(ඩයනා උදයංගනී)
ගාල් , වැලි සහ පස් ප්‍රවාහනයේදී බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කර ඇත්තේ තාවකාලික අත්හදාබැලීමක් ලෙස බවත්, මෙම තීරණයෙන් ඇතිවන ප්‍රතිඵල අධ්‍යයනය කර එය දිගුකාලීනව ක්‍රියාත්මක කරන්නේද යන්න තීරණය කරන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙලෙස බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලි, ගල් හා පස් මිල පහත වැටිය යුතු බව කී ඇමතිවරයා එම සහනය ජනතාවට ලැබෙන්නේද යන්න මෙන්ම මෙයින් අයහපත් ප්‍රතිඵල ඇතිවේද යන්න අධ්‍යයනය සදහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බව ද සදහන් කළේය.
එම කමිටුව විසින් මෙම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ලබාදෙන වාර්තා අනුව බලපත්‍ර අහෝසි කිරීමේ තීරණය ඉදිරියට ගෙනයන්නේද යන්න ගැන ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව ද බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවේය.
කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් කිසිදු පරිසර හානියක් නොවීමට වගබලාගන්නා බව කී ඇමතිවරයා වැලි තොටුපලවල වැලි ගොඩදැමීම, පස් හා මැටි කැපීම ආදිය සදහා ලබාගත යුතු බලපත්‍ර ක්රමයෙහි හෝ පරිසර ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීතිවල කිසිදු වෙනසක් කර නැතැයිද ප්‍රකාශ කළේය.
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අදහස් දක්වමිනි.
වැලි,ගල් හා මැටි ප්‍රවාහනයට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදුවීම, මේ හේතුවෙන් ඒවායේ මිල ඉහළයාම නිසා ඉදිකිරීම් කටයුතුවලදී දැරීමට සිදුවන පිරිවැය ඉහළයාම, උළු ආදී නිෂ්පාදකයින්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ නියුතුවූවන් අපහසුතාවයට පත්වීම ආදිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු දැක්වූ අදහස් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඇමතිවරයා කීවේය.
මෙම තීරණය සමගම වැලි තොටුපලවල්, මැටි කපන ස්ථාන ආදියේ ආරක්ෂාව වැඩි කරමින් පරිසර හානි අවම කරගැනීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම සදහන් කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි නොකර ඒ සඳහා ගෙවිය යුතු ගාස්තු අඩුකළ යුතුව තිබුණා නේද?. නීති විරෝධි ආකාරයෙන් පස් කපනවා නම් ඒ අයගේ බලපත්‍ර අහෝසි කරන්න පුළුවන්. මෙතන වෙන මොකක් හරි අරමුණක් තිබෙනවා විය නොහැකිද?
වැඩේ ඇනුණට පස්සේ කරුණු කියන හැටි විතරක්... ආණ්ඩුවක් ඔහොම තාවකාලික පැලැස්තර දානවද රටේ පරිසරයත් එක්ක...? බලයට ඇවිල්ලා සතිදෙකෙන් කවුද ඇවිත් කිව්වේ උළු ගඩොල් මිල ඉහළ යනවා ඒ හින්දා මොනවා හරි කරලා දෙන්න කියලා? කෙලින් කිව්වා නම් ඉවරයිනේ රටට මොනවා වුණත් අපට ඡන්දෙට වියදම් කරපු අයට සලකන්න වෙලා තියෙනවා කියලා, අපි වහල්ලු හින්දා කරබාගෙන ඉන්නවා නොවැ...
ඔව් ඔව්... ඊළඟ ඡන්දෙ ඉවරවෙනකන් විතරයි...
මොනවා කිව්වත් වැඩක් නැහැ. ඇත්ත නම් හොරුන්ට ඉඩදීම. රටේ හැම ඉඩමක්ම ආරක්ෂා කරන්න පොලිසියට බැහැ. ඉඩම්වලින් බලෙන් පස් කපාගන්න කාලයක් තිබුණා ජාවාරම් කාරයින්... නැවත ඒක ගේනවා වගෙයි.
දුප්පත් මනුස්සයෙක්ට වැලි ටිකක් ගොඩ දාගන්න, පස් ටිකක් කපාගෙන විකුණා ගන්න තිබුණු චාන්ස් එක ඔය අනවශ්‍ය ලයිෂන් වලින් හිර කරලා තිබ්බේ, ලයිෂන් ගන්න පුළුවන් යූඇන්පී හොරුන්ට වගේ සල්ලි තියෙන අයට විතරයි. එකෙන් වුණේ ඇත්තටම ඒකාධිකාරයක් ගොඩනැගීම, දැන් ඒ බාධා නැතිව ගිහින් තියෙනවා, සර්ලා ඔය ගමනම ගස් කපන්න තියෙන අනවශ්‍ය ලයිෂන් එහෙමත් අයින් කරනවා නම් හොඳයි,! මිනිස්සුන්ට ගස් කියන්නේ සල්ලි කියලා තේරෙනකොට ගස් කපන්න වගේම වවන්නත් ඒ හා සමාන උනන්දුවක් ඇති වෙනවා...
නත්තල් බෝනස් ලැබිලා වගෙයි. ප්‍රාදේශීය දේශපාලුවන්ට..
ලොජික් අදාල නෑ අපිට...
අායෙත් පරණ පුරුදු හෙන්චයියලා ටිකට බිස්නස් එක කරගන්න ඉඩදෙන්න එපායැ. කාලකන්නි ටික ආපහු වැඩ පටන් අරගෙන වගේ... රට ගැන හිතන කෙනෙක් නැතිව වගේ...
