මහනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ අංක 40 දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ නැවැත්වීමෙන් පසු එහි එන්ජිම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ලේ දුම්රිය නැවැත්වීමෙන් පසු යළි මාතර බලා ගමන්කිරීමට දුම්රිය එන්ජිම ගලවා දුම්රියේ අනෙක් පැත්තෙන් සවිකළ යුතුය. එලෙස සවිකිරීමට පෙර එන්ජිමේ දිශාව මාරු කිරීම සිදුකරයි. මෙලෙස දුම්රියේ දිශාව මාරු කිරීමෙන් පසු යළි එන්ජිම ස්ථානගත කිරීමේ දී එය පිලි පැන්න බව දුම්රිය ප්‍රකාශකයකු කියා සිටියේය. මේ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවූ බව ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd