ගලේවෙල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර පහර කෑමට ලක්ව ගලේවෙල රෝහලට අතුළු කරනු ලැබ සිටී.
රිය අනතුරක් සම්බන්ධයෙන් පැවැත් වු පරීක්ෂණයකදී ඔහුට දිගින් දිගටම තර්ජන එල්ල වු බව ඔහු කියා ඇත.
වෑන් රියකින් පැමිණ පහර දුන් බවකියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්! (නි)
මේක නම් හින්දි චිත්‍රපටියක් හා සමානයි. මොකද හින්දි චිත්‍ර පටිවල මැරයෝ පොලිසියට එලව එළවා පහර එල්ල කරනවා. මේකත් ඒ වගේ දර්ශනයක් වගේ. (නදී)
රටේ නීතියට උඩින් මැර බලය ශක්තිමත් වීමේ තවත් එක නිදසුනක්. (නි)
කවුරු මොනවා කිවුවත් අද රටේ රජකරන්නේ මැරබලයයි. මැරබලය මෙහෙයවන්නේ කවුද(අ)
ගහලා මදි (අ)
ඉතින් අපි කියන්න ඕනෑ නැහැනේ. ප්‍රතිපල මාස දෙක තුනකින් එළියට එන්න යාළුවට සළකන්න. (නි)
මම නම් කියන්නේ හොද වැඩේ කියලා (නි)
මොවුන්ට ගහනවට මම නම් කැමතියි (නි)
නීතියක් නැති රටක ඕවා වෙනවා. ලංකාවේ මිනිස්සු මේක කවදා තේරුම් ගනීවිද? (නි)
ඇප දෙන එකට විරුද්ධ වුණේ සර්ව සාධාරන හේතුවක් උඩ නම් මේ නිලධාරී තැන නියම කෙනෙක්.යමක් ඉල්ලලා නොදුන් නිසා ඇප දෙනවට විරුද්ධ වුණා නම්,පොලිසියට කළ අවනම්බුවක්.කොහොම වුණත් මැරයන්ටත් දඬුවම් කළයුතුයි.එහෙම නේද ටිකිරි? (නි)
මෙහෙම ගියොත් රටේ නීතියට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
පොලීසිය නීතිය හරියට කරන්නෙත් නැහැ,ඒ නිසා රටේ මිනිස්සු අසරණ වෙලා.සමහරු නීතිය තම අතට ගන්නවා. අයියෝ අපේ රට! (නි)
උප පොලිස් පරීක්ෂකවරයාගේ කතාව ඇත්තක් නම් අනිවාර්යෙන්ම දේශපාලක උතුමෙකුගේ හෝ පාතාල උතුමෙකුගේ හස්තයක් පිටු පසින් ඇත. (නි)
ඊයේ පෝයදා කැලණි පන්සල ළඟත් අකාරුණික නිලදාරියෙක් හිටියා. (අ)
ගුටි කන්නත් හේතුවක් ඇති. හැමදම ගුටි කන්නේ මැරෙන්නේ පොලිසියට යන ජනතාව. ඉඳහිට අවංක නිලධාරීන් සිටියත් ඔවුන්ට අවංකව රාජකාරිය කරන්නට ඉඩක් නොමැත (නි)
කවුරු මොනවා කිවුවත් අද රටේ රජකරන්නේ මැරබලයයි. මැරබලය මෙහෙයවන්නේ කවුදැයි කියන්න අවශ්‍ය නැහැ. (නි)
පේනවා නේද පොලිසියට තියන ආදරේ ජනතාවගේ ...ජනතාව හිතුවොත් පොලිසිය ඉවරයි (දිල්)
ට්‍රැෆික් පොලිස් අය මගෙන් කිසි වරදක් නැතුව කොයිතරම් සල්ලි අරගෙන ඇද්ද? ඒ නිසා ගැහුවට කමක් නැහැ. (නි)
නිතිය සමස්ත ජනතාවට එකසේ සදාරනව ක්‍රියාත්මක වෙනවනම් මේ වගේ ප්‍රශ්ණ වෙනවා අඩුවෙනවා. (දිල්)
අරින්න එපා,දෙන්න රිටර්න් එක
