දේශපාලන හිතවත්කම් මත ගලේවෙල නගරයට අනවසර කුලි රථ ඇතුළු කරන්නන් කම්බස්වන්නැයිද ත්‍රිරෝද රථ සංගමයට ඇති බාධා දුරු කැර දෙන්නැයි ද ඉල්ලා ගලේවෙල ත්‍රිරෝද හිමියන්ගේ සංගමය බම්බාව රජ මහා විහාරයේ ගලේබණ්ඩාර දෙවියන් යැද පොල් ගැසීය.
ත්‍රිරෝද රථ 170 ක් පමණ ඊට එක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතී අක්කා හැමදාම පොලට යන්නේ පාරේ යන ත්‍රී විලර් ඒකකට අත දාලා ඒකේ නැගලා. බහින කොට යන්නම් මල්ලීයෝ කියාගෙන යනවා මිසක් සල්ලි දෙන්නේ නෑ. දැන් රූපවතී අක්කාව දැක්කොත් ත්‍රී විල් මල්ලීලා බුම්ගාලා යනවා මිසක් නවත්තන්නෑ. දැන් රූපවතී අක්කට මල පැනලා ත්‍රි විලර් කාරයන්ව පේන්නන්න බෑ. (ස)
පහුගිය කාලේ විපක්ෂයේ අය කොයිතරම් පොල් ගැහුවද...?කෝ සෙතක් වුණාද? (නි)
ගලේ බණ්ඩාර ගැන කුරුනෑගල ඉතිහාසයේ සඳහන් වෙනවා. (නදී)
ඔය අනවසර කට්ටිය කෝටිපතියෝ නෙමෙයිනේ.එයාලත් ඔයාලා වගේ අඹුදරුවෝ ටික රැක ගන්න කීයක් හරි හොයා ගන්න එන අයනේ. එයාලට ශාප කරන්න එපා (නි)
අනේ මෙහෙම මිනිස්සු ඉන්න රටකනේ අපිත් ජීවත් වෙන්නේ! (නි)
දැන් ඉතින් ලංකාවේ හැම දෙයකටම පොල් තමයි ගහන්න වෙන්නේ. මොකද පාලකයෝ කිසිවක් කරන්නේ නැහැනේ. (නි)
රුපවතීලට නම් පොල් ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ (නි)
මේ තරම් දියුණු ලෝකෙක ඉඳලා කොයිතරම් ප්‍රාථමික දේවල් ද කරන්නේ? ඔය අපරාදේ විනාශ කරපු පොල්,කැවිලි පෙවිලි වැඩිහිටි නිවාසෙකට,අනාත නිවාසෙකට දුන්නා නම් කොච්චර අර්ථාන්විතද?වාහනයේ පිරිසිදුකම, විශ්වාසවන්තකම, කරුණාවන්තක,ඉඳලා හිටලා මිල අඩු කිරීම,තමන්ගේ සේවය ලබාගන්න අයගේ පවුල් සමග හොඳ සම්බන්ධතා පවත්වා ගැනීම, වගේ උපක්‍රම භාවිතා කරන්න (නි)
ත්‍රී රෝද සඳහා බදු වැඩි කරන්ඩ ඕනෑ. මෙම වාහනය ජනතාවට කරදරයක් වගේ. (නි)
දැන් මේ වැඩෙන් පොල් තවත් ගණන් යාවි..!! ඒ වුනත් ''චේතනා පරි ශුද්ධ වේ නම් කිසි දෙයක් වරදින්නේ නෑ....!!! (ස)
මං මේ කල්පනා කලේ රජ මහා විහාරයක තියෙන දේවාලෙකට ගිහින් කාව හරි මකබැවිලා යන්න කියල පොල් ගහන එක ගැනයි. ගලේ බණ්ඩාර දෙවියෝ දේවාලෙත් අත් හැරලා දුවන්න ඇති. (ස)
පැනගිය සෙබළුන් වගේම ,ත්‍රී රෝද වාහනත් රටටම වදයක්. මේවා නවත්වන්න ආනයනික බදු වැඩි කොට, කුඩා කාර්,ටැක්සි සඳහා යොදවන්න. ත්‍රී රෝද වලට ගුවන් තොට අාසන්නයටවත් එන්න දෙන්න එපා. (නි)
මෙම රටේ පරිසරය ආරක්ෂා කර ,මැරකම් නැවැත්වීමට අවශ්‍ය නම් පුද්ගලික සමාගම් සඳහා කාර් ටැක්සි ආනයන බද්ද අඩුකරන්න. ත්‍රීරෝද රථ සඳහා බදු 100%කින් ඉහළ දැමිය යුතුයි. (නි)
