IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ගව දඩේට සල්ලි හොයන්න හිමිනමක් පාරට බහී

බැඳුම්කරයක් මත මුදාහල ගවයින් අට දෙනකු වෙනුවෙන් අධිකරණයට ගෙවීමට සිදුව ඇති  රුපියල් තුන්ලක්ෂ පනස් දහසක දඩ මුදල සොයා ගැනීම සඳහා සත්ත්ව සුබ සාධන භාරයේ මාතර දිස්ත්‍රික් නියෝජිත හා මැද්දවත්ත නාගබෝධියේ මහ විහාරාධිපති අංගුන්න බදුල්ලේ ඥානදස්සි හිමියෝ මහජන මුදල් සම්මාදම් කිරීමේ ව්‍යාපාරයක් ඉකුත් සිකුරාදා (26) මාතර ඵෙතිහාසික බෝධීන් වහන්සේ අභියසින් ඇරඹුහ.

තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා උන්වහන්සේට රුපියල් පනස්දහසක් පිරිනැමීමට පොරොන්දු විය.

ඥානදස්සි හිමියෝ මෙසේ කීහ.

‘‘නිති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව තිහගොඩ පොලිසිය අත් අඩංගුවට ගත්තා. එම ගවයින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී 2012 වසරේ අප්‍රේල් මස 02 වැනි දින සත්ත්ව සුබ සාධන බාරයට මා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක බැඳුම්කරයක් මත එම ගවයන් ලබාදුන්නා. නැවත වසර දෙකකට පසු ඒ ගවයින් ඉකුත් 10 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබුණා. එම ගවයින් බිබිල ප්‍රදේශයේ පවුල් කිහිපයක් ගොවිතැනට යොදාගෙන සිටින බවට මාගේ නීතිඥයින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ගවයින් අධිකරණයට ඉදිරිපත් නොකළ නිසා බැඳුම්කරය රාජ සන්තක කර එය දඩයක් ලෙස අය කරගන්නා බවත් දඩය නොගෙවන්නේ නම් මාස 6 ක ලිහිල් සිර දඬුවමක් මා වෙත ලබා දීමට අධිකරණය නියම කළා. එසේ නොවුනහොත් සිර දඬුවම් ලැබෙනවා. ගවයින්ට අභය දානය ලබාගැනීම පිණිස මුදල් එකතු කිරීමට සිදුවුණා.”

පළමු දිනයේ තවත් රුපියල් තිස්දහසක පමණ මුදලක් එකතුවී තිබුණි. 

SAM_1283

SAM_1284 SAM_1286



අදහස් (0)

ගව දඩේට සල්ලි හොයන්න හිමිනමක් පාරට බහී

කුමාර Monday, 29 September 2014 03:23 AM

බේරාගත් සතුන් අවුරුදු දෙකක් පන්සලේ තියාගන්න පුළුවන්කමක් නැහැනේ. ඇයි ඒක තේරෙන්නේ නැත්තේ. (නි)

:       0       0

සෙනරත් Monday, 29 September 2014 03:34 AM

හාමුදුරුවෝ ලොකුපිකමක් කරලා තියෙන්නේ. අපිටත් අදාරයක් කරන්න තිබුන බැංකු ගිනුමක අංකය පලකලානම්.(දී)

:       0       0

සෙනරත් Sunday, 28 September 2014 02:49 PM

ටිකක් අපැහැදිලි කතන්දරයක්. කෙසේ නමුත් මෙම ගවයන් ටිකමේ නැවත දවසක වෙනත් කෙනෙක් මරන්නට අල්ලාගෙන ගියොත් නැවතත් බේරා ගැනීමට මහා ජනතාවගෙන් මුදල් එකතු කරන්නට සිදු වෙනවා නේද? ගවයන් මුදාගැනීම යනු කිසිම විසඳුමක් නැති ගැටළු සහිත මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් බවට පත් වෙලා වගේ තමයි පෙනෙන්නේ. (දී)

:       0       0

වසන්ත Sunday, 28 September 2014 08:17 AM

මේ කටුත්තට සහයෝගය ලබා දීම යුතු කමක්. හරක් ලබා ගත් උදවිය හරියට ඒ කටයුත්ත කලාද කියා දන ගන්න කැමතියි (දී).

:       0       0

සාලිය Sunday, 28 September 2014 09:34 AM

මස් කෑමෙන් ශරීර දුරුවල වෙනවා (දී)

:       0       0

අශේන් Sunday, 28 September 2014 09:38 AM

තෙරුවන් සරණයි (දී)

:       0       0

රෝහණ Sunday, 28 September 2014 09:38 AM

මට නම් හිත ගන්න බැහැ මොකක්ද ඔය තීන්දුව කියලා. (දී)

:       0       0

ශෝභන Sunday, 28 September 2014 10:11 AM

ලොකු පින්කමක් (දී)

:       0       0

දයා අලහාකොන් Sunday, 28 September 2014 10:10 AM

අනේ කවුරු කවුරුත් හැකි පමණින් උපකාර කරන්න පිනක් ලැබෙයි (දී)

:       0       0

කසුන් Monday, 29 September 2014 01:54 AM

මේ ගැන මට නම් හරිම කණගාටුයි. හාමුදුරුවන්ට සාධාරණයක් වේ යැයි මම සිතනවා (නි)

:       0       0

චාමික Monday, 29 September 2014 02:24 AM

ගවයින් ටික උසාවියට ගෙනවිත් ඉදිරිපත් කළා නම් වැඩේ ඉවරයිනේ අපේ හාමුදුරුවනේ. එසේ නැත්නම් මෝසමක් මඟින් වෙනත් ළඟ උසාවියකට හෝ ඉදිරිපත් කරන්න තිබුනා. බැඳුම්කරයක් මත ලබාගත්තා නම් ඊට අනුව කටයුතු කරන්න වෙනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1534 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1672 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site