ශ්‍රි ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය බැලීමට දඹුල්ල ක්‍රිඩාංගනයට බලෙන් ඇතුල් වු බව කියන පිරිස් පාලනය කිරීමට ගිය පොලිස් නිලධරයෝ තිදෙනෙක්ද කොස්තාපල්වරු පස්දෙනෙකුද දඹුල්ල මහ රෝහලේ ප්‍රථිකාර ලබති.
ගල්මුල් වැදීම නිසා මාතලේ ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරිද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක්ද තුවාල ලබා සිටිති. .
සහකාර පොලිස් අධිකාරිවරු දෙදෙනෙකුට පහරදීමට තැත්කල බව කියන දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකිකයන්ගේ විනය අන්තිමයි තමයි. ඒත් මේකට තව හේතුවක් බලපානවා. ක්‍රිකට් තරඟ බලන්න වැඩිපුර යන්නේ දුප්පත් මින්ස්සු. ඒ මින්සුන්ට වෙන්වෙන්නේ ප්රේක්ෂකාගාර වල පොඩි කොටසයි. එතන තදබදය වැඩියි. ඒ මිනිසුන්ටත් ප්‍රමාණවත් ඉඩක් වෙන්කරන්න. සල්ලි හම්බ කරන්නම හදන්න එපා. (නි)
මේ ක්‍රිකට් තහනම් කළා නම් ඉරවයි (නි)
රටේ උත්තරීතරම තැනත් විනයක් නැතිකොට මේවා මොනවද? (නි)
පුදුමාකාර මිනිස්සු මේ රටේ ඉන්නේ (නි)
ක්‍රීඩාංගනයට බලෙන් ඇතුල් වුණා මදිවට ඒක නවත්වන්න ගිය පොලිසියටත් ගල් ගහලා. අනේ අපේ රටේ මිනිස්සු! (නි)
අද මෙරටේ ක්‍රිකට් කියන්නේ සූදුවක්. සමහරු කෝටී ගණන් වලින් පිල්ලි ගහන රජ ජාවාරමක්. මේවා බලන්න එන්නේ වෙන කරන්න පලක් ඇති දෙයක් නැති මිනිස්සු. ඔන්න ඔය පිට්ටනි දෙක තුනක් ඉතුරු කරගෙන අනිත් ඒවයේ වගාවක් කළා නම් ඒ මිනිසුන්ටත් කරන්න වැඩක් ලැබෙනවා!
දැන් එහෙනම් ඔය කියන්නේ උද්ඝෝෂණ, අරවා මේවා කරන්න දැන් පුදුම නිදහසක් තියෙනවා කියලා. බලාගෙන ගියාම නැහැනේ. (නි)
මේ රටේ මහජනයාට ගැලපෙන්නේ පරණ ක්‍රමේම තමයි (බ)
ටිකට් ඉවර වුන එකට පාර වහගෙන දැඟළුවම හරියනවද.ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක්වත්, නිදහසක්වත් ඔන නෑ. ඒවා භුක්ති විඳින්න දැනුමක් නෑ ඇත්තටම හමුදාපාලනයක් තමයි ගැලපෙන්නෙ. (බ)
කොහොමත් ලොකුවට හිතාගෙන හිටියට අපේ රටේ මිනිස්සුන්ගේ විනය බින්දුවයි. ඔය විනය නැතිකම හින්දම තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තෙත්. (බ)