(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොටුවේ පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් අද (25) සවස කඩා වැටිණ.
දින කිහිපයක් තිස්සේ ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව නිසා මෙය කඩාවැටී ඇත. එය කඩාවැටෙන අවස්ථාවේ ඒ අසලින් ගමන් ගනිමින් තිබූ වෑන් රථයක් නූලෙන් බේරි ඇති අතර එයට අනතුරක් සිදුවී නොමැත.
මෙම ගොඩනැගිල්ල ලන්දේසි පාලන සමයේ ඉදි කරන ලද එකක් වන අතර ලංකාවේ ආරම්භ කරන ලද ප්‍රධාන තැපැල් කාර්යාලවලින් එකක් පවත්වාගෙන ගියේ මෙම ගොඩනැගිල්ලේය.
ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය පවත්වාගෙන ගියේ මෙම ගොඩනැල්ලේ වන අතර පසුව ගාල්ල නගරයේ ඉදි කරන ලද නව ගොඩනැගිල්ලකට ප්‍රධාන තැපැල් කාර්යාලය ගෙන යෑමෙන් පසු මෙම ගොඩනැගිල්ලේ සාමාන්‍ය තැපැල් කාර්යාලයක් පවත්වා ගෙන ගියේය.
මෙම අනතුරුදායක ගොඩනැගිල්ල පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ගාලු උරුම පදනමට දැනුම් දුන්නද ඔවුන් කිසිදු පියවරක් නොගත් බව ප්‍රදේශවාසීහු පැවසුහ.
කෙසේ වෙතත් පොලිසිය විසින් එම ගොඩනැගිල්ල පිහිටි මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව බලා සිටින්නේ සෑම දෙයක්ම පැරණි වෙනතුරු කියල කියන්න වෙනවා.ඒවා අළුත්වැඩියා කලොත් අළුත් ගොඩනැගිලි වෙනවාට පුරා විද්‍යා ලොක්කෝ කැමති නැහැ .රාජකාරි පැහැර හරින එම ලොක්කන්ට විරුද්ධව කටයුතු කලයුතුය
මේක කඩා වැටුනේ මේ වැස්සට නෙමෙයි. දැන් කලක සිට කඩා වැටී තිබුණු මේ වහලය නිසා තෙමෙන පරණ දොර ජනෙල බේරාගැනීම සඳහා ලක්ෂ 750000/- වියදම්කර පොලිතින් අරගෙන බිත්තිවලට තියලා ඇන ගහලා වහන්න උත්සහ කරා. කිසි පලක් නැති උත්සහයක්. මේ රජයේ වුන්ට ගාල්ල කොටුව මුහුදට ගහගෙන ගියත් උන්ට වැඩක් නැහැ. ගාලු උරුම කතා රජයේ වගකිවයුත්තන්ගේ වැඩසටන්වල මානයේවත් නැහැ.. උන්ගේ ඔලු වැඩ කරන්නේ උන්ගේ පැවැත්මට අදාල වැඩ වලට පමණයි. අවුරුදු සිය ගණනක් පැරණි සුන්දරව තිබුණු මේ ගොඩ නැගිල්ල කඩා වැටුණු වෙලාවෙ තැපැල් අමාත්‍යංශයට මුදලක් වෙන්කර මෙය නැවත තිබූ තත්ත්වයට ගන්න මුදල් නැති කතාවක් කියාථිබූ බව තමා දැන ගන්නට ලබුනෙ. උන්ගේ සංගම් ඉන්නේ වර්ජනය කරකර පඩි වැඩි කරගන්න උද්ගෝෂණ සඳහා පමණයි. තැපැල් විෂයෙහි පැවැත්මට අදාළ ගුණාත්මක දේවල් සඳහා හඬක් නැහැ. විදේශිකයෝ ගැවසෙන ගාලු කොටුවේ හොඳම ස්ථානයක දැන් මේ ගොඩ නැගිල්ල දියවෙවී දියවෙවී ගොස් නටමබුමක් වෙලා. මේ ස්ථානය, සිංගපූරුවේ වගේ රටකනම්, තැපෑල සම්බන්ද විශේෂිත තැපැල්ගැ ලරියක් කරනවා. මෙවැනි වස්තාවක තමා ගෝටා වැනි පුද්ගලයන් වෙතට හැරෙන්නට හිතෙන්නේ. .
අපේ රටේ තියෙන පුර විද්‍යා වටිනාකමක් ඇති ස්ථාන පිළිසකර කරලා සංචාරක කර්මාන්තයට සම්බන්ධ කළා නම් අපිට මීට වඩා සංචාරක කර්මාන්තය දියුණු කර ගන්නත් පුරා වස්තු ආරක්ෂා කරගන්නත් තිබුනා . නමුත් අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න පුරා විද්‍යා ඇමතියයි සංචාරක ඇමතියයි කියන්නේ දිවය ලෝකෙන් ආපු දෙවතාවරු නෙමෙයි නේ .. අර 225ක් වන ගොන් රලේම තවත් මීහරක් බානක් නේ ..ඉතින් රටේ අනිත් සම්පත් විනාශ කරනවා වගේම තමයි මෙව්වටත් ... කවදද අපි මේ හොර මැර නාදෙන් ගැලවෙන්නේ ??
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දවස්වල ජනාධිපති ඡන්දයට ලෑස්ති වෙනවා.මේවා කරන්න එයාලට වෙලාවක් නැහැ.
දැන් පිටරට ඉඳන් එවපු බඩු කියක් පිල්ලි ගහයිද දන්නෑ?