වැට් බදු වැඩිකිරීමට විරෝධය පළ කරමින් ගාල්ල නගරයේ කඩ සාප්පු වසා අද (16) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇත.
ගාල්ල ඔරොප්පුවත්ත ප්‍රධාන කාර්යාලය අසල සිට උදේ 10ට පෙළපාළියකින් බස් නැවතුම්පොළ දක්වා ගොස් විරෝධතාව පවත්වන බව ද විරෝධතාවයට ගාල්ල නගරය, ගිංතොට, කලේගාන, දෙවට, කරාපිටිය ආදී නගර සභා බල ප්‍රදේශවල ව්‍යාපාරිකයන් සේවක සේවිකාවන් ඇතුළු තුන් දහසක පමණ පිරිසක් එක්වන බවද වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති සිරිල් ජයන්ත මහතා පවසයි.
වැට් බදු වැඩිවීමෙන් ව්‍යාපාරිකයන් පත්ව ඇති අපහසුතාවය රජයට දැනුම් දීමට මෙය සංවිධානය කළ බවත් මෙයින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවයට කනගාටුවන බවත් ජයන්ත මහතා කියයි.
ඡායාරූප - අමිල මධුෂංක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට් බද්ද කියන එක වෙළෙන්දාට බලපාන්නේ මිල වැඩිවීම නිසා බඩු විකුණා ගන්න අමාරු නම් විතරයිනේ. ලෝකෙ කොයි වෙළෙන්දද වැට් බද්ද පාරිභෝකයට පාස් නොකර තමන් ගෙව්වේ? පාරිභෝගිකයාට තමයි ඒ බර වැටෙන්නේ. දැන් මෙතන වෙළෙන්දෝ පාරට බහින්නේ ඇයි? අපි වෙනුවෙන් සටන් කරන්නද? ජීවිතේ පළමු වතාවට ඔන්න මං ඇහුවමයි වෙළෙන්දෝ පාරිභෝකයන් වෙනුවෙන් සටන් වදිනවා. මේක ශ්‍රී ලංකාවනේ! (ර)
පෙරේරාට සහ නන්දිමිත්රට නම් බදු බරක් නැහැ වගේ! තව ඉස්සරහට තමයි ජනතාවට හොඳට දැනෙන්නේ. එතකොට අහන්න තියෙන්නේ වෙනස සැපද? කියල තමයි. (ර)
මොකද අනේ මේ කලබල වෙලා.. අපිට දැන් ජී එස් පී සහනයත් ලැබුණු නිසා මේ කරදර ටික දවසකින් ඉවර වෙනවා. අපි මේ වෙනකම් දැකපු වෙනසට අනුව ඔයාලට හිතාගන්න බැරිද ඒක. (ර)
ඉන්දික, හිටපු ආණ්ඩුව නිදාගෙන නැගිටිනකොට බදු වැඩිකරනකොට මේගොල්ල නිදි වෙන්න ඇති නේද.? (ර)
මමත් මේ කල්පනා කලේ පාරිබෝගිකයට නැති බදු බරක් වෙළෙන්දාට කොහොමද දැනෙන්නේ කියලා. වෙළෙන්දා කරන්නෙත් ඒ වැඩි උන බද්ද පාරිබෝගිකයගෙන් අය කරගන්න එක නේද? බදු අහස උසට නැග්ගත් පාරිබෝගිකය කොහොමහරි විදදරාගෙන එදිනෙදා වැඩකටයුතු කරගන්නවනේ. එතකොට කාටද මෙතන වැට් බද්දෙන් බඩ ගැටගහගන්න වෙලා තියෙන්නේ? (ර)
මම දන්නැති හින්ද අහන්නේ ... පහුගිය කලේ වැට් බදු (12.5%) ගැහැව්වේ නැත්ද ? පහු ගිය කාලේ සමහර බඩු ඉන්ධන සහ ගෑස් ඇතුළුව මීට වඩා මිල වැඩියෙන් තිබුනනේ. ඔය කට්ටිය කොහිද හිටියේ ? (ර)
