ගාල්ල නගරයේ සෑම වර්ෂයක ම පැවැත්වෙන දකුණු පළාත් නිදහස් දින උත්සවය මෙවර සංවිධානය කැර නැත.
දකුණු පළාත් සභා ප්‍රකාශකයකු පැවසුයේ එවැනි උත්සවයක් මෙවර සංවිධානය කැර නොමැති බවයි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද පවසන්නේ නිදහස් දින සැමරුමක් ගාල්ලේ පවත්වන බවට මෙතෙක් කිසිදු දැනුම්දීමක් ලැබී නැති බවයි.
දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ද මෙවර නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් උත්සව සංවිධානය කැර නැත. මේ සම්බන්ධයෙන් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා කියා සිටියේ සාමාන්‍යයෙන් ගාල්ලේ පැවැත්වෙන නිදහස් දින උත්සවය සංවිධානය කරන්නේ දකුණු පළාත් සභාවෙන් වුව ද මෙවර එවැනි උත්සවයක් සඳහා ක්‍රීඩාංගණ වෙන්කැර නොමැති බවයි.
කෙසේ වෙතත් උත්සවය පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මාධ්‍යවේදීන් කරුණු විමසීමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නිදහස් දිනය සැමරීමේ උත්සවයක් කඩිනමින් සංවිධානය කළ බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ගාල්ලේ අපිට නිදහස ගෙනත් දුන්න නායකයා නැති උනාම අපිට මොන නිදහසක්ද බොල දැන්. (නදී)
අපිට හිටපු නායකයා නිදහස ගෙනත් දුන්න නායකයා නැති උනාම අපිට මොන නිදහසක්ද? (නදී)
දෙවෙනි වරට රටට නිදහස ලබාදුන් වීරයා ගෙදර යවල, බොරුවට කොඩි වනල මොකටද? (නදී)
වසර දහයකට පසු හොරුන්ගෙන් නිදහස්වූ දිනයක්. මේ නිදහස් දිනය සැබෑම නිදහස් දිනයකි (නදී)
දකුණේ නායකයා ගෙදර යවලා දැන් මොන නිදහස් උත්සවද ? කදුරට අපිට මෙය හිතා ගන්න බැහැ. ප්‍රබාකරන්, සිංහලයට මතක තියෙන්නේ සති කීපයක් කියල කීමේ ඇත්තකුත් තියෙනවා (නදී)
ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. ලංකාවේ මිනිසුන්ගේ හැටි ඔහොමයි (නදී)
උතුරේ නම් මේ පාර නිදහස සමරයි නියමෙට දකුණේ නැති උනාට. (නදී)
ගාල්ලේ දේශපාලන නායකත්වයේ හොදා පාළුව තමයි පෙන්නුම් කරන්නේ. බලය ගන්න සහ බලයේ ඉන්න කැසකවන අයට ජාතික උත්සව වලින් වැඩක් නැහැ. (දිල්)
ලබාගත් නිදහස අමතක උන බව පෙන්නුවේ ජනවාරි 8 වෙනිදා නේද ? (නදී)