(නිමල් ජයරත්න)
පොළොන්නරුව ගල්විහාර අභයභූමිය තුළ රන් කොත්වෙහෙරට නුදුරින් මදු අටවා ගැබිනි මුවදෙනක් මරා හම ගසමින් සිටි පුද්ගලයෙකු අද (01 ) අත්අඩංගුවට ගත් බව මනම්පිටිය වනජීවි නිලධාරීහු පවසති.
මෙම පුද්ගලයා කාලයක් පටන් මෙම මස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර මොහු පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර, පදිංචි 60 වියැති අයෙකු බව මනම්පිටිය වන සත්ව අඩවි ආරක්ෂක පී.ඞී.එස්. ශාන්ත මහතා පැවසීය.
සැකකරු අද පොළොන්නරුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කෙටියෙන් කියතොත් කකුල් දෙකේ තිරිසනෙක්....
මේ මස් වැද්දන්ගේ වැඩ නිසා දැන් ගම්මාන තියන එක පළාතකවත් මුවෙක් ගෝනෙක් ඇහැකට දකින්න නැහැ. හැබැයි නැගෙනහිර පළාතේ නම් පාරවල් අයිනෙත් මුවෝ ගෝන්නු ඉන්නවා.
අභය භූමිය කියන එකේ තේරුමවත් දන්නේ නැති පාපතරයෙක්.....
මේ වගේ කරන අය හිරේ දාන්නේ නැතුව එතනදීම අත් දෙකම කපලා දාන්න ඕනේ.
බඩ දරු අම්ම කෙනෙක් මැරුව වගේ තමා ඉතින්. ලංකාවේ ඉන්නේ මහා මිලේච්ච ජාතියක් ඇත්තට. මමත් සිංහල ලාංකිකයෙක්. නමුත් ඇත්ත කියන්න වෙනවා..
මේ මස් කන මිනිස්සුත් මේවට වගකියන්න ඕනා
අනිවාර්යයෙන් ලෝකෙට පේන්න හතර පෝයටම සිල් ගන්න සැදැහැවත් බෞද්ධයෙක් වෙන්න ඇති.