සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී තැන්පතු සම්බන්ධයෙන් පැවැති සියලු නඩු කටයුතු අවසන් කිරීමට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (4) තීරණය කළේය.
එම මුදල් අදාළ තැන්පත්කරුවන්ට නැවත ගෙවීමේ රජයේ ක්‍රමවේදයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන් අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කර තිබූ පාර්ශව සහ විත්තිකරුවන් යන සියලු පාර්ශව සමථයකට එකඟවීමෙන් පසු වසර 6ක කාලයක් පැවැති නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු විය.
තැන්පත් කරුවන් වෙනුවෙන් මුදල් ගෙවීම රජය මගින් පසුගියදා ආරම්භ කෙරිණි.
මෙරට සිදුවූ විශාලතම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී තැන්පතු වංචාව තුළින් පීඩාවට හා සිත්තැවුලට පත් තැන්පත්කරුවන් 26 දෙනකු සිය දිවි නසාගැනීම් හා විවිධ අසනීප හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
තැන්පත්කරුවන් 9056 දෙනෙක් ගෝල්ඩන් කී සමාගමේ රුපියල් මිලියන 26500 ක් තැන්පත් කර තිබිණි. රුපියල් 50, 000 සිට ලක්ෂ දෙදහස දක්වා තැන්පතු ඒ අතර වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සක්විති බැංකුවේ තැන්පත් කරුවන්ට සහනයක් නැද්ද?සක්විති හිරේ මහා හොරා එළියේ ? (නදී)