එල එල වැලි හොරුන්ට කඩේ යනවා. වෙනස් මරු. කියලා වැඩක් නැහැ...
උදව් කරපු අයට සහයෝගය දෙන්න ඕනෑනේ... මාස 3 කින්නේ ඔය කට්ටිය ඉන්නවද? නැද්ද? කියලා තීරණය කරන්නේ.. මේ තීරණය ඇත්තටම හොඳ තීරණයක් නෙමේ. මේකෙන් සිදුවුණු විනාශය ගැන ඔය තීරණය ගන්න උදව් කරපු අය වගකියන්න ඕනෑ. අනවසර වැලි, මැටි, පස් කැණීම් තුළින් සිදුවන විනාශය ගැන ඔය කාටත් ගාණක් නෑ...
ජනාධිපති වැලි අඩුව දෙන්න කිව්වට මන්කඩකාරයන් අඩුව දෙන්න ලෑස්ති නෑ. හාඩ්වෙයාර්වලින් කියනවා දැන් පර්මිට් ඕනෑ නෑනේ. පර්මිට් සල්ලි අඩුකරලා වැලි අඩුමිලට දෙන්න කියලා වැලි මුදලාලි කියන්නේ පුළුවන්නම් මේ මිලට අදින්න... නැතිනම් නිකන් ඉන්න. අපි වැලි ස්ටොක් කරනවා කියලා මේකෙන් අපිට ලොරි රස්සාව කරන්නත් බැහැ. මේ ගැනත් රජය අවධානය යොමුකරනවා නම් හොඳයි.
ගල්, වැලි, පස්ගල් රටම හාරලා පාතාලය රජවෙන වැඩක්...
කොහොමද වෙනස? 2/3 දීලා උපරිමය ගමු.
ඉස්සර කෙනෙක් ගස් කැපුවා. මිනිස්සු ඒකා හිටපු පැත්ත ගෙදර යැව්වා. දැන් මෙයලා පස් කපලා පරිසරය විනාශ කරනවා. ඔහොම ගියොත් නම් ඊළඟ ඡන්දෙන් ගෙදර මහත්තයෝ... අමතක කරන්න එපා පාවෙන ඡන්ද තමා තීරණාත්මක වෙන්නේ. ගෝඨාභය දින්නේ පාවෙන දකුණේ ඡන්ද ලක්ෂ පහ හයක් නිසා.
ඉගෙන ගනිල්ලා බමුණා සර්ගෙන්.. ඔන්න ඔහොමයි කඩේ යනවා කියන්නේ...
නියමයි සර් !
එක පාරක් ඔහොම කොස් ගස් වලටත් පර්මිට් එක අහෝසි කෙරුවා ඇමති කෙනෙක්ට ලී ටිකක් හොයගන්නකම්. අපි දන්නවා ඔයාල හැරෙනකොට පොල් පැළේ කන්න හදන්නේ කියලා.
මට මතකයි පසුගිය සමයේ කොස් ගස් කපා ප්‍රවාහනයට ඉඩ දුන්නා. සතියක පමණ කාලයක් එමගින් ලොකු විනාශයක් උනා කියලා තමයි මට මතක. මේක ඊට වඩා භයානක දෙයක් වගේ තමා මගේ වැටහීම.
පහුගිය ආණ්ඩුව කාලේ ඕක අයින් කලා නම් බමුණාගෙන් අහගන්න තිබුනා හොඳවයින් එකක්
කොස් ගස් බලපත්‍ර අහෝසි කලෙත් ඔය කට්ටිය ආණ්ඩු කරපු කාලෙම තමයි. ගල් වැලි පස් බලපත්‍ර අහෝසියෙන් අපේ රටේ පරිසරය ඇලදොළ ගංගා විනාස වෙන බව මේ අයට නොතේරෙන එකනේ පුදුමේ.
මෙම තිරණය සමග එකගවිය නොහැකියි. මන්ද යත් මෙම බලපත්‍ර ක්‍රමය යටතේ තරමක් දුරට හෝ පරිසරය සුරැකුනා. නමුත් බලපත්‍ර ඉවත් කිරිම මගින් පසුගිය සැම රජයකදිම යලයට පත්වු දේශපාලුවන් පරිසරය විනාශකරමින් සිදුකළ විනාශය තවමත් අපට නම් අමතක නැත. ශ්‍රි පාද රක්ෂිතය විනාශ කිරිමට තැත්කිරිම, නකල්ස් රක්ෂිතය විනාශ කිරිම ඇරඹීම, සිංහරාජ රක්ෂිතය තවමත් විනාශකරමින් පැවැතිම, ගංගා ඉවුරු මුහුදු වෙරළවල් වල වැලි නිති විරෝධී ලෙස ඉවත් කිරිම ඉස්ලාම් මුලධර්මවාදි අන්තවාදි ත්‍රස්තවාදින් විසින් මිලකල නොහැකි කාන්තංකුඩි ආශ්රිත පරිසර පද්ධති විල්පත්තු පරිසර පද්ධතිය විනාශ කිරිම සදහන් කළ හැකිය. එබැවින් නැවත මෙම තිරණය සලකා බලා පරිසරි හානි සිදුකරන්නන්ට දැඩි නිති ක්‍රියාත්මක කරනමෙන් ජනාධිපතිතුමා ඇතුලු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටිමි.