IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගෝල්ඩන් කී අලකලංචිය ඉවරයි

සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී තැන්පතු සම්බන්ධයෙන් පැවැති සියලු නඩු කටයුතු අවසන් කිරීමට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (4) තීරණය කළේය.

එම මුදල් අදාළ තැන්පත්කරුවන්ට නැවත ගෙවීමේ රජයේ ක්‍රමවේදයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන් අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කර තිබූ පාර්ශව සහ විත්තිකරුවන් යන සියලු පාර්ශව සමථයකට එකඟවීමෙන් පසු වසර 6ක කාලයක් පැවැති නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු විය.

තැන්පත් කරුවන් වෙනුවෙන් මුදල් ගෙවීම රජය මගින් පසුගියදා ආරම්භ කෙරිණි.

මෙරට සිදුවූ විශාලතම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී තැන්පතු වංචාව තුළින් පීඩාවට හා සිත්තැවුලට පත් තැන්පත්කරුවන් 26 දෙනකු සිය දිවි නසාගැනීම් හා විවිධ අසනීප හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

තැන්පත්කරුවන් 9056 දෙනෙක් ගෝල්ඩන් කී සමාගමේ රුපියල් මිලියන 26500 ක් තැන්පත් කර තිබිණි. රුපියල් 50, 000 සිට ලක්ෂ දෙදහස දක්වා තැන්පතු ඒ අතර වෙයි.



අදහස් (0)

ගෝල්ඩන් කී අලකලංචිය ඉවරයි

නිහාල් Tuesday, 04 August 2015 06:10 PM

සක්විති බැංකුවේ තැන්පත් කරුවන්ට සහනයක් නැද්ද?සක්විති හිරේ මහා හොරා එළියේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site