ලෝකයේ දුප්පත්කම අඩු රටවල් දහය අතුරින් දහවැනි ස්ථානය සෞදි අරාබියට හිමිව ඇතැයි ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි.
ලෝක බැංකුව සිදු කළ සමීක්ෂණයකදී මෙම කරුණු හෙළී වී ඇතැයි ඇරැබි නිවුස් වෙබ් අඩවිය සදහන් කරයි.
ලෝක බැංකුවේ ශ්‍රේණිගත කිරිම් අනුව ලෝකයේ අඩුම දුප්පත්කමින් පෙළෙන රට ලෙස ශ්‍රේණී ගත කර ඇත්තේ තායිවානයයි.
තායිවානේ දුගී බවේ ප්‍රතිශතය 5% කි.දෙවන ස්ථානය හිමිව ඇත්තේ මලයාසියාවයි.එහි දරිද්‍රතාව 3.8% අතර තුන්වැනි ස්ථානය 5.5% අයර්ලන්තය,ඔස්ට්‍රේලියාව 6.2% ලෙසද තායිලන්තය හා ප්‍රංශය 7.8% ලෙසද ස්විට්සර්ලන්තය7.9% ලෙසද කැනඩාව 9.4%,නෙදර්ලන්තය10.5%ලෙසද ලෝක බැංකුවේ වාර්තා අනුව 12.2 % ලෙස දරිද්‍රතාව ඇති රට ලෙස සෞදි අරාබිය නම් කැර ඇත.
සෞදි අරාබිය ගල්ෆ් කලාපයේ දරිද්‍රතාව අඩුම රට වශයෙන් ඉදිරියෙන් සිටින බවද වාර්තා වේ.
සෞදි අරාබිය විසින් වාර්ෂිකව අධ්‍යාපනය ,සෞඛ්‍ය ,යටිතල පහසුකම් සදහා සෞදි රියාල් බිලියන ගණන් වියදම් කරමින් දුගී බව අවම කිරීමට කටයුතු කරන බවද සදහන් කරයි.
සෞදි අරාබිය විසින් දුප්පතුන්,වයස්ගත පුද්ගලයින් ,ආබාධිතයින් ,අනික් දරුවන් හා රැකියාවන්වලදී අනතුරට ලක් වු වන් සදහා විශේෂ දීමනාද ගෙවයි.
සෞදි රජයේ ප්‍රධාන අරමුණ වන්නේ දිළිදු කම තුරන් කිරීම බව පවසන එම වෙබ් අඩවිය ආර්ථීක නිශ්පාදන වැඩි කිරීම විද්‍යෘව හා තාක්ෂණය උසස් මට්ටමකට ගෙන ඒම තුලින් ඉදිරියට යාම සදහා උනන්දු කිරීම බවද පවසයි.
සෞදි අරාබිය ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවාද වන අතර සියයට හතරක ප්‍රතිශතයක් වාර්ශිකව රටවල් 110 කට පමණ විවිධ මානුෂිය ආධාර ලබා දෙන බවද පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබිය ගැන කතා කරපු හැටිය තුවන්ලා, මොම්මඩලා.අබ්දුල්ලලගෙන් අදහස් පීරී ඉතිරී යනවා. ඒ අය හිතන්නේ සෞදිය ඒ අයගේ කියලා. සෞදි අරබියේත් ලංකාවේ අයට දැන් තැන නැතිවීගෙන යන්නේ මේ ය නිසා තමයි. (ස)
මධු ඔයාගේ අදහසට මන් එකග වෙන්නේ නැ මන් ඉන්නේ ඩුබායි වල මෙහෙ තෙල් නැ නමුත් ලෝකේ හැම ජාතින්ම රැකියා හොයාගෙන මෙහෙ එනවා. රැකියා වගේම අදායම් මාර්ගත් මෙහෙ තියෙනවා මේ ගොල්ලන් තෙල් වලින්ම දැන් යෙපෙන්නේ නෑ. (ස)
කොහොම වුණත් වර්තමානේ අපේ රටේ බහුතර හෙළයෝ මුස්ලිම් මිනිස්සු එක්ක හරි තරහින් ජිවත් වෙන්නේ.ඒවාට වගකිව යුතු පිරිසක් ඉන්නවා. මම නම් දැකලා නැහැ එක සිංහල මිනිහෙක් හෝ කාන්තාවක් මැදපෙරදිග ගොස් හම්බ කරගෙන ඇවිල්ලා හොඳයි කියලා කියනවා, හැබැයි අායෙත් රිංගන්නෙම අරාබිකාරයෝ හොයාගෙන, ඇත්ත ලියනකොට හෙළයාගේ ඇඟේ මාලු නටනවා! (නි)
තුවාන්,මුස්ලිම් අයට නම් ප්‍රශ්නයක් නැහැ. මට ඉගෙනගන්න අවශ්‍යතාවයකුත් නැහැ. තරහක් මරහක් නැහැ තුවාන් ඔබ සමග (නි)
සදුන්,මධු,මෙසපොතේමියා, හරප්පා, ඊජිප්තු ශිෂ්ටාචාර ගැන දැනුමක් නැහැ වගෙයිනේ. ඔයගොල්ලෝ මොනවද ලෝකය ගැන දන්නේ ? සුද්දා කියපු කරපුවා විතරයි ඔයගොල්ලෝ දන්නේ. මම කතාකළේ ඇත්ත. ඇත්ත කතා කරන්න බයවෙන්න ඕනෑද? (නි)
අපේ ලංකාවේ කම්මැලි අයියලා කොච්චර පුරසාරම් දෙඩුවත් අපේ අක්කලාව රට යවලා ඒ අක්කලාගේ දහඩියෙන් ශ්‍රමයෙන් ඒ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ලංකාවට නොලැබෙන්න මෙලහකටත් වෙන්නේ පිගානක් උස්සාගෙන පාර දිගේ යන්න තමයි (නි)
පෙම්බර මධු, සෞදියේ තෙල් ඉවරවුණොත් ඔයාද අනේ අපිට තෙල් දෙන්නේ? (නි)
සෞදිය කියන්නේ උස්ස රටක්. අපි ආදර්ශයට ගන්න ඕනෑ එවැනි රටවල්.මෝඩයෝ වගේ අදහස් දාන්න එපා .ගැහැනු සෞදියට යවන එක නැවැත්තුවා නම් ගුටි ගැහිලි, දුෂණ වෙන්නේ නැහැ.ජය වේවා සෞදියට!අහෝ ලංකා දිනෙන් දින අගාධයට! (නි)
සෞදි අරාබිය කියන්නේ අපේ මුළු ලංකාවම ගියත් රැකියා දීලා තුන් වේලම බඩ කට පිරෙන්න කන්න දෙන්න පුළුවන් රටක් (නි)
ෂෙරිෆ්, ඔය ගොල්ලන්ට අරාබිය සුරපුරක් වෙන්න ඇති. ඒත් කන්න දෙන පලියට ලංකාවට නිගරු කරන්න එපා. මතකනේ කන්න දුන්නා, රිසානාට. ඇණ ගහපු අපේ අම්මලට, සෞදි අරාබිය කියන්නේ මිහිපිට අසූචි නගරය. (ස)
ෂෙරිෆ් වගේ බඩගොස්තර වාදීයෝ නිසා මුලූ ලංකාවම හැල්ලුවට පත් වෙනවා. (ස)
ෂෙරිෆ්, සෞදියේ වගේනේ.හැබැයි කතාව ඇත්ත.තුන් වේලටම බඩ කට පිරෙන්න දීලා මදි පාඩුවට යකඩ ඇණත් කවලා එවන්නේ.... (ස)
