ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට අනවසර කඩ, නාගරික සංවර්ධන අධිකාරය ඉවත් කිරීම අද (21) අරැඹීමත් සමග ඒවායේ වැසියෝ උද්ඝෝෂණයක් ඇරැඹූහ. ඒ නිසා මාපලගම - ගාල්ල මාර්ගය අවහිර විය. කරාපිටිය රෝහලේ ගිලන්රිය පාවා විකල්ප මාර්ග විලින් ධාවනය කිරීම සිදුවිය. වසර 30ක් තිස්සේ එහි සිටි බව අනවසර පදිංචි කරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ලංකාවේ අනාගතයයි (නි)
ජයසිංහ මහත්තයෝ. රෝහලේ කැන්ටිමට යන්නකෝ, නැත්නම් මට කෝල් එකක් දෙන්න. අනවසර නම් ඉතින් කඩන එක ගැන දන්නවනේ. ඔන්න දවස ඇවිත්. කෑ ගහලා වැඩක් නැහැ.(නදී)
මේ ඔක්කොම ඉවත් කරාට පාඩු නෑ. වාහන පාරෙ යනකොට මිනිස්සුන්ට යන්න තියෙන පදිකවේදිකාවෙත් කඩ. ඊට පිටි පස්සෙ තමයි මෙයාලා ගෙවල් හදාගෙන ඉන්නෙ. අවු. 30 නෙමෙයි, 300 ක් පරණ උනත් අයින් කරපු එක ලොකු දෙයක්..(ස)
ලෙඩුන්ට බත් දුන්නට බලාගෙන ඉන්න අයට බත් එකක් කන්න තේ එකක් බොන්න මේ කඩ ඕනෑ. මේවා කඩන්න කියන අය නිකමට හරි රෝහලකට ගිහින් තියෙනවද? (නි)
ඉතා අවාසනාවන්ත තත්වයක් තංගල්ලේ මුහුදු තිරයේ තියෙන්නේ. ලොකු අයගේ නම් විකුණලා අනවසර ඉදිකිරීම් කරලා තියෙනවා. කරුණාකර මේ ගැන හොයල බලන්න. අපි ලොකු සංචාරක හෝටල් වලට හෝ කැසිනෝ වලට විරුද්ද නෑ. අනවසර ගොඩනැගිලි අයින් කරන්න. ජනතා සහය රජයට.(ස)
ජයසිංහ ගේ රැකියාව කුලියට ලෙඩ්ඩු බලන එක කියල අදහස් වලින්ම කියවෙනවා. කමක් නැහැ හොරකම් නොකර ජීවත් වෙන්න කරන හොද දෙයක්. පොඩ්ඩක් ඇවිදගෙන යන්න රෝහලෙන් වමට හරි දකුණට ඕනෑ තරම් කෑම කන්න පුළුවන් කඩ තියනවා. මේ කඩ ඉවත් කළේ නැතිනම් තව අවුරුද්දක් යනකොට මිනිසුන්ට යන්න පාරක් නැහැ කඩ විතරයි. (නි)
අවරුදු 30 මේ එය හිටිය නම් අවරුදු 30 ට නගර සභාව මේ අයගෙන් බධු අයකර ගත යුතුයි. (ස)
දන්නා කලේ ඉදන් ඉන්න මිනිස්සු ඔච්චර අමාරුවක් තිබුනානම් පටන් ගන්න කොට නවතන්න තිබුනනේ. (ස)
අවුරුදු 30 ක් හිටියත් හොරට නේද ඉඳල තියෙන්නේ ? (ස)
ගංගා, ඇල, දොළ, දුම්රිය මාර්ග, මහා මාර්ග හා වෙරළ වැනි පොදු ස්ථාන ආශ්‍රිත ආරක්‍ෂිත භූමිය අනවසරයෙන් හෝ අනිසි අවසරයෙන් අත්පත්කර ගෙන සිටින සියලු දෙනා කොන්දේසි විරහිතව ඉවත්කළ යුතුයි.(ස)
අනවසර ඒවා කඩන ඒක නම් හොද වැඩක්.(නදී)
