පීදෙන ගොයමට ජලය නොමැතිව හම්බන්තොට තම්මැන්නාවේ ගොවි පවුල් 500ක් පමණ සුසුම් හෙළති. මෙම වැවට ස්ථිර වාරි යෝජනා ක්‍රමයක් නැත.
වතුර නැතුව එක් අතකින් ද වල් අලි ප්‍රශ්නයෙන් තවත් අතකින්ද පීඩා විඳිති. ඉඩම් හිමි ගොවියෝ වැස්සක් එනතුරු වැස්ස වළාහක දෙවියන් කන්නලව් කරති.
1982 සිට වැව යටතේ ගොවිතැන් කරනුයේ වැසි ජලයේ ආධාරයෙනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවිතැන් මොකටද ? ගුවන් තොටුපොළක්, වරායක් තියෙන්නේ ඒ මදිය ? (බ)
මල් වැස්සෙන් ගොවිතැන් කරන්න බෑ රූපවතී. (ර)
අපි හිතුවේ මහින්ද එහෙ ඔක්කොම ප්‍රශ්න විසඳලා කියලා (බ)
අනේ ඒ අසරණයිනට වැස්ස වලාහක දෙවියනේ ලස්සන මල් වැස්සක් අද රාත්‍රියේම ඇද හැළේවා ! (බ)
දුක් පිඩා විදින මිනිසුනේ ප්රත්යක්ෂව දැනගෙන කියන මේ කාරණය අසව්, සොබාදහම කියන්නේ ඔබේ වසඟයේ පවත්වන්නට බැරි එහෙත් සත්වයාගේ හැගීමට සංවේදී ධර්මතාවයක් , එනිසා මේ ධාතු හතරට එනම් පෘතුවි ධාතු ( පස් )අපෝ ධාතු (වතුර ) තේජෝ ධාතු (උණුසුම ) වායෝ ධාතු (සුළග )මෙත් සිත වඩව් , ටික දිනක් මෙලෙස කරද්දීම , සොබා දහම ඔබට කාරුණික වන හැඩ බලව් , ගස් වල මල් පිපේ , කෙත් වතු සරුසාර වේ. අත්හදා බලව්. (බ)
හරිම සුන්දර පරිසරයක්. (ර)
ඇයි මේ ජනතාවට වලවේ ගංගාවෙන් මේ වැවු වලට ජලය ලබා දීමට හැකි මගක් කිසිවෙක් කල්පනා නොකරන්නේ නිරන්තරයෙන් මුදට ගලා යන මේ ජලය අවට වැවු වලට හරවා දීමට රජය හා අදාල වාරි අංශ කටයුතු කළ යුතුයි. අනවශ්‍ය වැඩ සදහා මුදල් යෙදවීමට පෙර රටට බත සපයන මාර්ග පෝෂණය කළ යුතුව ඇත (බ)
කේන්ද්‍රීය ජල පද්ධතියකට සොබා ධර්මයෙන්ම උරුමකම් කියන රටක මිනිස්සු නේද මෙහෙම වතුර නැතුව දුක් විඳින්නේ.. මුහුදු ජලය පිරිසිඳු කරලා අරන් මහා පරිමාණයෙන් එළවලු පලතුරු වවනවලු අරාබියේ මිනිස්සු. එ්ත් අපේ පාලකොයෝ විසින් මිනිස්සුන්ව අහසින් වතුර වැටෙනකම් බලන් ඉන්න තැනට පත්කරලා තියෙනවා (බ)
මේවට උදව්කරන්න කවුරුවත්ම නැද්ද .පව් මේ මිනිස්සු (බ)
හමබන්තොට කියන්නේ සුද්දගේ කාලේ ඉඳල දුක් විඳින ජනතාවක් ඉන්න පළාතක්, අපි නම් හිතුවේ කොරපු සංවර්ධනේ හැටියට හමබන්තොට මිනිස්සු සුකිත මුදිත වෙලා ඇලදොළ ගංගා පිරිලා ඉතිරිලා ඇති කියලනේ... (ර)
මමත් කතරගම හිටපු මිනිහෙක් හැටියට දන්නවා ඒ පැත්තේ තියෙන ප්‍රශ්න .එත් මේ පාලකයන්ට ඒවා තේරෙන්නේ නැහැ. එයාලට ඕනේ එයාලගේ තත්ත්වේ , තනතුරු , නම්බුනාම විතරයි. සමහරු කෝටි ගණන් ගඩොල් ගොඩවල්වලට {කාර්යාලවලට}දීගෙන , තවත් අය කටමැත දොඩවමින් ඉන්න රටේ ඔයාලට කතරගම දෙවියන්ගේම පිහිට ලැබේව! ඒ අනුහසින් පාලකයින්ගේ ඇස්,කන් ඇරේව! (අ)