ස්ලාම් රාජ්‍ය හෙවත් අයිඑස්අයිඑස් අන්තවාදීන් ස්ලාම් ධර්මයට තර්ජනයක් බවත්, එම කණ්ඩායමේ ක්‍රියා කළාපය ශරියා නීතියට හා මානව හිමිකම් නීති උල්ලංඝණය කරන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යවමින් කියයි.
සිරියා සටන් බිමේ දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකික (ගලේවෙල) අයි එස් සටන්කරුගේ මරණය මාධ්‍ය මගින් දැනගැනීමෙන් පසුව තම කවුන්සිලය බලවත් සේ මවිත වූ බවත් එහි සභාපති එම් එන් අමීන් මහතා පවසයි.
කරුණාව හා සාධාරණත්වය මුල්කරගෙන බිහි වූ ස්ලාම් ධර්මය අහිංසක ජීවිත නැති කිරීම මුළුමනින්ම තහනම් කරයි.
ත්‍රස්තවාදය හෝ හිංසනය මගින් අපරාධ කිරීමට තම ආගමේ කිසිම ඉඩත් නැති බවත් අයිඑස්අයිඑස් කණ්ඩායම හා එහි නායක අබු බැග්ඩාඩිගේ ක්‍රියා කලාපය හෙළා දැකීමට ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් ලෝව පුරා සිටින ස්ලාම් උගතුන් හා නායකයන් සමඟ එක් වන බව ද අමීන් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් රජයෙන් ගන්නා පරීක්ෂණයකට හෝ ක්‍රියාමාර්ගයකට තම සංවිධානයේ සහාය ලැබෙන බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කීවට විස්වාස කරන්නම් එපා.. ගෝලයෝ තව ගොඩක් ඇති ලංකාවේ. (ර)
හකුරු වෙළෙන්දෙක්කුත් රජතුමෙකුට කිවුවාලු මම ඔබ තුමාට හකුරු හදන්නේ පයට පාවඩ උඩට උඩුවියන් බැඳලා කියලා.. ඒත් ගිහින් බැලුවහම තමා ඇත්ත තත්වේ දැකලා තියන්නේ.. ඉහත කවුන්සිලය ගැන කියන්න තියන්නෙත් එපමණයි.. (ර)
ශ්‍රී ලංකාවේ අහිංසක මුස්ලිම්වරුන් මීට වඩා අවදියෙන් සිටිය යුතුයි සිංහල බෞද්ධයන් සමදා සාමකාමී බව සහ ජීවනය අගයන ජනතාවකි .(ම)
මේ කට්ටිය කියන දේවල් කරනවා නම් හරි හොඳය. මොනා කරත් දේශපාලකයන් කිසිම තීරණය ගන්නේ නැහැ. (ර)
අපේ රටේ සිංහළ දමිළ මුස්ලිම් සියලු ජන කොටස්වල ජාතිවාදී අන්තවාදීන් ඉන්නවා ඒක තමයි සත්‍ය ඒ නිසා ඉහත ප්‍රකාශය කළ මුස්ලිම් ජනතාවට මගේ ප්‍රණාමය (ම)
අන්න ඔහොම ඉන්න. ඉන්දියාවේ අමීර් කාන් සල්මාන් කාන් ලා වගේ රට ගැන හිතලා වැඩ කරන්න, ඉපදුනු හැදෙන වැඩෙන රටට ආදරය කරන්න . අන්තවාදී රැලකට කඩේ යන්නේ නැතිව. (ර)
ඩේවිඩ්, කටට එන පළියට දොඩවන්නේ නැතුව කරුණු දැනගෙන කතා කරන්න. ඒවාටත් විරුද්ධවෙලා තියෙනවා මේ වගේම. අනික වනාන්තර විනාශ කිරීමට ඔයාලට පෙනෙන්නේ විල්පත්තුව විතරද? සිංහරාජයේ ජයටම කෙරෙන වනාන්තර විනාශය පෙනෙන්නේ නැත්තේ ඇයි? වන විනාශය කවුරු කළත් වැරදියි. ඒකට ආගමක් ගාවගන්න එපා.ඉමල්කා, අඩුමගානේ මුහුදු මහා විහාරෙට ගිහිල්ලාවත් තියෙනවද? නිකන් යතුරුපුවරු වීරයෝ වෙන්නේ නැතුව ගමේ තියෙන බාර් එක වහලා ගමේ මිනිසුන්ව මුලින්ම ධාර්මික කරන්න බලන්න. ඊටපස්සේ පුළුවන් නායකයන්ගේ කොන්ද ගැන කතා කරන්න. (නි)
ඒ කතාවට අපි ගරු කරනවා. ඔහොම එකතු වෙනවා නම් අපි ඔක්කොම එකතුවෙලා රට ගොඩ නඟන්න පුළුවන්. (නි)
මෙන්න බලාගන්න මාධ්‍යයට කරන ලද නිවේදනයන් : http://www.acju.lk/si/ (බ)
ණේ, කවුද දැන් විල්පත්තුව ගැන කතාකළේ? අනික එහෙම ඒවාට විරුද්ධ වෙලා තියෙනවා නම් එහෙම ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කළ තැනක් පෙන්වන්න පුලුවන්ද? කවුරු කළත් වන විනාශය වැරදියි තමයි. (නි)
