මන්නාරමේ සිට මහනුවර බලා ආ බසයක මගීන් සිව් දෙනකු හරකුන් හතර දෙනකුගේ මස් රැගෙන එද්දී දඹුල්ලේදී අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
කිලෝ සියයක් පමණ වන මස් තොගය බෑග් වල දමාගෙන ගෙන එන බවට සිංහල රාවයට තොරතුරක් ලැබී ඇත.
මෙම මස් රැගත් පිරිස කැකිරාවේදී බසයට නැග ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජනී ලන්ඩන්, ඔබගේ මන්දබුද්ධික බාවයට මෙහෙ සිට බෙහෙත් දීම අමාරුය. මම දැකලා තියෙනවා ඔය ලන්ඩන් වල මිනිස්සු. ඉරිදට කෑම හදලා ඊලඟ සෙනසුරාදා වෙනකම් කනවා. ලන්ඩන් වල මිනිස්සු මස් නොකන බව දනිමි. ඔවුන් මස් කන්නේ වෙන කෙනෙකුගේ ගෙදර ගියාම. නිකන් ලැබුනොත්.මොකද ලන්ඩන් වල මස් මිල අධිකයි. ලැබෙන වැටුපෙන් මස් කන්න බැහැ. පරිප්පු සමග බත් කන ලන්ඩන් ලාංකිකයන් ගැන මම හොඳට දනිමි . මමත් කාලයක් හිටපු නිසා මේවා දනිමි. (නි)
හැමදාම සේනාව හොයන කට්ටිය දැන් රාවය,සේනාව මොකද කරන්නේ කියල අහන්නේ නැද්ද? ඉරිදා දවල්ට හරක් මස් කාලා නිදි ඇති.(නදී)
අපි නොදන්නා ලන්ඩන් රන්ජනී. නරියත් කිව්වලු මිදී තිත්තය කියලා , කන්න බැරි වුනාම. එන්ගලන්තයේ මමත් ජිවත් වෙන්නේ. මේක කිව්වේ ලොකු කමට නෙමේ. මේ ලන්ඩන් රන්ජනී ගේ බොරු ෂෝ එක නිසා. එහි සිටින සියයට 80ක් පමණ මස් නොකන්නේ ඔවුන්ට මිලදී ගැනිමට තරම් අදායමක් නොමැතිකම නිසා. නැත්නම් ගවයාට තිබෙන ආදරේ නිසා නොවේ. කොහොම වුනත් පිට තැනකින් නිකන් කන්න ලැබුනොත් පැනලා කලින්ම මස් ටික කන්නේ මේ රන්ජනිලා වගේ අය තමා. මා සමග තරහක් ඇති කර ගන්න එපා (නි)
කොහොම කොහොම හරි අහිංසක සතා මැරෙන එක විතරයි වෙන්නේ( දී)
මේ අය හරකුන් එක්ක මෙච්චර තරහ ඇයි ? ඉස්සර කොටි වෙන්න ඇති. (නදී)
අනේ මම නම් කියන්නේ මේ හරක් මරනවට විරුද්ද උන වගේම කුකුල්ලු මැරීමටත්, විරුද්ද උන නම් තමයි හොඳ. එතකොට එකත් එක්තරා මට්ටමකට අඩුකරගන්න පුළුවන් වේවි. ටිකක් කල් ඇරලා බලමු මාළු මරණ එකත් නවත්තන්න. එතකොට අපේ රටේ සියලු ප්‍රාණ ඝාතනය ඉවරයක් කරන්න පුළුවන් වෙවී. (ත)
හැසිරෙන්නේ ගව මස් දැකලා නෑ වගේ. (ත)
ලංකාවේ අඩුවට ගන්න පුළුවන් ප්‍රෝටීන් ආහාරය මෙයයි.වෙනත් ඒවා ගන්න සල්ලි කෝ? සතුන්ගේ වුනත් ජීවිත නේද? (නි)
