ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ කඩ ලාබෙට ලබා ගත් අය අතර ගාල්ල පුරපති මෙත්සිරිද සිල්වාගේ බිරිය එම් කේ කළුආරච්චි ද, තවත් දේශපාලනඥයන් කිහිප දෙනකුගේ සමීප නෑයන් ද සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පළාත් මන්ත්‍රී නලීන් හේවගේ මහතා දකුණු පළාත් සභාවේ දී පැවසීය.
ඔහු එසේ පැවසුවේ කඩ ලබා ගත් අයගේ නම් ලැයිස්තුව මහ ඇමැති ශාල් විජයලාල් ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කැරුණු අවස්ථාවේ දීය.
මෙම කඩ ලබා ගත් අය අතර නාගරික මන්ත්‍රීවරුන්ගේ බිරියන්ද සිටින්නේදැයි හේවගේ මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ මහ ඇමැති පැවසුවේ ඒ ගැන නොදන්නා බවයි.
හේවගේ මහතා ඔහුට පිළිතුරු දෙමින් පැවසුවේ ගාලු පුරපතිගේ බිරිය එසේ කඩ ලබා ගත් එක් අයකු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සමීප නෑයන් ද කඩ ලබා ගෙන ඇතැයි ද, එසේ කඩ ලබා ගත් අයගේ සම්පූර්ණ ලැයිස්තුව ඊළඟ සභා වාරයේ ඉදිරිපත් කරන බව ද ඔහු කීවේය.
කඩ ලබා ගත් අයගේ නම් ගම් ඇතුළත් සභා ගත කළ ලැයිස්තුව මෙසේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේ සම්බන්ධතා නම් වලින් හඳුන්වන්න අමාරුයි. ලේ කොහොමටත් වතුර වලට වඩා ඝනකමයි. (නි)
එතුමා ආදර්ශවත් ස්වාමි පුරුෂයෙක් (නි)
පුලුවන් නම් අනෙක් මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්ගේ නම් ටිකත් හෙළි කරන්න... (නි)
ඔන්න පෙනෙනවා නේද ප්‍රජාතන්ත්‍ර වාදය ....ඡන්දෙට වැඩකරපු අයට හොඳට සළකල තියෙනවා .........යමු යමු ඔහොම යමු .....(ස)
මැති ඇමැතිවරු කරන දේවල් වල හැටියට මේක එතරම් දෙයක් නොවෙයි. අනික මේවා හැමදාම කරන්න බැහැනේ. අහුවුණ වෙලාවක් වෙනතුරු කරගත්ත දෙයක් විතරයි.කමක් නැහැ. ඔහොම යමුකෝ. (නි)
පුරපති කමෙන් එහෙම දෙයක් වත් කරගන්න බැරිනම් යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු. (අ)
මේවිදියට මේගොල්ලෝ දිගටම වැඩ කලොත් ගාල්ලට දෙවියන්ගේ පිහිටයි.(අ)
ජය වේවා ....... මන්ජුලා කළුආරච්චි නෝනා ...ගම ගාල්ල ද ,පානදුර ද ,බිබිලේද (අ)
තමුන්ගේ භාර්යාවට කඩයක් අරන් දෙන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද එක අතකට? ඔන්න ඕක අතහැරලා දාන්න මහත්තයෝ. (නි)
ඒක තමයි සැමියා බිරිඳගේ දෙවියාය කියන්නේ (නි)
අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (අ)
ඕං ජෙප්පො ඉන්න එකේ වාසිය. (නදී)
ආසියාවේ ආශ්චර්ය ගාල්ලෙන් පටන් අරන් තියෙන්නේ (අ)
ඉතින් මොකෝ? බොහෝ දෙනෙක් කරන්නේ පළමුවෙන් හොඳම හරිය තමන්ට බෙදාගෙන ඉතිරි හරිය අනුන්ට බෙදන එකනේ (නි)
මෙතන කිසි වැරැද්දක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
මෙතන කිසි වැරද්දක් නැහැ. නීත්‍යානුකුලව ටෙන්ඩර් පටි පාටිය අනුව , තැන්පත් මුදල් ගෙවා ,මාසික කුලී වරිපනම් ගෙවනවා නම් කැමති කෙනෙකුට දිය හැකියි. අන්තිමේ කියන්නේ ඔය මිනිහා ඉන්නකම් කලේ අනුන්ට අපිට කල දෙයක් නැහැයි කියා (නදී)
අනේ ඉතින්, දැන් කොහොමද පාරක බැහැලා යන්නේ? මොන ලැජ්ජාවක්ද මේ? (නි)
දැන් බලන්න උඩින්ම නම තියෙන කෙනා කොළඹ බත්තරමුල්ලේ . ගාල්ලේ උදවිය කැපිලා ගිහින් එයාට කඩයක් ලැබිලා. (ස)
ඔය අපේ දේශපාලන උදවිය මහජනයාට කරන සේවයනේ ඉතින් (නි)
මට හිතෙන්නේ බොරු ලිපිනයක් දමා කඩය අරගෙන ඇති කියලයි (නි)