අපේ වැඩි හරියක් මුස්ලිම් මිනිස්සු සෞදි අරාබියට ගිහිල්ල කාලා බීලා, සල්ලි හම්බ කරලා එන්න විතරයි දන්නේ. එහේ ආගම හරියට ඉගෙන ගෙන හොඳ පුරවැසියෙක් වෙන්න කොහොමත් උනන්දු වෙන්නේ නැහැ. මට හිතෙනවා අපි මේ ලංකාවේ ජීවත් වෙන්නේ ඇත්තටම නබිතුමා ගිය මාර්ගයේද කියලා. අපේ මුස්ලිම්වරු කම්මැලිකම, සල්ලි හා තරාතිරම් පස්සෙන්ම ගිහිල්ල පීච්චන් වෙලා දෙකට තුනට කැඩිලා ඉන්නේ. මේක තමා අද ලෝකයාට ඕනකරලා තියෙන්නේ!! අපේ අනන්‍යතාවයත් නැතිවෙලා ගිහිල්ලයි තියෙන්නේ... ඉතින් කොහෙද රටේ ආර්ථිකයට ශක්තිමත් වෙන්න රුකුලක් වෙන්නේ? (ස)
මධූ හරි.මහ උගත් අය අරාබිකරෙන් බිහිවෙලා නැහැ. (නි)
තුවාන් හදන්නේ අපේ මුස්ලිම් අයව ජාතිවාදීන් කරන්නද? (නි)
ෂෙරිෆ් හෙඳම මල්ලක් අරගෙන සෞදි වලට කඩේ යනවා. සෞදි වල සල්ලි තියෙනේ එම රට මිනිසුන් ගාව නොවේ. පාලන කරන රජ පවුල ඔක්කොම සල්ලි ගෙනවිත් ඇමෙරිකාවේ යුරෝපයේ තියන් ඉන්නේ. ඒක පුද්ගල ආදායම පෙන්නුවට රටේ මුළු දළ ආදායමෙන් . ඒවා ජනතාව අතරේ බෙදී යාමක් නැහැ . ලංකාවම ගියත් කන්න බොන්න දේවි. හැබැයි වහලුන් මෙන් වැඩ කල යුතුය . වහලුන් මෙන් එහි ජිවත් විය යුතුය. ආපසු එන විට ඉඳි කටු ගසා යකඩ ඇන ගසා මැරුනට පසු සියලුම ඉන්ද්‍රියන් ගලවා හිස් මිනිය පමණක් ලංකාවට ගේන්න පුළුවන්. නැතිනම් වැඩට ගොස් හාම්පුත්ගේ හෝ ළමයින්ගේ බලහත්කාරකම් වලට අසුවී ළමයෙක් දෙන්නෙක් සමඟ ආපසු එන්න පුළුවන්. ෂෙරිෆ් ඔය දාල ඉන්න කණ්නාඩිය ගලවල හොඳට වට පිට බලන්න. (ස)
තුවාන් ඔයාගේ මොලේ කචල්ද ? අපේ මිනිස්සු යන්නේ රැකියාවට මිසක් මුස්ලිම් ආගම වැලඳ ගන්න නෙමේ. තුවාන් ලංකාවේ වැඩ කරන කොට අපේ බෞද්ධ ආගම වැලඳ ගන්නවද ? මෝඩ කතා කියන්න එපා. සෞදි අරාබිය තමා අද ලෝකයේ මුස්ලිම් ත්‍රස්තවාදයට වැඩියෙන් මුදල් යොදවන්නේ. ඒක මුළු ලෝකයම දන්නවා. නබි තුමා කිව්වා කියල පණ පිටින් ඉන්න මිනිසුන්ගේ බෙල්ල කපනවා කුරානය කියවමින්. ලංකාවේ මුස්ලිම් මිනිස්සු තාම ඒ තත්වයට පැමිණ නැහැ. එහෙත් කවදා හෝ එය වීමට සෞදි රට මුදල් වියදම් කරනවා ලංකාවෙත් මුස්ලිම් සංවිධාන මඟින්. (ස)
පර්සි, මගේ අදහස කියව ගන්න බැරි ඔයාගෙයි මොලේ කචල්. මම කතා කරන්නේ මුස්ලිම් මිනිස්සුන්ට. ඔසාමා බින් ලාදින් සෞදියෙන් පිටමන් කලේ ත්‍රස්තවාදයට අත දෙන්නද? නාබිතුමා ගැන ඔයා දන්න ඉටි ගෙඩියක් නැහැ වගෙයි. (ස)
මානෙල් සුවඳමය.කුඩ මසු පිලී ගඳමය. දෙකට එක දියමය. හොඳට නරකට දෙකට කටමය. ෂෙරිෆ්, මේක මන් ඔයා වෙනුවෙන් කියන්නෙ.පරිස්සමින් අදහස් දාන්න. (ස)
