සිසු පිරිසකගේ පහරකෑමට ලක්වූ බව කියන කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එම විදුහලේ සංවත්සර සැමරුමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පහර කෑ ගුරුවරයා බ්‍රහස්පතින්දා (7) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කර ඇති අතර පාසලේ විදුහල්පතිවරයාට එරෙහිවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඔහු පැමිණිලි කර ඇතැයි කියති.
අද (8) පෙරවරුවේ ඔහු පාසලට ගිය අවස්ථාවේ සිසු පිරිසක් පහරදී ඇතැයි ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
මේ ගහපු අහිංසක සිසුන් කවද හෝ රටේ පාලකයින් බවට පත්වනවා ඒකාන්තයි. (ම)
දැන් රට පුරාම අල්ලස්, දුෂණ, වංචාවලින් පිරිලා.(හේ)
ගුරුවරුන්ට පහර දීමට සිසුන්ට අයිතියක් නැහැ.හැබැයි දූෂණයට එරෙහි වෙච්චි ගුරුවරයකුට පහරදීම නම් සෙවිය යුතු කාරණයක්! (ම)
මට හිතෙන්නේ ගෝලයන්ට තවත් ඉගනගන්න දෙයක් නෑ. ඔවුන් වහාම පාසලෙන් අස්කළ යුතුයි.(ම)
සිසුන්ට දඬුවම් කරන එක වැරදියිනේ. ඔවුන් කලේ ඉහලින් ආ නියෝග ක්‍රියාත්මක කරන එකනේ (හේ)
වෙන පාසලකට ගියත් ඔය ටිකම තමයි කරන්නේ (හේ)
ගුරුවරයා කුමන වරද කලත් සිසුන් පහර නොදිය යුතුයි, නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න (හේ)
පාසලේ නමත් දැම්මා නම් තමයි හොඳ (නි)
විදුහල්පතිතුමනි, පාසලේ නම තවත් කැතනොකර දැන්ම ඉවත්වෙන්න (නි)
අනාගත පරපුර, රට බාරගන්න ඉන්න අනාගත පරපුර, රටට වෙන්නේ මොකක්ද? ඕක පිටුපස දේශපාලකයෙකුගේ දරුවෙක් ඇති. (නි)
වහාම සිසුන් පාසලෙන් අස්කර ළමා බන්ධනාගාරයට යැවිය යුතුයි නේද? මේවා දෙමව්පියන්ගේත් වැරදි. රට ගැන බයක් දැනෙනවා (නි)
සිසුන්ට උපරිම දඩුවම් දිය යුතුයි (ම)
දැන් ලංකාව යන්න කොහෙටද ? (ම)