ගාල්ලේ වක්වැල්ලේ පිහිටි ජල පොම්පාගාරයේ ට්‍රාන්ස්පෝමරයක් අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ජලය පොම්පකිරීමේ ගැටළුවක් මතුවී ඇතැයි ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු පියසිරි ජයවර්ධන මහතා පවසයි. නව ට්‍රාන්ස්පෝමරයක් සවිකිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ඔවුන්ට දැනුම් දී ඇත. අද දහවල්වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කැරගත නොහැකි වුවහොත් සවස්වනවිට ගාල්ල නගරය හා තදාසන්න ප්‍රදේශවලට ජලය සැපයුම ගැටළුවක් වීමට ඉඩක් ඇතැයි ද ජයවර්ධන මහතා පවසයි. විදුලිබල මණ්ඩලයේ නඩත්තු ඉංජිනේරු මහතා පවසන්නේ එම ට්‍රාන්ස්පෝමරය වෙනුවෙන් නව ට්‍රාන්ස්පෝමරයක් හැකි ඉක්මණින් සවිකිරීමට කටයුතු යොදා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගේ තියෙන නිසා කොළඹට ඇවිත් නාගෙන යතහැකි නේ.(නදී)
හොඳ වෙලාවට අධිවේගේ තියෙන නිසා කොළඹට ඇවිත් නාගෙන යතහැකි. (නදී)
අද ලෝක ළමා දිනයයි. මේ ගැන කිසිම සටහනක් පලවී නැහැ. මේ බව මට උදෙන්ම කිවුවේ මගේ 11 හැවිරිදි පුතා. ඔහු මේ තීරුව උවමනාවෙන් කියවා අපිට තොරතුරු කියා දීම පුරුද්දක්. කනගාටුයි නේද.? (නදී)
ඉක්මනට හැදුවොතින් හොඳයි නේද ? (නදී)