IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගල් ප්‍රහාරයෙන් කිහිප දෙනකුට තුවාල

පැල්මඩුල්ල නගරයේ අද (02) රාත්‍රී අටට පමණ  පැවති විපක‍ෂයේ පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවු ජන රැලියකට එල්ල කළ ගල් ප්‍රහාරවලින් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

සිද්ධිය දුටුවෙක් මෙසේ විස්තර කළේය.

‘මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතාකරන්න පටන් ගත්තා. ටිකවෙලාවක් යනකොට වේදිකාව පිටුපස පැත්තෙන් වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ලවුණා. ඒවා වේදිකාව ඉදිරියේ හිටපු මිනිස්සුගේ ඇඟේ වැදුනා. කිහිප දෙනෙකුට තුවාල වුණා. මහා කලබලයක් ඇතිවුණා. ආරක‍ෂක නිලධාරීන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා  ඉවතට එක්ක ගියා. පස්සේ රැස්වීමට ආපු මිනිස්සු ගල් ප්‍රහාරය එල්ලවු ගොඩනැගිල්ල දෙසට ගල් ගහන්න පටන් ගත්තා. එතන මහා කලබලයක්. හිතාගන්න බෑ  මොකද වුනේ කියලා. පොලිසිය මැදිහත් වෙලා තත්ත්වය සංසුන් කලා.‘

 තුවාල ලැබුවන් බොහෝ දෙනෙකු සීසීකඩ දිවගිය බව ඇසින් දුටුවෝ පැවසූහ. පාලනය කරගත නොහැකි වාතාවරණය හමුවේ රැස්වීමේ වැඩ ටිකවේලාවකට පසු නවතා දමනු ලැබිය.



අදහස් (0)

ගල් ප්‍රහාරයෙන් කිහිප දෙනකුට තුවාල

සම්පත් Saturday, 03 January 2015 01:32 AM

මෛත්‍රීගේ ජය හමුවේ සමහරු මැර බලය වපුරනවා ‍වගෙයි (නි)

:       0       0

රාහුමාන් Saturday, 03 January 2015 02:25 AM

ජනතාව මේකට හොඳ පාඩමක් දෙයි අටවෙනිදට (නදී)

:       0       0

ප්‍රභාත් Saturday, 03 January 2015 03:30 AM

ඉවසගෙන ඉන්න බැහැ වගෙයි. ඒ වියරුවයි ‍පෙන්වන්නේ (නි)

:       0       0

දිලා Saturday, 03 January 2015 04:45 AM

කවුරුත් නෙමෙයි, බලාගෙන හිටපු මිනිස්සු ගැහැව්වේ. මමත් හිටියනේ බලාගෙන. හාමුදුරුවන්ට බනින්න ගත්තයින් පස්සේ මිනිස්සුන්ට තරහ ගියා. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 03 January 2015 07:00 AM

අපේ රටේ මේ වෛරී දේශපාලනය නිසා මිනිස්සුන්ගේ මේ පිල් බෙදිමෙන් ඇතිවන ගහමරා ගැනිලි කවදාවත් අඩුවක්නම් වෙන්නේ නැහැ.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 03 January 2015 07:42 AM

මේවා මහ අපවිත්‍ර වැඩ (නදී)

:       0       0

මහින්ද Saturday, 03 January 2015 11:08 AM

ජනදිපතිතුමාගේ ලග සිටි මිතුරන් හතුරන් වී එතුමාගේ නමට කැළලක් කරනවා වෙන්න බැරි නෑ හුනු ගල් වලින් ගැහුවා නම් සැකයක් නෑ. (නදී)

:       0       0

කීර්ති Saturday, 03 January 2015 12:03 PM

කුලී මැරයෝ තමා ගල් ගහන්නේ. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site