කවදාවත් කාටවත් නපුරක් කරන්න එපා (නි)
කවදාකවත් කාටවත් නපුරක් කරන්න එපා. ඒවා අපිටම නැවත එනවා. චේතනාව පරිශුද්ධ නම් කවදාකවත් වරදින්නේ නැහැ. (නි)
කුමන සංස්කෘතියකට අයත් කාර්යයක් වූවද මෙසේ පොල් ගැසීම මෝඩකමක් බව නොදැන සිටීම අපගේ අවාසනාවක්. පොල් යනු කෑමට ගන්නා භාණ්ඩයක් මිස එක එක මිනිසුන්ට ශාප කිරීමට යොදාගන්නා ආයුධයක් නම් නොවෙයි. (නි)
පව්කාර අන්ධ භක්තික සෙනඟක්, වෙන කෙනෙක් කම්බස් කරලා ඔබලා ලබන සුගතිය කිම??? (ස)
උපාලිගේ අදහස හරි, තමාගේ දුක් දොම්නස් දුරුවෙන්න පොල් ගෙඩියක් ගැසුවාට, තව කෙනෙකුට හෙන ඉල්ලන එක නම්, අනුමත කරන්න බෑ. (ස)
මම නම් කියන්නෙ ඉන්දියන් කාරයන්ගේ ජරා වාහනය මේ රටට ගෙන්වන එක සීමා කරන්න ඕන. දැන් හොඳටම ඇති මේ රටට ඕවා ගෙනාවා. අනික ත්‍රීරෝද රථ ගාල වලුත් සීමා කරලා නීතී පනවන්න ඕන. කිසිම නීතියක් නෑ, කිසිම සංවර කමක් නෑ,ඔය ත්‍රීවීල් ගාල් වල ඉන්න මිනිසුන්ට. පාරේ යන එන මිනිසුන්ට, ඔය ගාල් තියෙන තැන්වල ගෙවල් වල මිනිස්සුන්ට පුදුම කරදරයක් තියෙන්න ඕවයින්. (ස)
ලාල් කියන්නේ රතුපස්වල අහිංසකයෝ වගේ මැරුම් කන්න කියලද?අද අසාධාරණය කියන්න ඉන්නේ දෙවියෝ විතරයි.ඒකයි මේ මිනිස්සු එයාලගේ දුක දෙවියන්ට කියන්නේ.එයාලට සාධාරණයක් ඉෂ්ට වේවි කියල පොල් ගහන්නේ. (ස)
ඒක තමා. ආගම දහම තියෙන්නේ මොකටද කියලත් අමතකයි. (ස)
වට තිර මළුවේ පුදසුන ගිලිහී දෙවියන් නැත දේවාලේ.... අපරාදේ පොල් ටික... (ස)
මිට ඉස්සර නම් දේවාලයකට ගිහින් පොල් ගැහැව්වේ තමන්ට හෝ තව අයෙකුට සෙතක් ශාන්තියක් වෙන්න කියලයි. දැන් දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගහන්නේ අනෙක් අය වැනසෙන්න කියලයි. වෙන කවර දාකටත් වඩා වර්තමානයේ උගතාගේ පටන් නුගතා දක්වා බොහෝ ලාංකික පුරවැසියන් තමන් හට නීතියේ සහනයක් අපේක්ෂාවෙන් තමයි දෙවියන් හට කන්නලව් කරමින් මේ පොල් ගහන්නේ මෙහි සැබෑ යථාර්තය රට තුල නිතිය සැමට සාධාරණය ක්‍රියාත්මක නොවීම නේද? මේ පුවතේ දැක්වෙන පරිදි අනවසර ත්‍රිරෝද රථ තිබේ නම්, ඇයි ඒ වැරැද්දට "නිතිය" ක්‍රියාත්මක නොවන්නේ? ඒකට හේතුව දැනගන්නත් දේවාලයකට ගිහින් පොල් ගෙඩියක් ගහන්න වෙයි වගේ!!!! (ස)
නගරයක ඉපදුනු හැමෝටම කැමති ජොබ් එකක් කරන්ඩ පුළුවන් වෙනඩ ඕනේ. වීල් පාර්ක් කාගෙවත් දේපොලක් නෙමෙයි . හැමෝටම දුවන්න පුලුවන් වෙන්ඩ ඕනේ.(නදී)
ත්‍රී වීල් සහ පොල් ගෙඩි අතර සම්බන්ධය කුමක්ද ? (ස)
ත්‍රී වීල් නිසා රස්තියාදුකාර සංස්කෘතියක් බිහිවෙලා.(නදී)
පින්තුර ටික නම් හරි ලස්සනයි.(නදී)
