කෑගල්ල ඩිපෝවේ රියදුරකුට පහරදීම සම්බන්ධයෙන් පසුගියදා පොලිසියට බාරවූ ගලිගමුව ප්‍රාදේශිය විපක්ෂ නායක අනුර මංචනායක දෙසැම්බර් 30 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් මාලනී ජයවර්ධන මහත්මිය අද (18) නියෝග කළාය.

සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.