පසුගිය රජය පැවති 2005 වර්ෂයේ දී කරාපිටියේ ඉදිකිරීමට ගිය මාතෘ හා ළමා රෝහල වෙනුවෙන් ලැබුණු මුදල් ගැන සොයා වංචා කරුවන්ට දඬුවම් දෙන ලෙසත් රෝහල කඩිනමින් ඉදිකර දෙන ලෙසත් ඉල්ලා අද සවස කරාපිටියේ දී පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ. මේ රෝහල සෑදීමට ජර්මන් හෙල්මුත් කෝල් පදනමෙන් සුනාමි පරිත්‍යාගයක් ලෙස රුපියල් කෝටි 3640 ක් ලැබිණි. රෝහලට අඩිතාලම් දැම්ම ද ඉදිකිරීම් සිදුවූයේ නැත. ඉන්පසු 2012 දී ජර්මන් පුනර්නිර්මාණී බැංකුවෙන් රුපියල් කෝටි 330ක ණය මුදලක් ද මේ රෝහල වෙනුවෙන් රජය විසින් ගෙන ඇතැයි උද්ඝෝෂකයෝ කියති. එසේ වුවද තවමත් 2005 දී දැමූ අඩිතාලමත් දිරායන යකඩ ගොඩක් හා යන්ත්‍රෝපකරණ කිහිපයක් පමණක් මෙහි දක්නට ලැබෙයි. උද්ඝෝෂකයන් පවසන්නේ එකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මේ මුදලට වගකිවයුතු බවයි.
මුදල්වලට සිදුවූ දේ සොයා හොරුන්ට නිසි දඬුවම් දෙන ලෙසත් රෝහල කඩිනමින් සාදා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ලෙස සැකසූ පඹයකුට ද ගිනි තැබිණි. කරාපිටියේ පරිසර හා ප්‍රජා සංවර්ධන සමිතියේ මූළිකත්වයෙන් මේ උද්ඝෝෂණය සංවිධානය කැර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන් ඒ කාලේ මහින්දගේ ආශ්චර්ය ආයුබෝවන්. ලංකාවේ බහුතරයක් ලොකු මිනිස්සු දුප්පත් මිනිසුන්ට පිටින් ලැබෙන දේත් හොරාකන කොටසක්. විශේෂයෙන් ඉන්න දේශපලුවෝ. ලබන ආත්මෙදි උන්ට කන්න වෙන්නේ උන්ගේම අසූචි. (නදී)
සුනාමියට ගෙවල් හදන්න අාපු අයට සමහර නිලධාරීන්ගේ ගෙම්බර් බලලම ඇතිවෙලා හුගක් ගෙවල් අතරමග නතර කරන්න සිදුවුණා. එ් වෙලේ සමහර නිලධාරීන් වැඩ කලේ හරියට ඒ ගොල්ලන්ගේ වෙරක්කාරයෝ ටිකකට සලකනවා වගේ. (නදී)
කුමාර්, ඔහේ වැඩේ අවුල් කරන්න හදන්නේ නැතුව එක තැනකින් පටන්ගන්න දෙන්නකො. (නි)
අනෙක් දේවල් කරන්න කලින් රටේ පාලකයන් සහ වෙනත් වගකිවයුතු නිලධාරින් මේ දේවල් සම්බන්ධයෙන් ඒ කාලයේ මොනවා කරන්න ඇද්ද කියලා බැලුවොත් හොඳයි නේද? (නි)
මේ සුනාමි ආධාර වලට සැබෑවටම සිදුවූයේ කුමක්දැයි කියා සොයාබැලුවොත් නරකද? (නි)
මේවා හෙන ගහන අපා ගත වන අපරාද. (නදී)
මේවා ලොකු අපරාධ.මේ වගේ දේවල් අනාවරණය කරන මාධ්‍යවේදීන්ට ස්තුතියි.මේක දුෂණය පිළිබඳ හොඳ හෙළිදරව්වක්. මේ හොරු නීතිය ඉදිරියට ගෙන්වන්න ඕනෑ. (නි)
2004 සිට මෙතෙක් මෙම ස්ථානයට වර්ග කිලෝමීටරයක් වටා ස්ථිරව පදිංචි පසුගිය ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින් 7ක් සිටිමුත් විපක්ෂ එක් අයකදු පත් කරගෙන නොමැති දකුණු පළාතටම යෝජීත මේ රෝහල තවමත් ඉදිකරන්න බැරි උනා. (ස)
එතකොට ගෙවල් දස දහස් ගණනක් හදන්න හම්බු උන සල්ලි ගහ ගත්තු සමාජ සේවකයෝ, පුජකයෝ එයාලට මොකද කරන්නේ? එයාලගේ බැංකුවල කෝටි ගනන් තියෙනවා. සමහර අය "සක්විති" ගාව සල්ලි දාල කෝටි ගනන් නැති කරගත්තා (නදී)