චින්තක, ඉන්දියන් කාරයන්ගේ කබල් වාහන විතරක් නොවේ, පොල් ගැහිල්ල ආවෙත් ඉන්දියන් කාරයන්ගෙන්.(නදී)
මේ ලංකාවේ අද සිදුවෙන දෙවල්වල් නිසා දෙවියොත් ඇස කන් වසාගෙන. පොල් ගහල වැඩක් නැහැ. කල යුත්තේ චන්දය කාලයට චන්දය සිගගෙන ගෙදරට් එන යට නිසි ලෙස වචනයකින් හෝ සංග්‍රහ කිරීම සහ , මැතිවරණයෙන් මැතිවරණයට මේ ගොල්ලන්ව ගෙදර යැවීම. එක්කෙනෙක්වත් රට දියුණු කරන්නේ ඒගොල්ලන්ගේ පුද්ගලික බුදලයෙන් නෙවෙඉනෙ. (දී)
අනේ ඔසාන් සලාම් මල්ලියේ, ඔයා කටාර්වල ඉදලා ඔහොම කිවුවට ලංකාවට අැවිල්ලා බලන්නකෝ මෙහේ දුප්පත් අපිට වෙන අසාධාරණය? එය සාධාරණීකරනය කරගැනීම සදහා බලදාරීන්ගේ අවධානය යොමුකිරීමට මේ විදිහට අපි පොල් ගහනවා, ගල් ගහනවා, කටුකම්බි ගහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
චින්තක හරියටම හරි. මේක මහා වසංගතයක් වගෙයි දැන් රටේ කෙරෙන අපරාධ වලින් වැඩි හරියකට ත්‍රී රෝද රථ සම්බන්ධයි පලවෙන වාර්තා අනුව.දෙවියෝ දඬුවමකට තීරණය දෙන්නේ පෙරකදෝරු තර්ක අනුව නොවෙයි.සාධාරණව. (ස)
පින්තුර වලින් පෙනෙන හැටියට ලස්සන ටී ෂර්ට් ඇඳලා , ඒවා බොහොම හොඳයි. ඇයි අනිත් අයටත් කීයක් හරි හම්බ කර ගන්න ඉඩ ලබා නොදෙන්නේ.මේක හොඳට ලාබ තියෙන නිකමුන් බිහි කරන එකම ක්‍රමය.වැඩිම වාසිය තියෙනේ ඉන්දියාවට.ඊලඟට මේ පින්තුර වල සටන් කරන අයියලට.හැබැයි සිංගප්පුරුවේ පාරවල ටැක්සි දුවන විදියට මේ අයට වෙන්නේ හැමදාම පොල් ගහන්න. (ස)
මේ පොල් ගැහිල්ලෙන් බලාපොරොත්තු වන කාරණය ඉෂ්ඨ වෙනවා නම් නීති රීති හදන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඒකත් හොඳයි. කාටවත් කරදරයකුත් නැහැ. (ස)
අනේ අපිට හැකිනම්, මේ අපේ රටේ තිබෙන සියළුම ත්‍රී විල් ටික ආපසු ඉන්දියාවටම දීලා සල්ලි ටික ඉල්ලා ගන්න? අපේ රටට වගේම ජනතාවට සහනයක් ඒක. මහා කරදරයක් මේ ත්‍රී රෝද රථ. හැමතැනම පාරේ යනවා (නි)
ඉස්සර නම් මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න එක් එක ආයතන තිබුනා. දෙවියන් ගාවට ගියේ පස්සේ .අනේ දැන් හැමදේටම දෙවියන්ට කරදර කරන්න වෙලානේ. (ස)
මෙතැන් අදහස් දාන අය පඬි වදන් දැම්මට මේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. මේ මිනිසුන්ට තමන්ගේ නොවිසඳෙන ප්‍රශ්න වලට පිළිතුරු නොලබෙන කොට නොපෙනන දෙවියන් යදිනවා. මෙතන අපි පිළිගන්න නොගන්න එක වෙනම දෙයක්. හැබැයි, ජන සමුහයක් එක් වෙලා මේ වගේ පොල් ගහල යැදලා තමන්ගේ දුක කියන එකනම් බොහොම බයානක දෙයක්.මතකනේ අපේ රටේ හිටපු නායකයෙක් මිනිස්සු පොල් ගහන කොට එතුමා බොධි පුජා තිබ්බා. මේවා සෙල්ලම් වැඩ නෙවෙයි ගොයියෝ. (ස)
