ගල්නෑවේ අවුරුදු උත්සවයක සිදුවූ පහරදීමෙන් මියගිය ගිය ගැමියෙකුගේ අවමඟුල සිදුවූ දින සැකකරුවන්ගේ නිවෙස්වලට හා වාහනවලට අලාභ හානි කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව කියන 16 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. වීඩියෝ දර්ශන වලින් හඳුනාගත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝජ්‍ය පොලිපතිවරයකු, පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරු සිව්දෙනෙකු, ස්ථානාධිපතිවරු 10 දෙනෙකු සමග 150ක බළ ඇණියක් යොදවා තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදි වැරදි කරුවන්ව ඇල්ලුවනම් මිනිස්සු මෙහෙම කරන්නේ නෑනේ
ඇයි මේ???
හොරු අල්ලන්න මෙහෙම බල ඇණියක්... අනේ මන්දා......
සම්කට වග කියන්න ඕනි ඔතන හිටපු ලොකු ලොකු කට්ටිය තමයි
එතකොට මරපු එකාල තාම නිදහසේද ?
ඒ කියන්නේ මේ වැඩේ කරපු කෙනා තාමත් නිදැල්ලේ කියලද?
මරපු එකා නිදහසේ තමයි, නැතුව ඒකව අල්ලන්නද කියන්නේ. ඒකට එහෙනම් පොලිසිය පිට රටකින් ගේන්න වෙයි.
මිනිස්සු නීතිය අතට ගන්නේ පොලිසියේ උදාසීනත්වය නිසා නේද?
අයියෝ, 500ක් වත් යවන්න එපායැ
දැන් පොලිසි වලට එච්චර වැඩක් නැති නිසා සේරම දෙනා යන්න ඇති
එතකොට මිනී මරුවො නිදැල්ලදෙ? පොලිසිය ගන්නෙත් අපරාධකාරයොන්ගේ පැත්තද???
මරපු අයත් දැන් ඉන්නේ ඇතුලේ. කොහොම උනත් ඒ අයගේ ගෙවල් කඩපු ඒක වරදක්නං නෙමෙයි. මම ඒ පැත්ත ගැන දන්නවා
දරණයට වග කිවයුත්තන් ඉස්සෙල්ලා අත්අඩංගුවට ගත්තේ නෑනේ. ෂුවර් එකටම මැරුණේ දුප්පත්, අසරණ මනුස්සයෙක් වෙන්න ඇති
පොළිසිය අප්‍රමාදව කටයුතු කරා නම් මේ සිද්ධීන් වලක්වාගන්න තිබුනා.
පොලිසිය ගැන හැම විටම ඇතිවන්නේ කලකිරීමක්. මේක නම් පුදුමයක් තමයි
අවුරුදු උත්සවේ වෙලාවේ පොලිසිය හිටියේ නැති එක හොදයි