කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් ගල්කිස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී මීට නොබෝ වේලාවකට පෙර පීල්‍පැනීමකට ලක් ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. කිසිදු තුවාල කරුවකු ද වාර්තා වී නැතැයි පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි පැනපු ඒවා බලලම දැන් එපා වෙලා. කවුරුත් අදහස් දාන්නේ නෑ. පීලි පනින්නේ නැතුව සතියක් ගියොත් විතරක් ආය ලංකාදීපේ දාන්න. (ස)
ළඟදීම අපිට පුවත්පත්වල පහත දැක්වෙන විදියේ ප්‍රවෘත්ති දකින්න ලැබේවි. "අද දින උඩරට මැණිකේ ,යාල් දේවි, රුහුණු කුමාරි සහ කාර්යාල දුම්රිය පීලි පැනීමකින් තොරව ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරයි ." (නි)
බන්දුල පෙරේරා නියමෙට ගැලපෙනවා පොලිස් ප්‍රකාශක වෙන්න , මේකට දේසපාලනය ගාවගන්න ඕනේ නැහැනේ . ඔය මුහුදුබඩ මාර්ගයේ පීලි මලකඩ කෑමට ලක්වෙන නිසා තමා ඔය වගේ දේවල් වෙන්නේ. ඔතන ගැටලුව තියෙන්නේ පරිපාලනයේ සහ නඩත්තුවේ වැරැද්ද මිසක් දේශපාලනයේ නෙමේ. (නදී)
එහේ ගුවන් යානා වැටෙනවා. මෙහෙ දුම්රිය පීලි පනිනවා (නි)
දැන් දැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා (නි)
මොන අදහස් දාන්නද ඕවට. (ස)
මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට මේවා ගැන හොයන්න බල්ලන්න නිලධාරීන් නැහැ (නි)
කෝච්චි පරක්කු නම් පොඩ්ඩක් අපිට කියනවද? (අ)
දුම්රිය පිටරට සමාගමකට දුන්නොත් හොඳ කල හැකි. (අ)
"හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, දෙමළ ජාතික සන්ධානයේ ආර් සම්පන්දන්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා එකම වේදිකාවේ.." පිලි නොපැන තියෙයි යැයි...කොච්චියටත් හිනා යන්න ඇති. (අ)
බන්දුල කියන කතාවලට හිනා. (ස)
ඔව්, බන්දුල පෙරේරා ලියන ඒවා දැකලා අපිත් එක පැත්තකින් හිනහා වෙනවා. (නි)