රහස් පොලිසියේ බව කියමින් වසරකට පෙර ගල්ගමුව රන් අබරණ හල් හිමියකුගේ අත් පා බැඳ රුපියල් කෝටියකට අධික රන් පවුම් අසූවක් කොල්ලකා පලාගිය පස් දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයකු කෝට්ටේ දී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
රන් පවුම් පහලොවක්ද සොයා ගෙන ඇත. උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස පෙනී සිටිමින් රන් ආබරණ හිමියා කැලෑවකට ගෙන ගොස් රන් පවුම් පැහැර තණමල්විල තානායමකදී ඒවා බෙදා ගෙන ඇතැයි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් දක්ෂ පොලිස් නිලධාරීන්ට ඇයි බැරි වුනේ කටුගේ සිද්ධිය හරියටම හොයා ගන්න. පුදුමත් හිතෙනවා.(නදී)
අපේ පොලිස් සේවයේ හොඳ නිලදාරීන් සිටිනවා. එහෙත් ඔවුන්ට වැඩක් කරන්න දෙන්නේ නැහැ. එක්කෝ ඉහල නිලදාරීන් නැත්නම් මැති ඇමති වරු රාජකාරියට බාධා කරනවා (නි)
මේකනේ වැඩේ. අපේ පොලිසිය ස්කොට්යාඩ් එකටත් වැඩිය දක්ෂයි (නි)
ලලිත්, කටුගේ වැඩෙත් දක්ෂ ලෙස සැලසුම් කළා අපේ පොලිසිය. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒවා වෙනස් වුණා (නි)
අපේ පොලිසිය ඇත්තටම දක්ෂයි. නියම හොරු කවුද කියලත් හරියටම දන්නවා. ඒ ගැන නම් කිසිම සැකයක් නැහැ. නමුත් ඊළඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක සාදිගෙයි, ලලිත්ගෙයි වතුලගෙයි අදහස් එකට ගත්තාම හරියටම කියවෙනවා. (නි)
කෝට්ටෙ කියන්නෙ ශ්‍රී ජයවර්ධනපුරද? එහෙනම් ඉතින් හොරු ඉන්නවා කියලා අමුතුවෙන් ආර්ටිකල් එකක් ලියන්න ඕන නැහැ. රටම දන්නවානෙ (නි)
පොලිස් නිලදරුවන්ට තුති.හැබැයි උසාවියෙන් රු.1000/දඩයකට සහ මාස 06ක සිර දඩුවමකට යටත්ව නිදහස් කලා කියලා නම් අහන්න සළස්වන්න එපා (නි)