
(රේඛා තරංගනී ෆොන්සේකා)
වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ තද සුළං නිසා ගල්කිස්ස මහ හෝටලයේ පිටුපස කොටසේ වහලයක කොටසක් ගැලවී දුම්රිය මාර්ගයට වැටීමෙන් දුම්රිය ගමනාගමනයට අද (15)බාධා සිදුව ඇතැයි දුම්රිය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එම්. ජේ ඉඳිපොළගේ මහතා පැවසීය.
මේ හේතුවෙන් එක් මාර්ගයක පමණක් දුර ගමන් දුම්රිය ධාවනයට කටයුතු සිදුකර ඇති බව සඳහන් කරන ඒ මහතා සුළඟට ගසා ආ වහල දුම්රිය මඟෙන් ඉවත් කරනතෙක් වැල්ලවත්තේ සිට කොළඹට මාර්ග දෙකෙහි දුම්රිය ධාවනයට කටයුතු සිදුකෙරෙමින් පවතින බව පැවසීය.
දුම්රිය මාර්ගයට කඩා වැටුණු වහලේ සීට් කඩිනමින් ඉවත් කිරීමට දුම්රිය සේවකයින් එම ස්ථානයට පිටත්කොට යවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
සහභාගි වන සියලු දෙනාට ගල්කිස්ස මහ හෝටලයේ දහවල් ආහාරය...