කොනැතක හෝ ගොවි සටන්, උද්ඝෝෂණ ගොඩනැගෙන්නේ නම් තමන් එය දකින්නේ සාධාරණ ප්‍රශ්නයක් ලෙස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (6) පැවසීය.
රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික අංශ සේවකයන්ට මෙන් වැඩවර්ජන කිරීමේ හැකියාවක් ගොවියාට නැති නිසා ඔවුන්ට තම අයිතිවාසිකම් හා වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් අවබෝධයක් ඇතිවූ විට පාරට බැස සටන් කිරීම ඉතා සාධාරණ බව තමන් රටේ ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශ කරන්නේයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාතික වාරි ගොවි සමුළුවට විශාල මුදලක් වැය කර ඇති බවට චෝදනා කර ඇති බව කී ජනාධිපතිවරයා මෙම සමුළුව පැවැත්වූයේ ගොවි ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසදීම වෙනුවෙන් බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ සංවිධානයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (6) පැවති ජාතික වාරි ගොවි සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියනි බිය නොවන්න, සම්මේලනයෙන් පස්සේ ඔබ ජිවිත සුඛිත මුදිත වෙයි. පොහොර නොමිලේ, වී වලට සුපිරි මිලක් අපි වයමු ගයමු ගී කියමු. (බ)
මේවා ඒ අවස්ථාවට කියන කතා විතරයි. (ම)
සාධාරණයි..ඒත් ඉතින් භාණ්ඩාගාරේ හිස්නේ , හැබැයි ඉතින් අප්සැට් එක වතුර නැතිවුනොත් මම වගකියන්නේ නැහැ කියල දෝස්මුරයක් දැම්ම එක.(බ)
අපි නම් ලබන පාර ඡන්දෙ දෙන්නේ පාරිභෝගිකයෝ ආරක්ෂාකරන දේශපාලකයෙකුට. කරුණාකර සහල් මිල අඩු කරන්න කටයුතු කරන්න. වෙනත් ආසියාවේ රටවල් සමග සංසන්දනය කරනකොට ලංකාවේ සහල් මිල ඉතා අධිකයි (නි)
අසීමිත අගයක් ඇති කතාවක් පමණද (බ)
ඉතින් එහෙම කියලා විතරක් හරියනවද?
මිදී ඇඹුලයි කිවුව කතාව වගේ ද නැත්නම් කපන්න බැරි අත සිඹිනවද කිවුව කතාව වගේද ? (බ)
සටන සාධාරන නම් ඉල්ලීම් ලබා දෙන්න.(ම)
ආරංචි වුන විදියේ හැටියට ඕකට කරන්න ගිය වියදමෙන් මුළු පොළොන්නරුවම කොටලා මඩ කරලා වී වගා කරන්න පුළුවන්ලු.(ම)
ඔබතුමා ගොවීන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්න (නි)
නමුත් හිටපු රජතුමාගේ දන්සල් වාර්තා කඩන්න මේ කපේදී ලැබෙන්නේ නැහැ. (නි)
එහෙනම් ඇයි උද්ගෝෂණ වලට එලව එලවා ගහන්නේ (රේ)
රටක බලය ගොවියා වේ. ගොවියාගේ බලය කෙසේවෙතත්, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගොවියාට පාරට බැස උද්ඝෝෂණය කරන්නට සිදුවීම කෙතරම් නම් ශෝචනීය තත්වයක්ද..? (නි)
කියලා වැඩක් නෑ ගොවීන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න.(හේ)
නිම්මි, මෙම කතාව 10 සැරයක් විතර කියවන්න. එතකොට තේරෙයි මේ කෝටි ගණන ගේනවද වෙන්කෙරුවද කියලා. (නි)
පොහාර මිල වැඩි කළාට ඔබට අපගේ ප්‍රණාමය! (බ)
ඔය සමුළුවට වියදම් කරපු සල්ලි වලින් ගොවි ජනතාවගේ ප්‍රශ්න කීයක් නම් විසඳන්න තිබුනද? බැලුවහම දෙපැත්තම එකයි. (නි)
හිටපු ජනාධිපතිට වඩා යමක් ගොවියාට කරන්න පුළුවන් වුණාද කියලා බලන්න ජනාධිපතිතුමනි. කතාවට වඩා එයයි වටින්නේ. (නි)
යල කන්නය පටන්ගන්නකොට තමයි මේ අයට දුවන්න වෙන්නේ (නි)
ඔහොම කියලා පමණක් මදි. ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් දෙන්න (නි)
අපේ රටේ ගොඩක් දේශපාලකයෝ දන්නේ නැහැ මොනවද ඒ අයගේ වගකීම් කියලා. රටේ දේශපාලකයෝ ඉන්නේ ජනතාව සටන් කරන්න කලින් ජනතා ප්‍රශ්න හොයලා ඒවාට විසඳුම් දෙන්න (නි)
නිම්මි, ඔයා මේක 10 පාරක් බැරි නම් 100 පාරක් කියවන්න. සමහරුත් ඉතින් ඔය වගේ එ්වා 100 පාරක් කිවුවත් එක පාරක්වත් නොකරන ජාතියේ අයනේ! (නි)
ඩුබායි පාලකයාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට මා සවන් දුන්නා. එතුමා කියා සිටියේ ජනතාව යමක් ඉල්ලන්නට පෙර ජනතාවගේ අවශ්‍යතාවය හඳුනාගෙන එයට පිළියම් යෙදිය යුතුයි කියායි. ඒකයි වෙනස.(බ)
මේ රටේ ජනපතිතුමාම පිළිගන්නවා නම් ගොවියන්ට සාධාරන ප්‍රශ්න තියෙන බව, කළයුත්තේ බොරු ප්‍රදර්ශන, සම්මේලන නොතබා එම මුදලුත් වැයකර ගොවි ප්‍රශ්න වහා විසඳීමට පියවර ගැනීමනේ. (නි)
තව තව ඉස්සරහට හොද හොද කතා ඇහෙන බව ජනතාව මතක තබාගන්න.(හේ)
මේකට ගිය කෝටි ගාන මෙයා ගෙදරින් ගේනවද දන් නැහැ. (හේ)
මේකට වියදම් කළ මුදලින් ගොවීන්ගේ ප්‍රශ්න වලින් කොටසක්වත් විසදන්න තිබුනා. අද තාක්ෂණය දියුණුයි . ලකුණු දමාගන්න කරන බොරු වැඩ නොකර ඉතාම අඩුවියදමෙන් ගොවියාගේ ප්‍රශ්න කතාකරලා විසදුම් දෙන්න වැඩපිළිවෙලක් කරන්න තිබුන.(කෞ)