හරකව දෙවියෙක් කියල වැදුම් පිදුම් කරන ඉන්දියාව තමයි ලෝකෙටම ගව මස් සපයන ලොකුම රට. මත්පැන් බීම නතර කරන්න කොන්ද පණක් නැහැ රන්ජනිලා වගේ හරක් ගැන කතා කරන අයට. මගුල් ගෙවල්වල මත්පැන් බොන්න බයිට් ගේන්නේ කොහෙන්ද දන්නේ නැහැ නේද? මස් කඩවලට ගියොත් වැඩියෙන්ම මස් ගන්න ඉන්නේ කව්ද කියලා හෙව්වොත් හොදයි (නි)
කවුරුත් දුක් වෙන්න එපා. දැන් විද්‍යාගාර වල කෘතිම මස් හදන ක්‍රමයක් හොයාගෙන තියෙනවා. බොරු නම් මේ ලින්ක් එකට ගිහින් බලන්න http://www.cbc.ca/news/technology/story/2013/06/06/technology-schmeat-in-vitro-meat-burger.html (නි)
හරක් මස් විතරයි මෙයාලට පේන්නේ. (ත)
ලෝකේ හැම රටකම හරක් මස් තියනවා. ඇත්තටම මේකෙන් දුප්පත් මිනිස්සුන්ට පහරක් වදිනවා. එම පෝෂණය තියන ආදේශක මස් වර්ගයක් හදුන්වා දුන්නොත් වටිනවා. කුමන සතෙකුගේ හෝ මස් අනුබවය හෝ ඝාතනය පවක්. මිනිසා සර්ව බක්ෂක ජීවියෙක් නිසා මාංශ අනුභවය ආරම්බයේ සිට තිබුන දෙයක්. කෙටියෙන් මට හිතෙන්නේ එහෙම. (නදී)
කාංචන කුමාර ආරියදාස මාද්‍යවේදී මහතාණෙනි , මම හරිම සතුටුයි ඔබගේ පුවත් කියවන්නට. ජනගහනය අඩු සහ විශාල ලෙස නාගරීකරණය නොවූ දඹුල්ල වැනි නගරයකින් නිතරම ඔබ වෙනස් ආකාරයක පුවත් සපයාගැනීම ඔබගේ දක්ෂකමය.(නදී)
හෙට අනිද්දා වෙනකොට තවත් අලුත් ක්‍රම හොයා ගනීවි. (නි)
හරක් මස් කන අය හරක්ම තමයි. (නදී)
චරිත් සේරසිංහ, මම දැනන් හිටියේ නැහැ ගව මස් කෑම නැවත්තුවොත් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට ප්‍රස්නයක් වේවි කියලා. ගවයා ගැන කෑ ගහන්නේ මොකද කියල දන්නේ නැත්තේ ඔබ ලංකාවේ නොවේද ඉන්නේ? අපි එංගලන්තේ ඉදලත් හරක් මස්වලින් හදන බර්ග එකක්වත් කන්නේ නැහැ. ගවයෝ කියන්නේ? චරිත් 'ලොකු සම්පතක්' අඩු තරමින් නිහාල් නෙල්සන් කියන "එපා,එපා මස් කන්නට කිරි අම්මාගේ" ගීතයවත් අහන්න.(නදී)
බස් කොන්දොස්තරගේ නොමසුරු සහයෝගය ලැබෙන්න ඇති. නැත්නම් කොහොමද?(නදී)
මේවා දෙවියොම බලා ගන්න ඕනේ (දී)
සිංහල රාවය මේ අයට මොකද කලේ.(නදී)
අයියෝ හරක් හතර දෙනාම කිලෝ 100 ද බර ? ඔවු ඉතින් ලංකාවේ හරක් නේ (නි)
මිනිස්සු ගෙරි මස් බුදින එක නවත්වන්නේ නැහැ. මිනිස්සු නෙමෙයි සත්තු වර්ගයක් මිහිපිට ඉන්නේ දැන් (නි)
මම සරෝජ් මහතාගේ කතාව අනුමත කරමි . අපි නොදන්නා ලන්ඩන් රන්ජනිලා.(නදී)
ලංකාවේ ඉන්න බහුතරයකට හරක් මස් මිසක් වෙන සතෙකුගේ මසක් පෙනෙන්නේ නැහැ. සියලු සත්වයන්ටම ආදරය කරන්නේ නැතුවා වගෙයි, හරකට පමණයි ආදරය කරන්නේ. ලංකාවේ සෑම මසක්ම තහනම් කළ යුතුයි. (නි)
මස් විකුනපු කෙනාම ඔත්තුව දීල අති . මේකෙන් වෙන්නේ ගව මස් මිල අදික වීමත් හොර හරක් මස් වෙලදාමත් සිදු වීමයි. ගව මස් වලට ගිජු අය එය කියට හෝ මිලදී ගන්නවා.(නදී)
ගව මස් තහනම් කිරීම නිසා සිදුවන දේවල්. රජයේ ඉහල නිලදාරින්ට මැති මැති වරුන්ට ඕස්ට්‍රේලියා ඉඳලා කෙලින්ම ගව මස් ලැබෙනවා. එය මිල කීයක් උනත් ඔවුන්ට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ගව මස් කන දුප්පත් ලාංකිකයට තමා මේකෙන් ප්‍රස්නේ. මට නම් වැටහෙන්නේ නැහැ ගවයා ගැන විතරක් මොකද මේ කොටසක් කෑ ගහන්නේ. අනික් සතුන් සතුන් නෙමේද? මිනිස් ජිවිත සතුන්ට වඩා පහත්ද ? නිකරුනේ නැතිවන මිනිස් ජිවිත ගැන කිසිම කෙනෙක් කතාවක් නැහැ.(නදී)
රන්ජනී කියන කතාව හරියටම හරි. මොලයක් නැති මෝඩයන්ට කොහෙද මේවා තේරන්නේ. ඔක්කොටම කලින් හිතන්නේ බඩගෝස්තරය ගැනයි.(නදී)
මනුස්සයෙකුට මස් නොකා සිටීමෙන් කිසියම් මන්දපෝෂණයක් හැදෙන්න පුලුවන්ද? දන්නා කෙනෙක් දාන්නකෝ ප්‍රතිචාරයක් (නි)
දැඩි දඬුවම් දීම මගින් මෙවැනි කුරිරු ක්‍රියා අවම කරගත හැකිය.(නදී)
දැඩි දඬුවම් දීම මගින් මෙවැනි කුරිරු ක්‍රියා අවම කරගත හැකිය.(නදී)
ඔව් ඉම්රාන්, හරක් හිතන්නේ හරක් ගැන පමණි. (අ)
සෙනරත් මහතාට ලියමි. මනුෂ්‍ය ජිවිතයට මස් අවශ්‍යම නැත. මස් වලට සමාන වෙනත් පෝෂ්‍යදායක ආහාර එමට තිබේ. පරිප්පු සෝයා බෝංචි වාගේ තව බොහෝ එළවලු ඇත. මස් නොකා හොඳ ශරීර සෞඛ්‍යයෙන් ජිවත්වන බොහෝ දෙනා ලෝකයේ සිටිති. මස් වරක් කාපු කෙනා තව වරක් කෑමට ගිජු කමක් දක්වයි.අනික් එක ලංකාව වාගේ රටක සමහරු තමන්ගේ වත්කම පොහොසත්කම දැක්විමට මස් කති. ළමයින්ට කවති. පසුව ඔවුන් මස් වලටම ගිජුවේ.එළවලු කන අය බොහෝ විට ලෙඩ රෝග වලින් අඩුය. (නි)
දිනේෂ්, ස්ත්තුති ඔබට ඔබ වැනි අය ලංකාවේ ටික දෙනෙක් තමා ඉන්නේ.(අ)
මස් බැග් ටික පොලිසියට නේද ගෙනිහින් තියෙන්නේ. කැකුණ ඇට තැලුවම ජය මගුල් වාගේ ඇතිනේ? (අ)