IMG-LOGO

ගාලු වෙරළ උයනේ නඩත්තුවට ප්‍රශ්නයක්

 

 

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ගාල්ල මහමෝදර ඉදි කළ වෙරළ උද්‍යානය නිසි නඩත්තුවක් නොමැති කමින් ජරා ජීර්ණව විනාශ වෙමින් පවතී.

2004 සුනාමියෙන් වෙරළ බඩ ඉදිකිරීම් විනාශ වී ගිය පසු මීටර් සියය කළ ඉදිකිරීම් තහනම් කිරීමේ නියෝගයක් පැනවිණි. රජයේ එම තීරණයට අනුව වරින් වර ලැබුණ ප්‍රතිපාදන වලින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල දඩැල්ලේ සිට මහමෝදර, කළුවැල්ල, ධර්මපාල උද්‍යාන මායිම හා සමනළ පාලම මතින් රත්ගම වැල්ල ඔස්සේ මාගාල්ල දක්ෂිණ නාවික කඳවුර දක්වා වෙරළ  තීරයේ උද්‍යාන හා සක්මන් මංතීරු ද ඉදි කළේය.

මෙම උද්‍යානය දැන් විනාශ වෙමින් පවතී. සවිකරණ ලද විදුලි පහන් හා සූර්ය කෝෂ ඇතැම් පිරිස් විසින් ගලවාගෙන ගොස් ඇත. පිඩලි අල්ලා සැකසුන උද්‍යානය නිසි නඩත්තුවක් නොමැති කමින් තණකොළ විනාශ වී ගොසිනි. කැළි කසල තැන තැන ගොඩ ගැසෙමින් පවතී.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය ඉංජිනේරු ශ්‍රියානි මහආරච්චි මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය. “අපි මේ උද්‍යානය ඉදිකළේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අරමුදල් ලබාදී  නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්. දැන් එතැන නඩත්තුව සම්බන්ද ගැටලුවක් පවතිනවා. උද්‍යානය ඉදිකළ පසු එය පවත්වාගෙන යාමට යම් ආයතනයකට බාරදීම ඉලක්කය වුවත් එය සිදුවුණේ නැහැ. අපි දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය යටතේ මෙම උද්‍යානයේ අඩුපාඩු සකස්කර නඩත්තු කරගෙන යාම සම්බන්දව සාකච්ඡා කරගෙන යනවා. ඒ යටතේ වෙරළ තීරයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළ සැළසුම ඉදිරියට ගෙනයාමට ද බලාපොරොත්තු වෙනවා.

  



අදහස් (0)

ගාලු වෙරළ උයනේ නඩත්තුවට ප්‍රශ්නයක්

ඉඳුනිල් Thursday, 14 July 2016 07:17 AM

අපේ රටේ හැමදේම ඉතින් මෙහෙමනේ (නි)

:       0       0

සුසන්ත Wednesday, 13 July 2016 12:33 PM

දැන් ඉතින් මේ දේවල් විනාශයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 77 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site