බෝඩ් වල මොනවා ලියලා තිබුනත් එහි අදහස නම් - දේශපාලකයන්ට කඩේ යමු - කියන එක නම් පැහැදිලියි. (ර)
කාගේ හරි බළල් අතක් මෙහෙයවනවා මෙයාලව. (ර)
රන්ජිත්.. පිලිපීනෙ නෙවයි මෙහෙ අපි නොදැනුවත්ව වක්‍ර බදු රාශියක් අය කර ගන්නවා වැට් බද්ද එක සෘජු බද්දක් විතරයි.. එතකොට නොදැනුවත්වම විශාල ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවල. අනිත් එක අපි පිලිපීනෙ වගේ වෙන්න ඕනද (බ)
ඔබට සතුටුයිද දැන්.? (ර)
තව ඉස්සරහට තමයි ජනතාවට හොඳට දැනෙන්නේ... (ර)
මේකට පක්ෂ බේදයකින් තොරව හැමෝම සහභාගි උනා. (ර)
මෙවැනි බදු ජනතාවට පටවන්න ඉස්සල්ල මැති ඇමතිවරුන් ආදර්ශමත් වෙන්න ඕන. මේ දිස්ත්‍රික්කයේ නියෝජන කරන ඇමතිවරයක්නේ කිව්වේ එයාට හොඳ වාහනයක් ඕනයි කියලා. (ර)
මේ කොමෙන්ට් දාන අය අලුතෙන් දාපු වැට් බදු ගැන කිසිම අවබෝදයක් නැතුව තමයි ඒවා දාන්නේ. වැට් බද්ද 11% සිට 15% දක්වා වැඩිකරලා මදිවට ඉස්සර වැට් බදුවලින් නිදහස්ව තිබුණු භාණ්ඩ සහ සිල්ලර වෙලදාමටත් දාල. වතුර සහ ටෙලිපෝන් වලට වැට් තිබුනේ නැත. සැම ප්‍රශ්නයක් දිහා දේශපාලන කෝණයෙන් බලලා කඩේ යන්න එපා. (ර)
කොටි ගණන් වියදම් කරකර හොද වාහන ගන්න මුදල් හොයන මැති ඇමතිලට මේ වාගන ගන්න ඕනෑම නැහැනේ මිනිසු සල්ලි එකතුකරලා රෝහල වලට යන්ත්‍ර ගන්න ඕනද මේ මුදල් වලින් ඒවා ගන්න බැරිද මේ කට්ටිය දැනුත් යන්නේ බර කරතේ නෙවේ නේ.? (ර)
ඡන්දෙ දුන්න අයම තමා මේවට වග කියන්න ඕනි... (ර)
ඔක්කොම කියන්නේ ඇත්ත අපි ටික දවසක් බලමු මොකද වෙන්නේ කියලා. (ර)
දැන් ඔය කඩ කරන අයද වැට් ගෙවන්නේ, නැනේ මිනිස්සුන්ගේ බිල් වලට ඒක එකතු කරනවනේ... (ර)
මේ වැඩිකරපු බද්ද ගැන මෙලෝහසරක් දන්නැති ටිකක් තමයි මේ කොමෙන්ට් කරලා තියෙන්නේ... (ර)
කාට කඩේ ගියත් ඒක මහජනතාවටත් දැනෙන නිසා හොඳයි. අපේ සහයෝගය. නෙත්නම් සද්ද නැතුව හිටියොත් තවත් වැඩි කරාවි. (ර)
අනේ රුවන් ෆිලිපින් වල. ලංකාවේ තරම් ජීවන වියදම වැඩි නැහැ. මම බඩු ලිස්ට් එකක මිල ගණන් එවන්නද දැනගන්නත් එක්ක. (ර)
මේ කොමෙන්ට් දාන සමහර පෙන්නේ නැද්ද මිනිසුන්ගේ අමාරුකම්? බදු වැඩි කළා කියලා මිනිස්සුන්ගේ ආදායම වැඩි වුනාද? රැකියාවල් වැඩි වුනාද? (ර)
වැඩේ හොදයි... ඔහොම යමු... (ර)
ගොඩක් කාලෙකට පස්සේ ගාල්ලෙන් හොඳ පුවතක් එකක් අහන්න ලැබීම සතුටක්.(හේ)
හරිනම් මේක රට පුරාම ක්‍රියාත්මක කරන්න තියෙන්නේ.(හේ)
