
(ගයාන් සූරියආරච්චි)
ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී විත්තිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය කුමාන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28 ක් වන ඉබ්බාවල, මාස්හේන ප්‍ර දේශයේ පදිංචි පින්තාරුකරුවකු බව පොලිසිය පවසයි.
වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන නඩුවක සදහා විත්තිකරුවකු 2022 වසරේ අගෝස්තු මාසයේ දිනක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගෙන තිබුණි.
එහිදී මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී එම විත්තිකරුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව එම ඝාතන සිද්ධිය සදහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
COMMENTS
අධිකරණයට ගිනි අවි අරගෙන ආවේ කොහොමද කියලා සොයන්නේ නැතෙයි. අවුරුදු දෙකකට පෙර දෙයක් කොහොම සොයන්නද?