ගාල්ල උක්වත්තේ අද සවස ඇතිවූ හදිසි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට අලාභහානි සිදුව ඇතැයි ගම්වාසීහු කියති. ගැමියන් පවසන්නේ උක්වත්ත නැගෙනහිර හා බටහිර ග්‍රාමසේවා වසම් දෙකෙහි නිවාස 20ට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති බවයි. ජාතික ආපදා කලමනාකරණ ඒකකයේ ගාල්ල දිස්ත්‍රික් කළමනාකරු මේජර් එල්.බී.අන්නක්කලී මහතා කියා සිටියේ නිවාස හතරකට අර්ථ හානි සිදුවූ බව තමන්ට වාර්තා වී ඇති බවයි. මෙය හදිසි ටොනාඩෝ තත්ත්වයක් දැයි සොයා බලන බව ද ඒ මහතා කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත එ්කනම් ටොනාඩෝ තත්වයක්.(හේ)