ගාල්ල කරාපිටිය රෝහලේ පුද්ගලික උපස්ථායකයින් රෝහලෙන් ඉවත්කිරීම හේතුවෙන් රෝගීන් බලවත් අසීරුතාවට පත්ව ඇතැයි ඔවුන්ගේ ඥාතීහු කියති. නේවාසික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් අසළ නැවතී සිටීමට පුද්ගලික උපස්ථායකයන්ගේ සේවය මුදලට ලබා ගැනීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. රෝහල් අධ්‍යක්ෂවරයාගේ අණින් අද රෝහලේ සිටි පුද්ගලික උපස්ථායකයන් ඉවත් කැරිණි. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ රජයේ රෝහලක පුද්ගලික උපස්ථායක සේවා පවත්වාගෙන යාමට අවසරයක් නොමැති නිසා ඔවුන් ඉවත්කිරීමට නියෝග කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය බලධාරීන්ට බැරිද මේකට නිසි පියවරක් ගන්න? (නි)
ඒ වැඩත් රෝහල විසින්ම කරදෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්න නැහැනේ! (නි)
රෝහල්වල ඉන්න රජයෙන් පඩි ලබන සමහර උපස්ථායකයෝ කිසිම උපස්ථානයක් නොකර ඉන්නවා. රෝගීන්ට තමන්ගේ රෝගියාට අවශ්‍ය උපස්ථාන කටයුතු ඉතින් පෞද්ගලිකව හරි කරගන්න වෙනවා. රෝහල් අධ්‍යක්ෂකතුමාගේ ඊළඟ පියවර වශයෙන් වැඩ නොකරන උපස්ථායකයන්ට විනය පරීක්ෂණ කරලා සුදුසු පියවරක් ගන්න. නමුත් සෞඛ්‍යය සේවයේ එහෙම කරන්න බැහැනේ. අනෙක් අය වර්ජන කරනවානේ! (නි)
ඇත්තටම සාත්තු සේවයට රෝහල් කාර්ය මණ්ඩලයෙන් නිසි පරිදි රාජකාරි කටයුතු සිදුවෙනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ.අධ්‍යක්ෂක තුමාගේ තීරණය හොදයි ඔහුගේ පැත්තෙනුත් රාජකාරි කටයුතු නිසි පරිදි සිදුවෙනවා නම්!(දිල්)
රෝහල් කම්කරුවන් ලෙඩුන්ට උපස්ථාන කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සමහරු දොස්තරලාට වැඩිය ඉහළයි (නි)
අපි දන්නා හැටියට නම් පිළිකා රෝහලද ඇතුළුව රජයේ හැම රෝහලකම ලෙඩා ළඟ කාවහරි නවත්වන්න කියලා කියනවා. එයා නෑයෙක්ද කුලියට ගන්න එක් කෙනෙක්ද කියන එක රෝහලට ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි මේ ගාල්ලට විතරක් වෙනත් ප්‍රතිපත්තියක්?මේකෙන් වෙන්නේ ජනතාව කළකිරෙන එක. (නි)
මීට වඩා හොඳ ක්‍රමවේදයක් හදන්න බැරිද කරාපිටිය අධ්‍යක්ෂක තුමාට. අසරණ ලෙඩා ගැන සහ ඊට වැඩිය අසරණ උන පවුලේ අය ගැන හිතලා. රජයේ උපස්ථායකයෝ ලෙඩා ගාව නෑනේ. ලෙඩාට ඕන වෙලාවට. (නදී)
සෑම රෝහලක් අසලම උපස්ථායක කොම්පැනි තියෙනවා . මේක එක රෝහලක හෝ නැවත්තු එක හොඳ තීරණයක් . මේ අය ලෙඩුන් කීපදෙනෙකුට එකම උපස්ථායකය තියලා කීප දෙනෙකුගේන්ම සල්ලි ගන්නවා .කොම්පනියටත් හොඳයි. (හේ)
දිනකට මේ කෙනෙකුගේ ගණන රුපියල් 1200 ක් විතර වෙනවා.මින් 800 ක් පුද්ගලයාටත් 400 ක් අදාළ ආයතනයටත් ලැබෙනවා. දවසකට රෝහලේ මෙවන්අය 130 ක් විතර වැඩ කරනවා. මේවා තමයි හොඳම රස්සා! ලංකාවේ හැම රෝහලකම මේක වෙනවා (නි)
අතීසාරයට අමුඩ ගැහව්වනම් මීට වඩා හොඳයි. (ස)
එතකොට රෝහල් සේවක මණ්ඩලයක් ඉන්නේ මොනවා කරන්නද? (නි)
මේ වගේ දෙයක් කරන්න මානුෂිය හේතුවක් නැහැ මට පෙනෙන විදියට (නි)
මෙම සේවාව තියන සහ තිබුන එකම රජයේ රෝහල කරාපිටිය නම් මේ උගත් වෛද්‍යවරයාගේ තර්කය සාදාරනයි. නමුත් ඇත්ත එ්ක නෙමෙයි. මෙම පුද්ගලික උපස්ථායක සේවය ඇත්තටම ලොකු සේවයක් කරනවා. මේවායේ ඉන්න හුඟක් "උපස්ථායකයෝ " ඒ තරම් දැනුමක් නැති උනත් කරන සේවය වටිනවා. ඒ නිසා මේ තීරණය ගැන අපට හිතෙන්නේ වෙනත් දේවල් ගොඩක් තියෙනවා (නදී)
ප්‍රධාන රජයේ රෝහල්වල රජයෙන් වැටුප් ලබන උපස්ථායකයින් සහ කම්කරුවන් වැඩි දෙනා බදුල්ල සහ පොළොන්නරු දිස්ත්‍රික්ක වල පදිංචි අය. ඡන්ද කාලෙට, කුඹුරු අස්වද්දන ගොයම් කපන කාලෙට, අර්තාපල් ගලවන කාලෙට මේ අය රෝහල්වල දකින්නවත් නැහැ කියලා වෛද්‍යවරුන් සහ හෙදියන් හොඳටම දන්නවා. එතකොට අසරණ රෝගීන්ට පිහිටට ඉන්නේ පුද්ගලික උපස්ථායකයින්. ඒ වුණත් සමහර පුද්ගලික උපස්ථායකයින් රෝගීන් නින්දට ගියාට පස්සේ කරන දේවල් උපස්ථාකයින්ගේ සේවය නැතුව ප්‍රථිකාර ගන්න රෝගීන්ගෙන් අහලා බලන්න. (නි)
නැගිට ගන්න බැරිව ඇඳේ ඉන්න අමාරු ලෙඩෙකුට වතුර ටිකක් බොන්න තරම් උදව්වක්වත් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ලැබෙන්නේ නැහැ. (නදී)
මේක හරිම අසාධාරණයි (නදී)
අධ්‍යක්ෂතුමණි අසරණ ලෙඩ්ඩුන්ව අමාරුවේ නොදා මේ වැඩේට නිසි පිළියමක් මුලින් යොදලා පසුව මෙම ක්‍රියා මාර්ගය ගත්තා නම් නේද හොද අත පුච්චා ගන්නේ නැතුව.(හේ)
එතුමා නිහතමානී වැදගත් වෛද්‍යවරයෙක්.එතුමා මේ ගත් තීරණයේ අපිට නොපෙනෙන පැත්තක් ඇති. ලෙඩා ළඟ උපස්ථායකයෙක් නවත්වන්න ඕනෑ කියන අසරණ අවශ්‍යතාවය දඩමීමා කරගෙන අනිවාර්යෙන් පුද්ගලික ආයතනයක් හෝ මාෆියා කාක්කෝ කල්ලියක් බිහිවෙලා ඇති. ඒ නිසා වෙන්න ඕනෑ මේක තහනම් කරන්න ඇත්තේ. නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමිලේ දෙන ගමන් මේ වගේ සේවා වලින් මුදල් ගරන කූට ව්‍යාපාර වලට ඉඩදෙන්න බැහැනේ. නැත්නම් ඔක්කොම පුද්ගලික කරලා දාන්න ඕනැ. (නි)
අධ්‍යක්ෂතුමාටම කියමු ලෙඩ්ඩු බලාගන්න කියලා....(අ)
ප්‍රශ්ණයක් නැහැ. ඒ රාජකාරිය බාරව ඉන්න රජයේ සේවකයින් තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් පිටින් කව්රුත් අවශ්‍ය නැහැ (නදී)
ඒ වගේම් දොස්තර වරුන්ගේ තමන්ගේ වාට්ටුවල ලෙඩුන්ට කරන පෞද්ගලික ප්‍රතිකාරත් නැවැත්වුවොත් නරකද ?(හේ)
රජයේ රෝහල් වල ජනතා මුදලින් පඩි ලබන උපස්ථායකයන්ගේ සේවය රෝගීන්ට නිසියාකාරව ලබාදීමට ඇති නොහැකියාව නිසා තමයි පුද්ගලිකව මුදල් ගෙවා රෝගීන් ළඟ පුද්ගලික උපස්ථායකයින් තියන්නේ. ජනතා මුදලින් පඩි ලබන උපස්ථායකයන්ගේ සේවය හරියට රෝගීන්ට ලබාදෙන්න. එතකොට නීති පනවන්න ඕනෑ නැහැ. පෞද්ගලික උපස්ථායකයෝ නිකන්ම නැතිවෙලා යාවි. (නි)
ඇත්තෙන්ම මුදලට කළද උපස්ථායක සේවය යනු ඉතා වටිනා සේවයකි (නි)
සමහර අයට ලෙඩා ළඟ නවතින්න බැහැ. එක්කෝ එයාලා දෙන්නම රස්සාවට යනවා, නැත්නම් වෙනත් හේතුවක් නිසා. මෙහෙම අයට කරන්න වෙන්නේ කවුරුහරි සල්ලි ගෙවලා නවත්වන එක. ඒක රෝහලට ප්‍රශ්නයක් වෙන්නේ ඔවුන් සොරකම් කරනවා වගේ දේවල් කරනවා නම් තමයි.නැවත මේ ගැන සිතා බැලුවොත් හොඳයි (නි)