ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකය වසා දමා තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ මෙම ඒකකය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වෛද්‍යවරු සංඛ්‍යාවක් නොමැති බැවින් රෝහල් අධ්‍යක්ෂවරයාට ඒ බව දින කිහිපයකට පෙර ලිඛිතව දැනුම්දීමෙන් අනතුරුව වසා දැමීමට සිදුවූ බවයි. වසා දමන ලද දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරු කිහිප දෙනෙක් අලුතෙන් ආරම්භකරන ලද හදිසි ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකය සඳහා අනුයුක්ත කිරීමෙන් පසුව එහි වෛද්‍ය හිගය උග්‍රවූ බව එම ඒකකයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසන්නේ පශ්චාත් උපාධි සඳහා වෛද්‍යවරු විදේශගතවීම හේතුවෙන් වෛද්‍ය හිගයක් ඇතිවී දැඩි සත්කාර ඒකකයට රෝගීන් ගැනීම සීමා කිරීමට සිදුවූ බවයි. මෙතෙක් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඊයේත් අදත් වෙනත් දැඩි සත්කාර ඒකක වලට මාරුකැර යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පශ්චාත් උපාධිය සඳහා විදේශ ගත වීම නෙමේ, ඒ යන අය ආයෙත් ලංකාවට එන්නේ නැති වීමයි.නිදහස් අධ්‍යාපනය ගැන උද්ගෝෂණය කරන මේ හුගක් අයත් සල්ලි ලැබුනම ඒක අමතක වෙනවා.හැමෝම වෛද්‍ය උපාධිය ලැබුන ගමන් රට යන්න බලන්නේ.පිට රට උපාධිය ඉවර කරපු අයටත් ලංකාවේ පෞද්ගලිකව ඉගෙන ගන්න අයටත් වැට බැන්දට මේ අය ලංකාවේ අහිංසක මිනිස්සුන්ට සේවය කරන්නේ අල්පයක් පමණයි.මේක කිව්වේ කුහකකමටවත් ඉරිසියාවටවත් නෙමේ මේක තමා තිත්ත ඇත්ත (නි)
ගයාන්, ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි (නි)
අටුව කඩා පුටුව හදන්න අපේ අය දක්ෂයිනේ. (ස)
දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන හිමිහිට පිට රටවලට පැන ගන්න දොස්තරලා නිසා තමයි මෙහෙම වෙන්නෙ (නි)
බොරු කියන්න එපා සීල. ජාතික රෝහලේ විතරක් දොස්තරලා 100 කට වැඩි පුරප්පාඩු තියෙනවා. මුළු රටේම වෛද්‍යවරු 3000 කට වැඩි පුරප්පාඩු තියෙනවා. සනත්, ඔයා මිනී පෙට්ටි කාරයෙක්ද? නැත්තන් හොර වෙදෙක් ද? එහෙමත් නැත්තන් රෝග කාරක බැක්ටීරියාවක් ද ? ඔයාට ලෙඩක් හැදුනහම බලි තොවිල් වලින්ද සුව කර ගන්නේ? (දී)
ගයාන්, ඔබේ කතාව ඇත්ත. ඉගෙනීමේ හැටියට ලැබෙන වැටුප මදි වුනත් වැඩි දෙනෙකු පෞද්ගලිකව සල්ලි සොයන හැටි දන්නවනේ. ඉතින් අපි මෙතෙන්ට ඒමට අඩිතාලම දමාගත්තේ මජන මුදලින් නේද කියා සිතනවා මෙන්ම, ඒ වගේම මනුෂ්‍යත්වය ගැනද බැලිය යුතුයි.එමෙන්ම මේ උගතුන්ට දේශපාලඥයින්ගෙන් හෙන්චයියන්ගෙන් වෙන අකටයුතු ගැනද සොයා බලා එවැනි වැඩ නවතා දැමිය යුතුයි. දැන් මේ රට උගතුන්ට එපා වෙලා. (නි)
