බැඳුම්කරයක් මත මුදාහල ගවයින් අට දෙනකු වෙනුවෙන් අධිකරණයට ගෙවීමට සිදුව ඇති රුපියල් තුන්ලක්ෂ පනස් දහසක දඩ මුදල සොයා ගැනීම සඳහා සත්ත්ව සුබ සාධන භාරයේ මාතර දිස්ත්‍රික් නියෝජිත හා මැද්දවත්ත නාගබෝධියේ මහ විහාරාධිපති අංගුන්න බදුල්ලේ ඥානදස්සි හිමියෝ මහජන මුදල් සම්මාදම් කිරීමේ ව්‍යාපාරයක් ඉකුත් සිකුරාදා (26) මාතර ඵෙතිහාසික බෝධීන් වහන්සේ අභියසින් ඇරඹුහ.
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා උන්වහන්සේට රුපියල් පනස්දහසක් පිරිනැමීමට පොරොන්දු විය.
ඥානදස්සි හිමියෝ මෙසේ කීහ.
‘‘නිති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව තිහගොඩ පොලිසිය අත් අඩංගුවට ගත්තා. එම ගවයින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී 2012 වසරේ අප්‍රේල් මස 02 වැනි දින සත්ත්ව සුබ සාධන බාරයට මා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක බැඳුම්කරයක් මත එම ගවයන් ලබාදුන්නා. නැවත වසර දෙකකට පසු ඒ ගවයින් ඉකුත් 10 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබුණා. එම ගවයින් බිබිල ප්‍රදේශයේ පවුල් කිහිපයක් ගොවිතැනට යොදාගෙන සිටින බවට මාගේ නීතිඥයින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ගවයින් අධිකරණයට ඉදිරිපත් නොකළ නිසා බැඳුම්කරය රාජ සන්තක කර එය දඩයක් ලෙස අය කරගන්නා බවත් දඩය නොගෙවන්නේ නම් මාස 6 ක ලිහිල් සිර දඬුවමක් මා වෙත ලබා දීමට අධිකරණය නියම කළා. එසේ නොවුනහොත් සිර දඬුවම් ලැබෙනවා. ගවයින්ට අභය දානය ලබාගැනීම පිණිස මුදල් එකතු කිරීමට සිදුවුණා.”
පළමු දිනයේ තවත් රුපියල් තිස්දහසක පමණ මුදලක් එකතුවී තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේරාගත් සතුන් අවුරුදු දෙකක් පන්සලේ තියාගන්න පුළුවන්කමක් නැහැනේ. ඇයි ඒක තේරෙන්නේ නැත්තේ. (නි)
හාමුදුරුවෝ ලොකුපිකමක් කරලා තියෙන්නේ. අපිටත් අදාරයක් කරන්න තිබුන බැංකු ගිනුමක අංකය පලකලානම්.(දී)
ටිකක් අපැහැදිලි කතන්දරයක්. කෙසේ නමුත් මෙම ගවයන් ටිකමේ නැවත දවසක වෙනත් කෙනෙක් මරන්නට අල්ලාගෙන ගියොත් නැවතත් බේරා ගැනීමට මහා ජනතාවගෙන් මුදල් එකතු කරන්නට සිදු වෙනවා නේද? ගවයන් මුදාගැනීම යනු කිසිම විසඳුමක් නැති ගැටළු සහිත මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් බවට පත් වෙලා වගේ තමයි පෙනෙන්නේ. (දී)
මේ කටුත්තට සහයෝගය ලබා දීම යුතු කමක්. හරක් ලබා ගත් උදවිය හරියට ඒ කටයුත්ත කලාද කියා දන ගන්න කැමතියි (දී).
මස් කෑමෙන් ශරීර දුරුවල වෙනවා (දී)
තෙරුවන් සරණයි (දී)
මට නම් හිත ගන්න බැහැ මොකක්ද ඔය තීන්දුව කියලා. (දී)
ලොකු පින්කමක් (දී)
අනේ කවුරු කවුරුත් හැකි පමණින් උපකාර කරන්න පිනක් ලැබෙයි (දී)
මේ ගැන මට නම් හරිම කණගාටුයි. හාමුදුරුවන්ට සාධාරණයක් වේ යැයි මම සිතනවා (නි)
ගවයින් ටික උසාවියට ගෙනවිත් ඉදිරිපත් කළා නම් වැඩේ ඉවරයිනේ අපේ හාමුදුරුවනේ. එසේ නැත්නම් මෝසමක් මඟින් වෙනත් ළඟ උසාවියකට හෝ ඉදිරිපත් කරන්න තිබුනා. බැඳුම්කරයක් මත ලබාගත්තා නම් ඊට අනුව කටයුතු කරන්න වෙනවනේ. (නි)