ත්‍රීවිල් වලට විරැද්ධව කථා කරන අය පරිස්සම් වුනොත් හොඳයි. මට පුලුවන් ඒ අයව ෆෝවිල් කරලා අරින්න. (ස)
පොල් ද ගල්ද කියන එක නෙවේ ප්‍රශ්නය. මේ පිරිසට විසදුමක් ඉල්ලන්ට තැනක් නැති කමයි. මේ ඉන්නේ පියෙක්, සොහොයුරෙක්, පුතෙක්, පවුල් කියක් ජිවත් කරවන පිරිසක්ද? රට ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. (ස)
මේ වාහනෙත් ඉන්දියාවෙන් ගෙනාව නිසා කේරලේ පොල් ගැහුවා නම් වැඩේ හරියටම කෙරෙනවා. අත්දුටුවයි සත්තයි. (ස)
උපාලි අයියේ, මේ නිව්ස් එක කියවන විට ඔයා කියුව ටිකමයි මගේ ඔලුවට ආවෙත් ..? හාමුදුරුවෝ බණට මොනවද දන්නේ නැහැ කීවේ නේද ..? කෙනෙක් මක බෑවිලා පලයන් කියල පොල් ගැහුව නම් එතනින් මිනිසුන් බලාපොරෝත්තු වෙන්නේ වෛරයෙන් තවෙකුගේ විනාශය නේද ..? අනේ බුදු හාමුදුරුවනේ ..ඔබ වහන්සේ දේශනා කළ අවිහිංසාවාදී නිර්මල බුද්ධ ධර්මයට ..නිගා කරන ...අපේ මිනිසුන්ගේ ඔළු ගෙඩි .හදවත් සත්‍ය වැටහී ඔවුන් සුව පත්වේවා ...? (ස)
අපට වෙන අවනඩු කාට කියන්නද දෙවියනි. දුප්පත් අපට අවනඩු මයි හමදාමත් දෙවියනි. (ස)
පුවත කෙසේ වෙතත් පළමු ඡායාරූපය නම් අනර්ඝයි. (ස)
ලංකාවේ කොහෙද බුදු හාමුදුරුවෝ දේශනා කරපු බුදු දහමක් තියෙන්නේ? ඔක්කොම කරන්නේ අන්ධ භක්තික වැඩ තමයි. (ස)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මෙම පුද බිමේ අභිමානය කෙළසන්න එපා (නි)
මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ (නි)
මිනිස්සුන් මිත්‍යදෘෂ්ටියට පෙලඹිලා. මේවායින් පිහිට ඉල්ලන එක තව වැරැද්දක් මේ අය කරන ? පළාතේ මන්ත්‍රීවරු කොහෙද? (නි)
මේ ඡායාරූප දෙස බලන්න. කොතරම් තරුණ ජවයක්ද අපි නාස්ති කරන්නේ? ගරු මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, රෝද තුනේ වාහනයේ ආනයනික බද්ද 200%කින් වැඩි කොට, ත්‍රීරෝද නැවතුම් වල ගාස්තුව 50%කින් ඉහළ දමන්න. එය අවුරුද්දකට සීමා කොට සීසී 1200 සඳහා වන ආනයන බදු අඩු කර,සමාගම් සඳහා 20% ක පස් අවුරුදු බදු සහන පනවන්න. පරිසරයත් රැකෙනවා, මිනිස්සුත් රැකෙනවා. මේ රෝද තුන නිසා අපේ රට විනාශයි. ඉන්දියව පොහොසත් වෙනවා. හැකි තරම් බදු දමන්න. අපේ රජයට, ජනතා සහයෝගය ලැබෙනු ඇත. (නි)
ඔය අව නඩුව ලිකිතව දෙන්න එපායැ නැතිනම් අමතක වෙයි.(නදී).
මම නම් දැකලා තිබෙන විදිහට දේවාල වලට දුවලා ගිහින් දුක කියන්නේ වැඩි හරියක් කාන්තාවෝ. එයාලට කොයිතරම් කිවුවත් වැඩක් නැහැ . අපොයි ගලේවෙල තරුණයන්ට ගිය කලක්! (නි)