වව්නියාව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර මීගස් හන්දිය ප්‍රදේශයේදී පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි දුම්රිය පාලනාධිකාරිය කියයි.
ඡායාරූප - ජනක රොෂාන් රණසිංහ
වව්නියාව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර මීගස් හන්දිය ප්‍රදේශයේදී පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි දුම්රිය පාලනාධිකාරිය කියයි.
ඡායාරූප - ජනක රොෂාන් රණසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි වැඩක්නේ. ගොඩක් වෙලාවට උතුරු දුම්රිය පීලි පනිනවානේ (නි)
ඔහොම ගියාම ලංකාවේ මුළු දුම්රිය සේවයම පීලිපනීද දන්නේ නැහැ (නි)
සිල්පර කොට ගොඩක් අබලන්. ඒ වගේම බලන්න කිසිම නඩත්තුවක් නැහැ. හැමදාම දුම්රිය දෙපාර්තමේන්තුව අකාර්යක්ෂමයි. (නි)
මෙය වහා සොයාබැලිය යුතුය. මොකද කෝච්චි පීලිපනින එක දැන් වැඩිවෙලා (නි)
පහුගිය ආණ්ඩුව කාලයේ හොඳට තිබුණ කොළඹ - මාතර රේල් පාර ගළවලා එක්ස්ප්‍රස් යන්න හැදුවා. ඒත් තාමත් දුම්රිය ප්‍රමාදයි.කෝටි ගණන් සල්ලි නාස්තිකළා. හදන්න තිබුණේ අනුරාධපුර ලයින් එක (නි)
" අද දින ලංකාවේ සියලුම දුම්රිය පීලි වලම ගමන්කොට ඇත" කිවුවොත් අන්න එතකොට තමයි පුදුමවෙන්න ඕනෑ (නි)
සුද්දන්ගේ කාලේ දාපු සිල්පර කොටන්ද කොහෙද තාම තියෙන්නේ. (නි)
සිල්පර කොටයට පීල්ල සම්බන්ධ කරන්නේ හතරැස් යකඩ පට්ටම් දෙකකින්ය. එම යකඩ පට්ටම ඇණ 4ක් විද සම්බන්ධ කල යුතු වුවත් අමතර කොටස් හිග වීම මත දැන් විදින්නේ ඇණ 2ක් පමණි. එම නිසා සම්බන්ධ වන කොටස පුර්ණ සවිමත් වීමක් නොවේ. (ස)
මෙම රේල් පාරවල් අලුත්වැඩියා කල යුතුයි. (ස)
ලංකාවේ ධාවනයවෙන දුම්රිය වලින් වැඩි කොටසක් වසර 30 වැඩි පරණ එන්ජින් සහ පෙට්ටි වගේම නිසිලෙස පාරවල් සකස්කර නැතිකමින් නිතර මෙවැනි දේ වෙනවා. මම දුම්රිය ගමනේදී නිතර බයෙන් යන්නේ කඩුගන්නාවත් රඹුක්කනත් අතර. මේ මඟ පීලි පැන්නොත් පෙරළෙනවා නේද? පසුගිය දිනවල මැදිරි ගැළවීගොස් තිබුනා. මේ වගේ දෙයක් මේ කොටසේ වුණොත් කියන්න දෙයක් නැහැ (නි)
පළමු පින්තූරෙ ඉන්න දරුව ලොකුවුනාම මේවට විසඳුම් දෙන්න වගෙයි කල්පනාව. (ස)
රේල් පීලි වෙල්ඩ් කරලා කොන්ක්‍රීට් සිල්පර යොදා මි.මී 350 ක් ගල් දාල අලුත්වැඩියා කළා නම් පීලි පනින එක නවතිනවා.දුම්රිය දෙපාර්තමේන්තුව මේ පිලිබඳ කල්පනා කරන්න ඕන. (බ)
ශ්‍රී ලංකාවේ අනෙකුත් දෙපාර්තමේන්තු වගේම දුම්රිය දෙපාර්තමේන්තුවත් යන්නේ නුහුරට. එ්කයි පිලි පනින්නේ. (බ)
දුම්රිය දෙපාර්තමේන්තුව නිදිද ?පිලි පනින එකට පිලියමක් සොයා ගැනීමට නොහැකි අධක්ෂ මන්දගාමී කාර්ය මණ්ඩලයකින් සමන්විත යැයි හැගේ .(අ)
අපේ ජනපතිතුමන්ගේත් රනිල් මැතිදුන්ගේත් පොරොන්දුවලට අනුව දුප්පතාටත් වාහනයක් ගන්න පුළුවන්කමක් මේ අය වැයෙන් සැලසෙනු ඇතියි අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. (අ)
උතුරු දුම්රිය මාර්ගය කොන්ක්‍රීට් සිල්පර යොදා අලුත්වැඩියා කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තවමත් කල්පනා නොකරන්නේ මොන හේතුවක් නිසාද.? (ර)