
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමේ යම් හැකියාවක් තිබේදැයි වරකාගොඩ ශ්රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් වරයාගෙන් විමසා සිටියහ.
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්ය) සේනක පල්ලෙතැන්න මහතා ඇතුළු බන්ධනාගාර ඉහළ නිලධාරීන් පිරිසක් අද මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා විහාරයන්ට ගොස් එහි මහා නා හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී අස්ගිරි මහා නා හිමියන් ඒ බව විමසා සිටියේය.
එම අවස්ථාවේදී බන්ධනාගාර කොමසාරිස්වරයා මහා නා හිමියන් හමුවේ අවධාරණය කර සිටියේ උන්වහන්සේ නිදහස් කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගැන නොමැති බවත් එය ජනාධිපතිවරයාගේ මැදිහත් වීමකින් සිදුවිය යුතු බවත්යි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණවල පිස්සු නටන්න ලයිසන් දෙන්න යෝජනා කරන්න එපා. එහෙනම් ජනතාව හැමෝටම ඒ නිදහස ඕන
මේ හාමුදුරුවෝ දන්නේ නැද්ද අධිකරණ නිලධාරීන්ට සිරකරුවෝ නිදහස් කරන්න බැහැ කියලා?
මේ රටේ ඉහලම ආයතනය තමයි ගරු අධිකරණය !!! ගරු අධිකරණයෙන් තමයි ඥානසාරට දඬුවම් නියමකලේ. දුශ්ශීල සන්ගපාතාලයෝ ( බුදුන්වහන්සේගේ මග අනුගමනයකරන සිල්වත් සුපෙක්ශාකාමි හිමිවරුන්ට අපහාසයක් නොවේවා ) හිතාගෙන ඉන්නේ උන් ඉන්නේ අධිකරණයටත් වඩා ඉහලින් කියලයි. ගරු ජනාධිපතිතුමනි කිසිම ලෙසකින් මේ දුස්ශීල ඥානසාරට සමාවක් දෙන්න හිතන්නවත් එපා !!! දැන් ජනාධිපතිතුමා කලයුත්තේ මහා නායක හිමිවරුන් 4 දෙනාත් සමග සකච්චාකොට වහාම ධර්ම සංඝායනාවක් පැවැත්වීමට කටයුතු කිරීමයි.ධර්මසන්ඝයනාවෙන් පසු ශිල්වත් ස්වාමින්වහන්සේලා පමණක් සාසනයේ ඉතිරිවේවි..අනික් දුශ්ශීල ජූජක බමුණන් සාසනයෙන් එලියට විසිවේවි..
පලමුව තමන් යටතේ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ විනය හදන්න,,හතර කෙන්දරයම පාළු අය මහණ කලාම සාසණයත් ඉවරයි,, නීතිය සැමට සමානයි ඒකට ගරු කරන්න මහා නායක කියා ගන්නා අය ආදර්ශයක් වෙන්න,,, බෞද්ධයන් 65000ක් භික්ෂුන් වහන්සේලා 993ක් අමු අමුවේ පාරවල් දිගෙ ටයර් දාල පුච්චලා මැරුවා එතකොට ඔය මහා නායකලා කොහෙද හිටියේ????
මේ මහා නායක ලට පිස්සුද company එකක sicurity කෙනෙක් ගෙන් ආයතයේ රූල්ස් වෙනස් කරන්න හදන්නේ
ඥානසාර හාමුදුරුවන්ට විතරක් මොකද? නීතිය කාටත් පොදුවිය යුතුයි නේද?
හාමුදුරුවනේ, අර ළමා අපචාරයත් නිදහස් කරන්න කියන්න. එතකොට සිවුරක් දාගෙන අපිටත් ඕන බලු වැඩක් කරගෙන ඉන්න පුළුවන් නේ.
හිටපු දූෂිත දේසපාලුවෝ වගේ ජනාදිපති තුමා අදිකරණයට ඇහිළි ගහන්ඩ යන්නේ නැහැ නීතීය කාටත් පොදුයි .