සමහර ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ගේ නින්දිත වැඩ නිසා ලංකාවේ මිනිසුන්ට නීතිය කරදරයක් වෙලා. උදාහරණයක් වශයෙන් ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය පාරේ සුදු ඉරි ආරක්ෂා කිරීමයි. සුදු ඉරි අසල සැඟවී සිටින මොවුන් ඉදිරියේ කිලෝ මීටර ගණනකවත් වාහන නැති වෙලාවක වුණත් සුදු ඉර කැපුවොත් ලියනවා හරියට සුදුඉරට තුවාල වෙයි කියලා වගේ. බොරුවට වාහන නවත්වලා කිසි වැරැද්දක් නැත්නම් සීට් බෙල්ට් දාගෙන නැහැ කියලා හරි ලියනවා. කතා කරන්න ගියොත් රාජකාරියට බාධා කිරීමක් වෙනවා. මාර්ග අනතුරකදී තම හිතවතුන් කොපමණ සුරාපානය කර සිටියත් ඔවුන් නිවැරදි වෙන විදියට රාජකාරි කරනවා. මෙතුමා කොහොමද දන්නේ නැහැ. නමුත් ඉතින් ඔය ආකාරයට හෝ හරි වැරදි තේරුම් කරලා දෙන එකත් හොඳයි කියලා හිතෙනවා (නි)
පොලිස්පතිලා එනවා! යනවා!! පොලිසිය තවමත් ජනතාවගෙන් ගුටි කනවා.ජනතාව පොලිසියෙන් ගුටි කනවා. නීතිය ඉබාගාතේ යනවා. සැබෑ වෙනසක් පේනතෙක් මානෙක නැහැ. (නි)
"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී". ඉතුරු හරිය හිතාගන්න එක කියවන ඔබට බාර කරමි (නි)
පොලිසියේ අය මහජනයාගෙන් බොරුවට මොන තරම් සල්ලි අරන් තියනවද. මුන්ට ගහලා මදි, (අ)
පොලිසියේ අය නිරපරාදේ මිනිස්සුන්ට ගහන හැටියට ඕක මොකක්ද (නි)
පොලිසියට හරියට රාජකාරිය කරන්න බැරිකම තමයි ප්‍රශ්නය.මහත්තයෝ,දැන්වත් ඔබ පොලිස් හැටියට වැඩකරන්න බලන්න. නැත්නම් ඉදිරියේදී ඔබලාට වෙන්නේ කුඩ්ඩන්ගේ , කප්පම්කාරයන්ගේ, බැලමෙහෙවරකම් කරන්නයි. (නි)
ලංකාවේ හොඳස පොලිස්ථාන වලින් එකක් තමා ගලෙවෙල පොලිසිය (අ)
මේ හැමෝම වැඩකාරයෝ. මිනිහෙකුට යමක් වුණහම බොරු බයිලා එපා. රටේ මැර බලය නිසා පොලිසිය අසරණ තත්වයකට වැටි ඇති සැටියි පෙනෙන්නේ. මේ රට වල පොලිසිවල ඔය සෙල්ලම් බැහැ. රාජකාරිය පමණයි, මහජනයා සමග වැඩි කතා නැහැ. රාජකාරි වේලාවෙන් පිට නිල ඇඳුම් ඇඳගෙන පාරේ යන්නේ නැහැ. රාජකාරියෙන් පිට නිල වාහන පාවිච්චිය නැහැ.කාටත් එක නීතිය. කවුරු වුණත් කාගේ හරි දරුවෙක්,සහෝදරයෙක්,ස්වාමියෙක් එහෙමත් නැත්නම් පියෙක්. ඒ ඇඳුම දාගෙන රාජකාරි කළාට ඇතුලේ ඉන්නේ මනුස්සයෙක් (නි)
කථා කරන විදියට ගුටි නොකෑව නම් තමා පුදුමේ බොහෝ අය (අ)
සලකපු ප්‍රමාණය මදි වගේ (අ)
අනිවාර්යයෙන් සත්‍ය ඡයගනිත්වා! (නි)
මිනිහට තියෙන්නේ අමුතුම මුහුණක්.ගහපු කෙනා හරියට වැඩෙ කරලා නැහැ. කනගාටුයි (අ)
මිනිස්සුන්ට ගහන්න කාටවත් අයිතියක් දීලා නැහැ. හැබැයි මේක බලලාවත් හැදෙන්න මහත්තයෝ.කවුරුවත් ඔයාට හොදක් කියන්නේ නැහැ (නි)
මම පුගොඩ අපි ගහන්න කලින් කවුද කවුද කන පෙලුවේ ඔයයක (අ)
අපිට හිතාගන්න පුළුවන් ඉතුරු හරිය ගැන (නි)
මෙතන අදහස් දාලා තියෙනවා සම සමව දෙපැත්තටම පක්ෂව හා විපක්ෂව. නමුත් ඇයි එහෙම අදහස් පළවෙන්නේ? ජනතාව දන්නවා මැරයොයි පොලිසියයි අතර පවතින නරක සම්බන්ධය ගැන. ඒ නිසා දෙපැත්තටම දොස් කියනවා. පොලිසියේ හොඳ මහත්තුරුත් ඉන්න නිසා (ඒ ඉන්න සුළු අනුපාතයට ගැළපෙන්න) ඉඳහිට කෙනෙක් පොලිසියට හොඳත් කියනවා. මේ තමා සැබෑ ජන මතය. (නි)
මහත්තයෝ, දැන් ඔයාට වේදනාව කියන දේ තේරෙනවද? (නි)
අනිවාර්යයෙන් ඒ මැරයින්ට දඩුවම් දෙන්න ඕනෑ (නි)