(දිල්රුක්ෂි ග්‍රේරු)
පේරාදෙණිය ගලහ ප්‍රාදේශිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු කළ දරුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හා ඉන් පසුව එහි ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (29) නියෝග කර තිබේ.
එමෙන්ම සිද්ධිය වු මෙහොතේ රෝහලේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාට වහාම ස්ථාන මාරු වීම් ලබා දෙන ලෙසත් වෙනත් වෛද්‍යවරු දෙදෙනෙක් කඩිනමින් රෝහලට යොමු කරන ලෙසටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
උණ රෝගය වැළදීමෙන් ඊයේ (28) උදෑසන ගලහ ප්‍රාදේශිය රෝහලට ඇතුළු කළ අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවකු මිය යාමෙන් අනතුරුව වෛද්‍යවරුන් නිසි අයුරින් ප්‍රතිකාර නොකලේ යැයි පවසමින් ප්‍රදේශයේ ජනතාව විශාල කළබළයක් ඇති කළ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවීමට සිදු විය.
මේ සම්බන්ධයෙන් නිසි පරීක්සෂණයක් සිදු කිරීම සඳහා අද (29) සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පරික්ෂණ කරන්නෙත් දොස්තරලානේ කවදද ලංකාවේ ඔය වගේ පරීක්ෂණයකින් දොස්තර කෙනෙක් වැරදි කරුවෙක් වෙලා දඩුවම් ලැබුවේ ? ඕව ගැන කිසිම විශ්වාශයක් නැති නිසා ජනතාව නිතිය අතට ගැනීමට කටයුතු කරන බව පෙනෙනවා.............
එතකොට ටෙන්ඩර් වලින් ගසා කාපු හැටි, බෙහෙත් වලින් ගසා කාපු හැටි, නැව් ගත්තු හැටි වගේ දේවල් වලටත් පරීක්ෂණ ආරම්භ කරන්න ඕනේ නේද?
මේ අර ඔයාගේ පුතා බඳින්නේ අර පැහැරගත්ත තරුණියද ?