අයි එස් ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ එක්ව සටන් වැදි මියගිය පුද්ගලයා ගැන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මධ්‍යම පළාත් නියෝඡ්‍ය පොලිස්පතිවරයා විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුයේ මීට කලකට ඉහතදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිට මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශය අත් හැර වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් ඇති බවයි. මේවන විට මෙම පුද්ගලයාගේ හැදුනුම්පත් අංකය සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ මෙම පුද්ගලයාගේ පවුලේ විස්තර හා වෙනත් රටකට පිටවි ගොස් ඇතිදැයි කියා හෝ මෙම ත්‍රස්තවාදී සංවිධානයකට එක්වුවාද එහිදී මියගොස් ඇති දැයි සොයා පරික්ෂණ අරඹා ඇතැයිද වැඩිදුරටත් පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝටා ඕනෑවෙයි මුන්ව මෙල්ල කරන්න. (ර)
ගෝටා හිටියනම් මෙලහකටත් ඕකට ගැවිච්ච ඔක්කොම හොයලා. (ර)
ගෙදරක එක කැරපොත්තෙක් ඉන්නවා දැක්ක කියන්නේ කැරපොත්තෝ ගොඩක් බෝවෙලාලු. ඔවුන් එලියට එන්නේ රෑට කරුවලේ. ඉන්නේ ගුල්වල සැගවිලා.මේත් අනේ එකම එකයි කියල බුදියාගන්න එපා.පැටවුන් ගොඩක් හදලා පරම්පරා කීපයක් බෝ කරලා තව බිත්තරත් ගොඩක් දමලා මහා ප්‍රහාරයක් එක්ක එලියට එන්නේ. එදාට කදවුරු දානතැන් හොයන්නයි, ආයුධ ගන්න රටවල් හොයන්නයි, උදවුවට රටවල් හොයන්නයි ඒ ඔක්කොම කරාට පස්සේ ජාත්‍යන්තර යුධ අදිකරණ ඉදිරියට යන්නයි වැඩ ගොඩක්.අනේ මට තේරන්නේ නෑ.නහය ලගටම ගිලෙනකල් ඉන්න එපා. (බ)
මොහු නැවත මනුෂ්‍ය ලෝකයේ නුපදිවා පතමි . (අ)
ලංකාවෙත් අයි.එස් විෂ බීජේ දාල තියෙන්නේ අනිවාර්යෙන්ම (නදී)
ලංකාවෙ ඉඳල අපිට කරදර නොකර ඕනෑ තැනකට යන්න. (ර)
මුන්ගේ මුළු සනුහරේම අල්ලලා බෙල්ල කපල දන්නා ඕන(නදී)
කරුණාකරලා සුළු ජාතික ඡන්ද ටිකට පෙරේත කමේ පරීක්ෂණ යට ගහන්න නම් එපා (නදී)
ලංකාවේ ආරක්ෂක බුද්ධි අංශ සැලකිලිමත් විය යුතුයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත ඇතුළු, බොහෝ පළාත් පිළිබඳව වැඩි සැලකිල්ලක් ගත යුතුයි. තරුණයෝ 30,000 පමණ ජීවිත පූජාවෙන් මුදා ගත් රට කෙසේ හෝ රැකගත යුතුමයි (නදී)
පොලිස්පති තුමනි, ඉක්මනින් මොහු හා මොහු ගෙන තොරුතුරු සොයා අයිඑස්අයිඑස් වෛරසය ලංකාවෙන් නැති කරන්න ඕන. (ර)