IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාල්ලේ දී එන්ජිම පාර වරද්දා ගනී

මහනුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ අංක 40 දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ නැවැත්වීමෙන් පසු එහි එන්ජිම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ලේ දුම්රිය නැවැත්වීමෙන් පසු යළි මාතර බලා ගමන්කිරීමට දුම්රිය එන්ජිම ගලවා දුම්රියේ අනෙක් පැත්තෙන් සවිකළ යුතුය. එලෙස සවිකිරීමට පෙර එන්ජිමේ දිශාව මාරු කිරීම සිදුකරයි. මෙලෙස දුම්රියේ දිශාව මාරු කිරීමෙන් පසු යළි එන්ජිම ස්ථානගත කිරීමේ දී එය පිලි පැන්න බව දුම්රිය ප්‍රකාශකයකු කියා සිටියේය.  මේ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවූ බව ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.

_DSC9308 - Copy _DSC9315 - Copy



අදහස් (0)

ගාල්ලේ දී එන්ජිම පාර වරද්දා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site