පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ 14ක් හා ස්වාධීන කණ්ඩායම් 17ක් අද (13) වනවිට නාම යෝජනා බාර දී තිබිණි.
දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තෝරාගනු ලබන සභික ධූර 10 සඳහා අපේක්ෂකයෝ 221 දෙනෙක් තරඟ වැද සිටිති. මෙම අපේක්ෂකයන් 221 දෙනා අතර මින් ඉහත පාර්ලිමේන්තුව නියෝජනය කළ 14 දෙනකු සිටීම විශේෂත්වයකි. ඒ අතරින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු 09 දෙනකු පක්ෂ තුනකින් තරඟ බිමට පිවිස සිටිති. පසුගිය පාර්ලිමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ සජින් වාස් ගුණවර්ධන මහතාට මෙවර නාම යෝජනා ලැබී නැත.
ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් අතර භික්ෂූන් වහන්සේලා දස නමක් ද කාන්තාවන් සිව්දෙනකු ද ඉදිරිපත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd