ලලිත් කොතලාවල මහතාගේ සිමාසහිත ගෝල්ඩන් කී සමාගමේ ගනුදෙනු සිදුවු ආකාරය සෙවීමට හා එහි වත්කම් සහ දේපළ අනිසි ලෙස බෙදාගැනීමට කටයුතු කළ පුද්ගලයන් පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නිර්දේශ සැපයීමට විශ්‍රාමික විනිශ්යකරුවකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරික්ෂණ කමිටුවක් ළඟදීම පත්කිරිමට තීරණය කර ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ දි අද (24) පස්වරුවේ ප්‍රකාශ කළේය.
මෙම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , මුදල් ඇමති රවී කරුණානායක ,මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, ශ්‍රි ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහත්වරු ද සහභාගි වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහා ඡන්දය අස්සේ මේ වගේ දේවල් කරන එක හොඳද? කිසිම දෙයක් බෙදන්න බැහැ කියලා නේද නීතිප්‍රකාරව තිබෙන්නේ? (නි)
තණ්හාය ජායතී ශෝකෝ කියන්නේ ඒක තමයි (නි)
ලංකාවේ මුල්‍ය සමාගමක් පටන්ගන්නා විට එහි තැන්පත්කරුවන්ගේ තැන්පතු රක්ෂණය වන ක්‍රමයක් ඇති කළයුතුය.එමෙන්ම මහබැංකුවේ පාලනයට මේවා පත්කිරීමට තිබෙන නීති මදිය.ඇමරිකාවේ,එංගලන්තයේ,ඉතාලියේ වැනි රටවල නීති හා ක්‍රම අධ්‍යයනය කළයුතුය.මුදල් සඳහා වෙනම පොලීසියක් ඇති කළයුතුය.මුදල් සමාගම් වල තීරණ පිළිබඳව මහා බැංකුව ඍජුව මැදිහත් වියයුතුය.නමුත් සමාගම් ඕනෑතරම් මහා බැංකුවට රහසේ තීරණ ගනු ඇත. මුල්‍ය සමාගම් වල තැන්පතු සදහා රක්ෂණයක් පටන්ගන්නේ නම් එම සමාගම්ද දියුණු වනු ඇත (නි)
හොරු සමග හෙළුවෙන්.(නදී)
කරලා තියෙන්නේ හොද වැඩක්. එ්ත් මුදල් ආපසු ලබාදීමේදී මුදල් විශුද්දන පනතට අනුව මෙම සමාගමේ මුදල් තැන්පත් කිරීමට මුදල් උපයාගත් ආකාරය සොයා බැලීමෙන් පසුව, නියමාකාරයෙන් මුදල් උපයාගෙන තැම්පත් කරපු තැම්පත් කරුවන්ට පමණක් මුදල් ලබාදුන්නා නම් තමා හොඳ. මෙහි ගොඩක් තැම්පත් කරුවන් වන්නේ දේශපාලකයන්, එනම් බොහෝ දුරට තැම්පත් කර ඇත්තේ අයතා ආකාරයෙන් උපයාගත් මහජන මුදල් (නදී)
සමීර ඔයාට රුපියල් බිලියන 29 'බොහොම පොඩි' ගණනක් වුනාට අපිට හරිම ලොකු මුදලක්. ඔයාම ගණන් හදපු විදිහට පාඩුව විතරක් මුල් ණය මුදල මෙන් තුන් ගුණයක්! පහුගිය ආණ්ඩුව වංචාවක් කලත් ඒ සංවර්ධනත් කරන අතරේ. රනිල්ලා, රවීලා, අර්ජුනලා මේ කරපු වැඩේ තනිකරම මංකොල්ලයක්! (නදී)
මහ බැංකුවේ සල්ලි මේ විදියට දීල හොරුන්ගේ මුදල් ආරක්ෂා කරන එක මේ දේශපාලකයෝ කරන්නේ හරියට එයාලගේ සාක්කුවෙන් දෙනවා වගේ. මේ මුදල් ඒ තැන්පත් කාරයෝ මහන්සියෙන් හම්බු කරපුවා. අපේ දේශපාලකයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැතිව කොතලාවල බේරාගෙන මහජනයාගේ මුදල් පිනට දෙනවා ඡන්දෙට පෙර අනේ කාලේ වනේ වාසේ (නදී)
සත්‍ය සොයා ගත යුතුම ප්‍රස්නයක් මේ ගෝල්ඩන් කි ගැටලුව. මෙය සත්‍ය සෙවීමත් අසරණවුණ අයට නැවත ඔවුන්ගේ මුදල් ලබා දිය යුතුමයි (අ)
මහ මොළ කරු නැති අඩුව පේන්නේ (නදී)
රනිල් ගේ ගජ මිතුරු ලලිත් කොතලාවල සහ ඔහුගේ බිරිඳ සොරකම් කල සිමාසහිත ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කල මුදල මහජන මුදලින් රනිල් ගෙවා කොතලාවල නිදහස් කරයි. මේවා රජයේ මුදල් මංකොල්ල කෑම නොවේද? මහබැංකු මංකොල්ලයෙන් පසු දෙවන මංකොල්ලය. (ස)
දිනේෂ්ට පැත්ත මාරුවෙලා වේගේ . ලංකාවේ මිනිස්සු දන්නවා කවුද හොරු කියල ?(අ)
සාරා, මම මේ මුදල් හැදුවේ උපරිමයට, වැල් පොලිය දාලා අවරුදු 30 කට. එතකොට බිලියන 30 පොඩියි. මම කිව්වේ සාපේක්ෂව. ඉතින් පොඩි උනත් ලොකු උනත් වැරැද්ද වැරැද්ද. මේ ගැන වැරද්දක් වෙලා තියෙනවා නම් අදාළ අයට වහාම දඩුවම් දෙන්න කියල ඉල්ලනවා. ඒක මම අායෙත් කියනවා (නදී)
සමීර ස්ථාවර තැන්පතුවක් උනත් අවුරුදු 5 ට වැඩි නම් 13% වගේ පොලියක් ගෙවනවා නේද ? ඉතින් 3% වැඩි කරලා 12% ගානේ අවරුදු 30 ක් බලද්දී එතරම් වැරද්දක් දකින්නේ නැහැ මම නම්. කෝකටත් ඉතින් පරීක්ෂණයක් තියන්න කියල ඉල්ලමු. (ස)
මම ශ්‍රී ලංකා භාණ්ඩාගාර බිල්පත් වංචාව ගෙන තියෙන චෝදනා ගෙන කරුණු හෙව්වා. මෙතන ඇත්තටම ලොකු වැරැද්දක් වෙලා තියෙනවද කියල තේරෙන්නේ නැහැ. 3% කින් පොලිය වැඩි කලානම් අවරුදු 30 ටම පාඩුව උපරිම කොහොම ගණන් හැදුවත් බිලියන 29 යි. හැබැයි මේ තත්වෙට නය ගන්න රජය පත්කළේ විපක්ෂෙම නේද? අනික අවරුදු 30 ක කාලයකට අපේ බිල්පත් ගන්න අය ඉන්නවද? මම මහා බැංකුවේ වාර්තා බැලුවහම එහෙම ගත්ත අවස්ථා තිබිල තියෙන්නේ ටිකයි. හැබැයි මේ මුදල් පහු ගිය ආණ්ඩුවට තියන චෝදනාත් එක්ක බලද්දී ගොඩක් පොඩියි. මම මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවට වඩා ගොඩක් හොදයි කියල හිතනවා. හැබැයි සබාපතිගේ බෑනගේ කොම්පැනියෙන් ගත්ත එක නම් සැක සහිතයි. පහුගිය ආණ්ඩුවට තියෙන චෝදනාත් එක්ක බලද්දී බොහොම පොඩි මුදලක් උනත් මේකට සම්බන්ද වෙලා තියෙන්නෙත් මහජන මුදල්. ඉතින් පොඩි උනත් ලොකු උනත් වැරැද්ද වැරැද්ද. මේ ගැන වැරද්දක් වෙලා තියෙනවා නම් අදාළ අයට වහාම දඩුවම් දෙන්න කියල ඉල්ලනවා. කව්රු හොරකම් කලත් අන්තිමට ඒවා අයකරන්නේ අපෙන් බදු ගහලා. (නදී)
මේ වගේ විහිලු ලෝකේ කොහෙද වෙන්නේ. කාගෙවත් සල්ලි, වෙන අයට ක්‍රෙඩිට්. (නදී)