සසංකා, අනේ මොකටද මගේ කට: චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි කියල, අන්‍ය ආගමිකයන්ට කොච්චර හිරිහැර කළාද පහුගිය අවුරුදු වල. (බ)
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය වටිනා දෙයක් කරලා තියෙන්නේ. එය අගය කළ යුතුයි. (බ)
ලංකාවේ අයිඑස්අයිඑස් එක මනුස්සයෙක් විතරද ඉදල තියෙන්නේ????? (ම)
ඕවා දැන් කිව්වට මෙහෙ අයි.එස් .ලා අල්ලන්න මෙහෙයුමක් කලොත් බලාගන්න පුළුවන් වැඩේ හැටි. (අ)
කිඹුල් කඳුළු නොවේවා.(අ)
තව ටික කලක් යනකොට රටෙත් ඉන්න බැරිවෙනවා. කොන්දක් තියෙන මහින්ද වගේ නායකයකු වූ රටට ඔනේ.(අ)
දකුනු ආසියානු මුස්ලිම්වරු සාමාන්‍යෙන් අන්තවාදී නෑ, ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය, මැලේෂියාව, ඉන්දුනීෂියාව වගේ රටවලටත් වහබි අන්තවාදය ගේන්නේ සෞදිය ඇතුලු මැදපෙරදිග රටවල්....(බ)
පැහැදිලිවම අන්තවාදයක් තියෙනව.. නැත්තෙ නෑ... හැබැයි ඒකට උත්තරේ සිංහල අන්තවාදය ප්‍රොමෝට් කරන එකය කියල හිතාගෙන ඉන්න මෝඩ හරක් එක්ක මොකුත් කරන්න බෑ...බටහිර රටවල (විශේසයෙන්ම එංගලන්තය, ප්‍රංශය ) මීට වඩා අන්තවාදියො ඉන්නව, නමුත් ඒ රටවල් කරන්නේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ගමන් ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කරන්න වැඩ කරන එක...(බ)
ලෝකයා ඉස්ලාම් දර්මය බිලිබඳ වැරදි ආකල්පයක් ගොඩ නගලා තියෙන්නේ. අයි.එස්.අයි.එස් සංවිදානයත් මේකට හොද උදාහරණයක්. ඉන්දියාවේ නිපදවන චිත්‍රපට වල පවා මුස්ලිම් වරු ත්‍රස්තයන් ලෙස පෙන්නනවා. ත්‍රස්තවාදියෝ කුමන ආගමක් වුවත් ත්‍රස්තවාදියෝමය. ඒත් ආගම සම්බන්ද කිරීම බරපතල වැරැද්දක්. කිසිම ආගමක ත්‍රස්ත ක්‍රියාවක් ගැන කියල නැහැ. මේවා මිනිසුන් හා සමාජයෙන් ඇතිවෙන සිද්දීන්. මිනිසුන් අතර තිබෙන ඉරිසියාව, තන්හාව නිසා ඇතිවනවා. බලන්න අපේ දේශපාලනය කරන කට්ටිය දිහා බලය ගන්න මොන මොන දේවල් කරනවද. (නදී)
ඉමල්ක සහ තුසිතගේ අදහසට මාත් එකයි. කියන දේම කරනවානම් ප්‍රශ්නයක් නෑ. එත් ඉතින් අපේ පැරණි වෙහෙර විහාර වනසද්දී. වනාන්තර කපද්දී. බුදු දහමට නිගරු වෙන කතා කියද්දී, මේ අය විරෝධය පාන්නේ නැත්තේ ඇයි කියල ප්‍රශ්නයක් එනවා. අයිඑස් ගැන කතා කරලා විරෝධය පාන්නේ කලින් මේ අපේ රටේ ඉන්න අන්තවාදී කොටස් වලට විරුද්ද වෙනවනම් තමයි හොද (බ)
පොතේ හැටියට වැඩ.(නදී)
මොනාව කියනවද අපේ වනාන්තර විනාශ කරනවා. මුහුදු මහා විහාරේ වනසනවා. අපේ නායකයන්ගේ කොන්ද පන නැහැ. (නදී)
ශ්‍රී ලංකා රජයෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ මොහු සමග සම්බන්දකම් පෙවත්වූ සියලු දෙනාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කලයුතුයි. එතකොට අයි එස් එකට උදව් කරන අන් අයවත් සොයා ලෝකයට එළිකළ හැකියි.
අයි.එස්.අයි.එස්. හෝ වෙනයම් ත්‍රස්තවාදි අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන අයට විරුද්ධව තද නීතීරීතී සකස්කරන්න. (අ)
කියද්දී නම් ඔහොම තමා එත් කෙරෙන්නේ වෙන දෙයක්. (ර)
රට වෙනුවෙන් ගන්නා ඕනෑම යහපත් තීරණයක් වෙනුවෙන් අපි සැම ඔබ සමඟ ඉන්නවා (නි)