කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් ආපදාවට ලක්වූවන් ඇතොත් හදිසි අවස්ථාවක් සේ සලකා කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාට උපදෙස් දී තිබේ.
මහීපාල මහතාගේ නියෝග පරිදි මේ වන විට ගිලන් රථ 20ක් අවිස්සාවෙල්ල රෝහල වෙත යවා තිබේ.
රත්නපුර, කොළඹ, කරවනැල්ල, පාදුක්ක, වතුපිටිවල, ගම්පහ, රාගම ඇතුළු රෝහල් රැසකට සූදානමින් සිටින ලෙස ද උපදෙස් දී ඇත.
යුද හමුදාව කියනුයේ මේ වන තෙක් රෝගීන් වාර්තා වී නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd