගියොත් "අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්" කපිතාන්ව මුහුදට දැමු ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය,සිරියාව අද මිහිපිට අපායවල්ය. (බ)
අපිට නම් මතක නැහැ. මහින්ද එලවලා යු එන් පි ආන්ඩුවක් හදලා දෙන්න කියලා ජේ වි පෙ කිවුවා කියලා. මේ අදහස් දාපු අයම තමයි අලියගේ කරේ සීනුව එල්ලන්න හැදුවේ. කෝ එහෙම උනාද ? මහින්දගේ අයම තමයි යුඑන්පී එකට පැනලා මේ ආන්ඩුව හැදුවේ. හිතේ තියන දේවල් නොකියා ප්‍රායෝගිකව වෙච්චදේ කතාකරමු. (ස)
මේක ආණ්ඩුව ජේවීපී එකට දෙන පොඩි සපෝර්ට් එකක්...එහෙමත් නැත්තම් වැඩක් නැහැ නේ. (ස)