තෙල් ඉවර වුන දාට අරාබි කාරයන්ට යන එන මං නෑ. මොකද උගත් කමක් වත් තියන එකක් යෑ? (ස)
සෞදිවලට බැනලා හෝ වෙනත් රටකට බැනල වැඩක් වෙන්නේ නැහැ. අපි අපේ රට හදා ගත යුතුයි. අවාසනාවකට 1948 පර සුද්දෝ කියලා සුද්දන්ව එළවලා අපේ සිංහල කළු සුද්දන්ගෙන් බිහිවුණු නායකත්වය ලාංකිකයන් රට වෙනුවෙන් මොනවද කලේ? සිංහල, දෙමල හා මුස්ලිම් ජාතීන් අතර බේද බින්න ඇති කරලා ඒකෙන් තමුන්ගේ බලය රඳවා ගත්ත මිසක් වෙන කිසි දෙයක් නැහේ. අදත් ඒ වගේමය් ජාතිය හා ආගමේ ගැන ජාති මාමකව කතා කරමින් ජාතීන් අතර අසමිගය ක්රෝදය වපුරමින් තමුන්ගේ දේශපාලන දිවිය ගත කරමින් ඡන්ද තියා තියා යනවා. ඔය වීරයන්ට මම කියන්නේ එකම එක දෙයයි , අපි හැගීම්බරව ක්‍රියා කරලා වැඩක් වෙන්නේ නැහැ. රට එන්න එන්නම අගාදයට යමින් තිබෙන්නේ මේකෙන් රට මුදා ගන්න එඩිතරව ක්‍රියා කරන්නේ නැතුව වෛරය හා ක්රෝදයෙන් කතා කරලා කිසිම පලක් වෙන්නේ නැහැ. 2012 විතරක් සෞදි අරාබියෙන් පමණක් ලංකාවට ආධාර හා විදේශ විනිමය ලෙස ඩොලර් කෝටි 200 ලැබිල තියෙනවා. අද මැද පෙරදිගෙන් ලංකාවට විදේශ විනිමය ආවේ නැත්නම් අපි සියලු දෙනාටම දෙයියන්ගේම පිහිට තමයි. ණය ගන්න ඕන හැම රටකින්ම ණය අරගෙන ඉවරයි. ඒවා ගෙවන්නේ අපි සැමදෙනා මිසක් පාලකයන් නොවෙයි. ඉපදෙන්න ඉන්න ළමයත් ලෝකෙට නයයි. තවමත් අපේ ලාංකිකයන් හැදිලා නැහේ මේ පච කෙලින දේශපාලකයන්ගේ බොරුවලට රැවටී ඔහේ කෑ ගහනවා. ශ්‍රීලාංකික හැගීමක් නැතුව ජාතිය ආගම ගැන විතරක් අපි සියලු දෙන කතා කර කර හිටියොත් අපේ රට කිසි දිනක මේ පට්ට පල් වෙස් වෙලාගත් දේශපාලකයන්ගෙන් ගොඩ ගන්න බැරි වෙයි. දෙවි පිහිටයි.(නදී)
පර්සි බණ්ඩාර,තුවාන් කතා කරන්නේ මුස්ලිම් අයට. ඔබ ඔහුගේ අදහස වරදවා තේරුම් ගැනීමක් වෙන්න ඇත්තේ. (ස)
තුවාන්වත් යවන්න ඕනේ සෞදියටම තමයි. (ස)
මැදපෙරදිග රටවල් වල ඇන ගහන එක, අතවරයන්ට පත්වෙන එක ජාතින් ආගම තෝරා බේරා කරන දේවල් නොවේ. සේවකයිනුත් කරන වැරදි මේවට බල පාන්න පුළුවන් .මට අරාබි රටවල් වලට සුදු හුණු ගන්න අවශ්‍ය නෑ. නමුත් මෙරටවල් වලට ගිහින් සුරසැප මිනිස්සු ගැනත් කට්ටිය ගැනත් කතාකරොත් හොඳ නැද්ද (ස)