ගලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග අවට තිබූ ඡන්ද පෝස්ටර් ගලවා ඉවත් කිරීමට අද පොලිසිය කටයුතු කළේය.
ගලගෙදර පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පෝස්ටර් ගලවා ඉවත් කළ බවත් කියති.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවූ සන්ධාන රැලියක්ද අද ගලගෙදරදී පැවැත්වුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද කාලෙට තාප්ප විනාශ කරනවා හරිම අපරාදයක්.පෝස්ටර් ප්‍රදර්ශනය කළා කියල වැඩිපුර ඡන්ද ලැබෙනවද? (බ)
එතකොට බුලත් කොලෙන් විතරද ජන්දේ ඉල්ලන්නේ (ම)
සන්දානේ අයගේ පෝස්ටර් විතරයි තියෙන්නේ. එ්කෙන්ම තේරෙනවා සන්දානේ අය තාමත් රටේ නීතිය පිළිපදින්න සුදානම් නැහැ කියල. මහජනතාව තීරණයක් ගත යුතුයි (නදී)
මේක ඉස්සර උනානම්... (ර)
මේ නීති විරෝධී වැඩේ කළ මිනිහා අත්අඩංගුවට ගෙන ඔහු ලවා මේවා ඉවත් කරවන්න පොලිසියට බැරිද. (ම)
පොලිසියට මේ වෙලාවේදී කළ යුතු දේවල් මීට වඩා තියෙනවා . පොලිසිය කළ යුතුව තිබුෙණ් මේවා අලවන අය අල්ලාගෙන ඔවුන් ලවාම මේවා ගලවන එකයි කියලයි මම හිතන්නේ . (ම)
මේවා අලවනකන් පොලිසිය පාප්ප ගෑවද............. (ම)
නීතිගරුක රැකියාවක යෙදෙන නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් නිලදාරීන් ලවා තුට්ටුදෙකේ දේශපාළුවන්ගේ රුප යොදා දෙකේ පන්තියටවත් නොගිය හෙන්චයියන් විසින් පාරක් තොටක් නැතිව අයාලේ අලවන ලද පෝස්ටර් ගලවන්න යොදවන්නේ පෝස්ටරය හිමිකරු ලවා තහනම් පෝස්ටර් ඉවත් කිරීමට හැකි තරම්වත් අපේ රටේ නීතියක් නැතිද? මිට වඩා වැඩ පොලිසියට කිරීමට බොහෝ ඇත කරුණාකර මෙවැනි දේට මේ නිලදාරීන් නොයොදන්න මැකෝ වග බලා ගන්න ගරු ජනපති තුමනි මෙයට විසදුමක් ලබා දෙන්න (බ)
මේ දවස්වලටනේ පොලිසිය හොඳ සෝදිසියෙන් ඉන්න ඕනේ. (ර)
මේ මොන පිස්සු වැඩක්ද. අලවන අලවන සැරේට පොස්ටෙර් ගලවන්නේ. අලවන ඒවාට තාර ගාගන ගිහිල්ල ඡන්දෙන් පස්සේ එකපාරට ගලවල දානවා. (ර)
අපේ පොලිසියට දැන් තමයි නියම බලය තියෙන්නේ. (නදී)