වෙලෙන්දො අපට ආදරේට මෙහෙම කළේ. ඔන්න හර්තාලය නිසා වැට් ඉවත්කලා මේං කියලා... (ර)
තියෙන තත්වේ දැක දැක කඩේ යන අයත් ඉන්නවා. (ර)
මේ තවම ආරම්භය පමණයි. ඉදිරියේදී ගෙවල් වල ඉන්න මිනිස්සු පාරට බහිනකොටත් කියන්න මේවා පිටුපස කව්රුහරි ඉන්නවා කියලා. ලංකාවේ ජීවත්වෙන මිනිස්සු දන්නවා දැන් ආර්ථිකය මොනතරම් අමාරුද කියලා. (නි)
කවුද දන්නෙ නැහැ මේවාට උල්පන්දන් දෙන්නේ? (නි)
ජන දුක පාරට! (නි)
කට්ටියක් හොඳටම වියරු වැටිලා (බ)
ගාල්ලේ කළුකඩකාරයෝ ටික මිනිස්සු හූරගෙන කෑවා, වෙන අය කඩ දැම්මට පස්සේ තමා, ගාල්ලේ බඩු මිල අඩු වුනේ ,අදටත් නොලිම්ට් ,පැෂන් බග් වගේ රෙදි කඩ කාරයෙකුට ගාල්ලට එන්න දෙන්නේ නැහැ ,හිතිච්ච ගණන් වලට විකුනනන්න බැරි වෙන නිසා (බ)
අපිටත් කඩයක් තියනව..මොකා බලයට ආවත් අපිට එකයි..ඔක්කොම උන් කරන්නෙ උන් ගොඩ යන එක තමා..එ්වුනාට මේ ආණ්ඩුවෙන් ගහන බදු ..අපි බඩු ගන්න අයට ගෙවන්නත් ඕන..අායේ රජයට ගෙවන්නත් ඕන..(බ)
මහින්ද මහත්තයා හිටියනම් ඔය කඩ වහන්නේ නෑ. බදු වැඩි කරන්නෙත් නෑ. (ර)
කඩසාප්පු වැහුවා කියලා මේකට විසඳුම් ලැබෙන්නේ නැහැනේ (නි)
අහිංසක මිනිසුන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තු යන ඇමතිලාට සුරසැප විදින්න අහිංසක මිනිස්සු බදු ගෙවන්න එක කරන්න බැහැනේ. ඔය ඇමැතිලාගේ සුඛෝපභෝගී ජිවිත ගෙවන්න අපේ අහිංසක මිනිසුන්ගෙන් බදු අය කරන එක වැරදියි. ඒ වෙනුවෙන් නැඟීසිටීම අත්‍යාවශ්‍ය කරුණකි. අදාළ කාර්ය සාර්ථක ගැනීමට සුභ පතමි (නි)
කා වෙනුවෙන්ද මේ කඩේ යන්නේ..? (ර)
මෙයාලා වැට් ගෙවනවා වගේ. කඩේ බඩුවක් ගත්තොත් බිලක්වත් දෙන්නේ නෑ (බ)
හොද වැඩක් රට පුරාම දියත් කරන්න... (ම)
නන්දිමිත්ර මොකද අවුල්ද (බ)
පුදුමයි මෙයාලා පිකට් කරන්නේ වැට් පාරිභෝගිකයන්ගෙන් ගන්නවාට (බ)
මේ අය ෆිලිෆීනය කියන රට ගැන දන්නවද කියන එක පොඩි ප්‍රශ්නයක්? එක අයෙක් බෝර්ඩ් එකක් අල්ලාගෙන ඉන්නවා වැඩිම බදු ගන්නේ ලංකාව කියල. ෆිලිෆීනයේ පඩියෙන් 35% බදු ගෙවන්න ඕනේ. විවාහකනම් එය 20%. දැනගෙන කතරගම යනවනම් තමයි හොඳ. (ර)
වැට් බද්ද 20% කාලයේ ඇයි උද්ඝෝෂණ නොකළේ. මේ අය හිතන්නේ 15ව විස්සට වඩා ලොකුයි කියාද ? (ර)
කොහෙන් හිනා වෙන්නද මන්දා. කොහොම උනත් මිනිස්සු ගැන හිතලා නෙවෙයි දේශපාලනික වැඩසටහනක් බව පැහැදිලියි. (ර)
යහපාලනයට කතිරය ගසා එළියේ තපින මිනිසුනේ, මේ පාලනය පළවා හරිමු (නි)