කාන්තාවක ද පොලොන්නරුවේ ඓතිහාසික ගල් විහාරයේ බුදු පිළිම වහන්නේ මතට නැග ජල බවුසර් යොදාගෙන සේදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධයෝ පරීක්ෂණයක් ඉල්ලති.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සිදු කර තිබෙන මෙම කටයුත්ත පුරා විද්‍යා නියමයන්ට පවා පටහැනි බව පුරා විද්‍යා නිලධරයෙක් කියයි.
ගල් විහාරයේ බුදු පිළිම අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීම සදහා විශේෂ පියස්සක් පවා ඉදි කර තිබියදී තද අව් රශ්මියක් පැවැති ඉකුත් සිකුරාදා (30) දිනයේ අව්වට රත්වූ බුදු පිළිම මෙසේ ජල බවුසර් යොදාගෙන සේදීමෙන් එම බුදු පිළිම පුපුරා යාමකට හෝ ඉරි තැලීමකට ලක්වීමට ඉඩ තිබෙන බව ද එම නිලධාරියා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහා ගන්න එපා බුදු සමය කාන්තාවනට සම තැන නොව සුදුසු තැන දීලා තියනවා. තේරුම් ගන්න සාමාන්යෙන් ඕනෑම දෙකට අදාලයි සුදුසු තැන ලැබීම.(නදී)
පුරාවිද්‍යා අය නිදාගෙන ඉදලා වගේ. වැඩේ කළාට පස්සේ පරීක්ෂණ ඉල්ලන්න. අන්තිමට පරීක්ෂණයේ ප්‍රතිපල එද්දී පිළිම වලට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. අස්සයා යන්න කලින් ඉස්තාලේ වැහුවා නම් ඉවරයි නේද? (නි)
ලුම්බිණි මොනවගේ දෙයක් කියයිද කියලා හිතන්නේ, අනිවාර්යෙන් සිංහල සභාත්වයට ඇද කරන දෙයක් ලියයි ඔං බලන්න මං කිව්වා.(දී)
ඔය සෝදපු අයගේ පින්තුරයක්වත් නැද්ද? නැතුව කොහොමද ඔප්පු කරන්නේ? (නි)
වැඩක් වෙන එකක් නැහැ මගේ හිතේ... (නි)
ඔබ හරි විජේසිරි, කාන්තාවන්ට ඔය තරම් නිග‍්‍රහ කරන්නේ සත්තකින්ම මේ නිළධාරීන් තමන් ඉපදුනේ අම්මෙක්ගෙන් කියන දේත් අමතක කරලනේ. (ස)
වහාම මේ අයව සිරබාරයට ගන්න (නි)
සොයා බැලිය යුතු කාරණාවක්, කාගේ වුවමනාවටද කළේ කියලා. (නි)
සත්‍යපාල හරි. මටත් හිතෙනවා වැඩක් වෙන එකක් නැහැ කියලා. බවුසර් වලින් වතුර ගහලා හෝදනවා කියන්නේ මේ පිරිත් පැන් ටිකක් ඉහිනවා වගේ දෙයක් නෙමෙයිනේ. මේක බලවතුන්ගේ අනුදැනුම ඇතුව සිදුවූවක් බව නිසැකයි. "වැඩක් වෙන එකක් නැහැ මගේත් හිතේ". (නි)
මේ වගේ තැන වල මුර කාරයෝ සහ භාරකාර හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ අය මේකට වග කියන්න ඕන නේද.මේ තරම් දෙයක් කරනකන් ඒ ගොල්ල කොහෙද හිටියේ.මේවා අපේ ජාතිකඋරුමයන්. (අ)
භාරයක් ඔප්පුකලා වෙන්න බැරිද? (දී)
1. පරීක්ෂණයක් පවත්වා දඩුවම් කල යුතුමයි. මෙම වැඩේ කල කාන්තාවට සහ ආරක්ෂක නිලදාරීන් මෙම අපරාදයට වගකිය යුතුයි (දී)
කාන්තාව ගැන නොවේ මෙතන නියම ගැටලුව. අව්වෙන් රත් වූ ගලට ජලය යෙදිමයි. එය ඉතා දරුණු කුමන්ත්‍රණයක් විය හැක. එක්තරා කාලේකත් වෙඩි බෙහෙත් නැති උනාම ගල් කඩන මිනිසුන් කරන්නේ ගල රත් කර ජලය දැමීමයි . එවිට ගල පුපුරලා යනවා. (ස)
වදින්ට ගිය දේවාලය හිසට කඩ වැටීම (දී)
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කිල්ල ගෙන සඳහන් කර නැහැ නේද, කාන්තාවන් කිල්ලක් යයි කියන්නේ ඉන්දියාවේ හින්දු විශ්වාසයට අනුව නේද?
මෙවැනි දෙයක් විනාඩියක් දෙකක් ඇතුලත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම වෙලත් පුරාවිද්‍යා භූමිවල ආරක්ෂාවට ඉන්නා නිලධාරීන් කොහෙද හිටියේ. අනෙක මෙවැන්නක් කාන්තාවකට නුසුදුසු දෙයක් බව එම කාන්තාව නොදැන හිටියා වෙන්න බැහැ. (දී)
අපේ රට බෞද්ධ උනාට දැන් ඉන්න තිරිසන්නුන්ට දෙන්න ඕනි ෂරිය නීතියම තමයි (දී)
මෙය අන්ධ විශ්වාසය ද නුගත්කමද කියල හිතා ගන්න බෑ... (දී)
මේක මහත් අපහාසයක් තමයි (දී)
විජේසිංහත් කිල්ලක් වගේ පෙන්නේ! (දී)
පිළිම වහන්සේ උස්සගෙන ගියත් පරීක්ෂණ විතරයි (දී)
පුදුම මිනිස්සු (දී)
ලොකුම කිල්ල නොසලකිල්ලනේ. කාන්තාවක් හෝ පුරුෂයෙක් කියල වෙනසක් නැහැ. කවුරු කලත් පිළිම වහන්සේ උඩ නැගීම ආගමට කරන නිගරුවක්. (දී)
ඔයගොලෝ මේක දකින්නේ මොන කෝනයෙන්ද? බුදුපිළිමයක් පිරිසිදු කිරීම ගැන පැහැදීමක් නැද්ද? ඒක සෝදලා තියෙන්නෙත් පිරිසිදු වතුරෙන් . කවුරු හරි සර්දාවෙන් වෙන් කරපු දේ ගැන මේ තරම් පටලැවිල්ලක්. ඇයි (අ)
හොද චේතනාවක්.මේක කලයුත්තේ ඒ විෂය ගැන දන්නා බලලත් නිලදාරීන් පමණි.තමන්ට අයති නැති දේවල් කරන්න ගියාට පොඩි දඩුවමක් දුන්නොත් හොදයි.(අ)
බල්ලෝ මංගල පෝරුව උඩට. කාන්තාවෝ බුදු පිළිම මතට.ආසියාවේ ආශ්චර්යය. (නි)
මෙයත් කුමන්ත්‍රණයක්ද? මුරකරුවෝ හිටියේ නැද්ද? (නි)