කොළඹ කඩපු එකේ ගාල්ලෙත් කඩපු එක හොඳයි ඔතන මාෆියා ගතියක් තියෙන තැනක්.(නදී)
මුළු ලංකාවේම අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න. මාර්ගයේ සිට අඩි60ක් මෑතින් ඇති සියලු ගොඩනැගිලි අයින් කලොත් හොදයි. (නි)
රජයට අපේ ස්තුතිය, සියලුම අනවසර ඉදි කිරීම් කඩා ඉවත් කළ යුතුයි. දුම්රිය මාර්ග දෙපස සහ සියලු පෙට්ටි කඩ නගර වලින් ඉවත් කල යුතුයි. පිට කොටුවේ අළුතින් දීපු කඩ ඉවත් කොට ඒ අයව වනත් තැන්වලට ඇරියා නම් හොදයි. මෙයින් මහා මාර්ග අවහිර වී නගරය අවලස්සන වෙලා. මිනුසුනි දැන්වත් රටට ආදරය කරමු.(නදී)_
ඉස්සර කාලේ ඔය වගේ දේවල් කරන්න පටන් ගන්න කොටම දේශපාලුවෝ පොලු මුගුරු අමෝරාගෙන ඇවිත් අධිකාරියේ නිලධාරීන්ට ගහල එලවනවා. එහෙම නැත්නම් ඉහල දේශපාලනඥයන්ට කියල ඒ වැඩේ වළක්වනවා. ගෝටාභය ලේකම් තුමා නොවෙන්නට අදත් ඒ ටිකම තමයි වෙන්නේ. පොදු දේපල අල්ලගන්න කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි. (නදී)
කරපු වැඩේ ඉතා ඉහලයි. ඉස්පිරිතාලේ ඉස්සරහම තියෙන කඩ තියෙන්නේ මහා පාරේ. පදිකයින් යන්න ඕන පාර මැද. වාහන තද බදයට හේතුව කඩ හිමියන් පාරට ආපු එක.(ස)
මුළු රටේම අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න. ගංගා ඇල දොළ මායිම්ව සහ ලස්සන මුහුදු තීරයේද, රෝහල්, බස්නාවතුම් හා දුම්රිය ස්ථාන අසල තව මොනතරම් තියනවද? තව වසර දෙකකින් ඇවිත් බලන්න ශ්‍රී ජයවර්ධන පුරවරයේ පිළිවෙල. ඔහොම යන්, මේ හදන්නේ ඔබේ රටයි. එය ඔබට නොව ඔබේ දරුවන්ටයි. ඉවසන්න. (ස)
රජයේ සමහර වැඩ ගැන කලකිරී හිටියත් නගර ලස්සන කරද්දී ආයිත් ඡන්දෙ දෙන්ඩ වෙනවා. වැඩක් කරන බව පේනවා. කොලඹ පිටකොටුව නම් අපායක්. මැනිං මාර්කෙට් ඉඩම, ගුනසිංහපුරය සහ මධ්‍යම බස් නැවතුම පිටරට ආයතන වලට වෙළඳ සංකීර්ණ සහ තට්ටු නිවාස ,හෝටල් යනාදී සැදීමට බදු දෙන්න. රජයට ජයවේවා!(නදී)
හොඳ වැඩක්. (ස)
ඒක හොද වැඩක් මුළු ලංකාවේම අනවසර ඉදිකරීම් අයින් කරන්න ඕනා. නගරය හොද සැලැස්මකට හදන්න කොලඹ ඉදන් කෝච්චියෙන් නුවර යනකොට නිකන් සෝමාලියාව වගේ. සමහර තැන් කොලඹ ඉදන් ගාලු යනකොටත් එහෙම තමයි. කිසිම පිලිවෙලක් නැහැ. මේ හැමදේකටම හිටපු හැම රජයක්ම වගකියන්න ඕනා. ඡන්ද නැති වෙන හින්දා කිසිම දෙයක් කරේ නැහැ. මේවයේ ඉදලා තමයි කුඩු වෙළදාම හොදට කරන්නේ කොනක ඉදලා අස්කරන්න.(නදී)