හැම තැනම අහන්න තියෙන්නේ බෙහෙත් හිගයි, බාලයි, උපකරණ හිගයි, ආදී දේවල්. ඉතින් දොස්තරලා රාජකාරි කරන්නේ කොහොමද ? අවංකව හිතලා බලන්න.රජය වගකීම ඉටු කරන්නේ නැහැ. (නි)
ලංකාවේ වෛද්‍යවරුන්ගේ ආකල්ප වෙනසක් අවශ්‍යයි දොස්තර කෙනෙක් උනාම ඔලුව ඉදිමෙනවා කාට කියන්නද (අ)
මහජන මුදල් වලින් ඉගෙන වෛද්‍යවරයෙක් වී වැඩිදුර (විශේෂඥ) පුහුණුව/අධ්‍යනය සඳහා වැඩි ප්‍රමාණයක් එංගලන්තයටද යම් කොටසක් ඔස්ට්‍රේලියාවටද යනවා, දෙරටේ ගිවිසුම් ප්‍රකාරව. එංගලන්තයේ වෛද්‍යවරයකුගේ වාර්ෂික අවම වැටුප රුපියල් මිලියන 15 ක් පමණ වනවා. මීට අමතරව ඔවුන්ගේ දරුවන්ට එහි නොමිලේ අධ්‍යාපනය සහ බිරිඳට රැකියා පහසුවද ලැබෙනවා. පුහුණුව අවසානයේ වෛද්‍යවරයාට එරටේ ස්ථීර පදිංචියද ලැබෙනවා. ඉතින් වැඩි ප්‍රමාණයක් රැඳෙනවා ලංකාවට නොගොස්. (දී)
නිදහස් අධ්‍යාපනය බිහිකල වෛද්‍යවරුන්ගෙ "රටඋණ"මෙහෙම නම් පෞද්ගලික අධ්‍යාපනය බිහිකරන වෛද්‍යවරුන්ගෙ "රටඋන"කොහොම වෙයිද? මොකද ඒ අය වියදම් කල සල්ලි හොයන්නත් එපැයි. අහිංසක මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි! (නි)
පශ්චාත් උපාධියේ කොටසක් තමා විදේශ පුහුණුව.කල් වේලා ඇතුව වෛද්‍යවරු අමාත්‍යංශය මගින් ඉල්ලා සිටිනවා නම් මෙහෙම වෙන්නේ නැහැ.මේකට කුහකකමට වෛද්‍යවරුන්ට බැනලා වැඩක් නැහැ.පශ්චාත් විද්‍යා උපාධි ආයතනය ප්‍රතිව්‍යහගත කරලා විශේෂඥ වෛද්‍යවරු පුහුණු කරන එක වැඩි කරන්න ඕනෑ. ඒක සෞඛ්‍යය අමත්‍යංශයේ හිස්තැන් පුරවන්න විතරක් කරලා වැඩක් නැහැ. (නි)
වෛද්‍යවරුන් වෙන්න ඉන්න අයත් උදේ ඉඳලා බෝඩ් අල්ලගෙන මහ පාරේ ඉන්නේ, ඉතින් කොහෙද ඉගෙනගෙන වෛද්‍යවරුන් වෙන්න වෙලාවක් තියෙන්නේ! (නි)
ප්‍රමාණයට වැඩ දොස්තර 200 යක් ඉන්නවා කොළඹ . එයාලව බැරිද ගෙන්වා ගන්න. (ත)
ප්‍රියාල්, ජාතික රෝහලේ විතරක් දොස්තරලා 100 කට වැඩි පුරප්පාඩු තියෙනවා නම් මුළු රටේම වෛද්‍යවරු 3000 කට වැඩි පුරප්පාඩු තියෙනවා නම් ඇයි තවත් පමා වෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ටිකක් දාලා ඔය පුරප්පාඩු ටික පුරවගන්න වෛද්‍යවරු ටිකක හදාගන්න. මේකෙන් ඇත්තටම කියවෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල වෛද්‍ය උපාධිය ඉතාම ඉක්මනින් ආරම්භ කරන්න ඕනෑ කියන එකයි. නැත්නම් මේ රටට පිට රටින් වෛද්‍යවරු ගෙන්න වේවි ප්‍රියල් කියන විදියට. (නි)
මගෙනම් ප්‍රදානම හතුරෝ ඉන්නේ දෙන්නයි 1.දේශපාලඥයින් 2.වෛද්‍යවරුන් .(නදී)