ගව ඝාතකයන්ට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගිහි පැවිදි පිරිසක් අද (02) බණ්ඩාරගම කලුතර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.
පසුගිය දිනෙක කොතලාවල පරමනාගල චිත්ත විවේකාරාමයේ ඇති දැඩි වූ 'සුභා' නම් ගවය සොරකම් කොට ඝාතනය කිරීම මුල්කරගෙන වල්ගම චන්දරතන හිමිගේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.මේ සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පෙනෙන්නේ මේ අයට අලියි හරකුනුයි විතරයි සත්තු. අපි දන්නා බුද්ධාගමේ නම් සියලු පණ ඇති අය මරණ එක පවක්. (නි)
අනේ මෙයාලගේ සත්ව අවිහිංසනය! චිකන්, බීප් පව් නැද්ද? (නි)
අපේ අනාගතය තීරණය කරන්නේ ඔය කට්ටිය නොවේ හරක් මස් කන කට්ටිය. ඔයාලගේ ඡන්දය කොහොමත් අපිට හම්බ වෙනවා අපිට එ්ක කොහොමවත් කරන්න බැහැ සංහිදියා අවශ්‍යතාවය පෙරට (බ)
මේකේ කොමෙන්ට් දාල තියෙන්නේ එක සිංහල බෞද්දයෙක් පමණය අනිත් කට්ටිය හරක බෙදා හදාගෙන කන කට්ටිය (බ)
පෘතුග්‍රීසි සරණ ගිය අයට මේ පුවත අදාල නැහැ (බ)
මෙයාල බෞද්ධ ද හින්දුද? හින්දු අයනම් ගවයන් මරනවට විශේෂයෙන් විරුද්ධයි. බෞද්ධයො නම් සියලු සතුන්ට මෛත්‍රි කළ යුතුයි. හරකාගේත් කුකුලාගේත්, හාල්මැස්සාගේත්, කූණිස්ත්සාගේත්, කූඹියාගේත් පණ එක හා සමාන නොවේද? (බ)
ලංකාවේ 80%ක් ඉන්න බෞද්ධ අය හරක් මස් කෑමෙන් වැළකුණා නම් ගවයන් කීදෙනෙක්ගේ ජීවිත බේරාගන්න පුළුවන්ද (බ)
බුදුන්ගේ දර්ශනය අනුව කිසිදු සත්වයෙක් මැරීම අනුමත කරලා නැහැ. (බ)
අපේ ගම පළාතේ නම් මස් මාළු නැතුව පන්සලට දානෙ දුන්නම .. හාමුදුරුවෝ දායකයින්ට කුණුහරුපෙන් බනිනවා .. නැත්තම් එයාලම කඩෙන් මස් ගෙන්වාගෙන උයාගෙන කනවා ... මෙවෙනි රටක කොහොමද සත්ව හිංසාව මනුස්සයන්ගෙන් තුරන් වෙන්නේ ...(බ)
මේ සතා වගේම අනෙක් සතුන්න්ටත් ඔවුන්ගේ ජීවිතය ලොකුයි. අපි හැමෝම වගේ. අපිත් මේවට විරුද්ධ වෙලා කඩෙන් මස් අරන් කාල අපව පිනවා ගන්නවා. එ්ක සාධාණය කරන්න හදනවා. අදවත් මේගැන ටිකක් හිතන්න. අපව පාලනය කරගන්න උත්සාහ වන්න. (බ)
අනේ මේ කමෙන්ට්, ඔක්කොම මරන එක නවත්තන්න ඉස්සෙල්ල හරක් මරන එක නවත්තන්න උදව් කරපල්ලා, එකින් එ්ක නවත්තද්දි ඔක්කොම නවති. නොවෙන වෙදකමට කෝදුරු හත්පට්ටියයි තව මොනවදයි ඕනෙ කිවුව වගෙ නොකෙරෙන්න කතා කරන්න එපා. (බ)
නාමල් හරක් මරන්න කලින් මාළු මරණ එක නවත්තමු.ඊට පස්සේ අනිත් එව්වා නවත්තමු. (බ)
තමන්ගේ රසවින්දනයට සතුන් මැරීම සාධාරණීකරනය කරන මිනිස් වෙස් ගත් අමනුස්සයොත් ඉන්නව. ඒත් මේ කොමෙන්ට් වල තියෙන්නේ බහුතර මතය නෙමේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ ජනමත විචාරණයක් තියල මේ වගේ පව්කාර වැඩ වලට පොදු මතය සලකා බලමුද? (බ)
මේ සිංහල බෞද්ධ රටේ ගව ඝාතනය නතර කිරීමට කිසිම දේශපාලන නායකත්වයකට උවමනාවක් නැහැ (නි)
මිනිසුන් හරිමඟ යවන්න අනුශාසනා කරන හාමුදුරුවනුත් පාරවල් අවහිර කරගන උද්ඝෝෂණ කරනවා. මේකෙන් පොදුජනතාවට වෙන හිරිහැරය ගැනත් සිතා බැලිය යුතුයි. (නි)
ගවයෙක් වෙනුවෙන් මාර්ගය අවහිර කරමින් දහස් ගණන් ජනයාගේ දෛනික ජීවිත තර්ජනයට ලක්කරමින් ගවයන් ලෙස හැසිරීම අනුමත කරන්න බැහැ. එක හොරෙක් ගවයෙක් මරාදැමීම නිසා බණ්ඩාරගම-කළුතර මාර්ගයේ යන සියළු දෙනාගෙන්ම පළිගැනීම අසාධාරණ නේද? (නි)
අනේ! හරක් විතරද පණ ඇති සතුන්ට ඉන්නේ? මම නම් කියන්නේ ඔය බොරු වැඩ නතර කරන්න. එහෙම නැත්නම් සියලු සතුන්ට නිදහසේ ඉන්න දෙන්න කියලා ඔය විරෝධය පාන්න. (නි)
මාර්ග අවහිර කර සාමාන්‍ය ජන ජීවතය අඩාලකර, මෙවැනි උද්ඝෝෂණයක් පවත්වනවාට වඩා, මාර්ගය අවහිර නොකර නීතිගරුකව, මාර්ගය භාවිතා කරන මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර, සාමකාමී විරෝධතාවයක් පැවැත්වීමෙන් පමණක් සත්ව හිංසාව සහ මනුෂ්‍ය හිංසාව යන දෙකම වළක්වා ගතහැකියි (නි)