පැල්මඩුල්ල නගරයේ අද (02) රාත්‍රී අටට පමණ පැවති විපකෂයේ පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවු ජන රැලියකට එල්ල කළ ගල් ප්‍රහාරවලින් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
සිද්ධිය දුටුවෙක් මෙසේ විස්තර කළේය.
‘මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතාකරන්න පටන් ගත්තා. ටිකවෙලාවක් යනකොට වේදිකාව පිටුපස පැත්තෙන් වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ලවුණා. ඒවා වේදිකාව ඉදිරියේ හිටපු මිනිස්සුගේ ඇඟේ වැදුනා. කිහිප දෙනෙකුට තුවාල වුණා. මහා කලබලයක් ඇතිවුණා. ආරකෂක නිලධාරීන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉවතට එක්ක ගියා. පස්සේ රැස්වීමට ආපු මිනිස්සු ගල් ප්‍රහාරය එල්ලවු ගොඩනැගිල්ල දෙසට ගල් ගහන්න පටන් ගත්තා. එතන මහා කලබලයක්. හිතාගන්න බෑ මොකද වුනේ කියලා. පොලිසිය මැදිහත් වෙලා තත්ත්වය සංසුන් කලා.‘
තුවාල ලැබුවන් බොහෝ දෙනෙකු සීසීකඩ දිවගිය බව ඇසින් දුටුවෝ පැවසූහ. පාලනය කරගත නොහැකි වාතාවරණය හමුවේ රැස්වීමේ වැඩ ටිකවේලාවකට පසු නවතා දමනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීගේ ජය හමුවේ සමහරු මැර බලය වපුරනවා වගෙයි (නි)
ජනතාව මේකට හොඳ පාඩමක් දෙයි අටවෙනිදට (නදී)
ඉවසගෙන ඉන්න බැහැ වගෙයි. ඒ වියරුවයි පෙන්වන්නේ (නි)
කවුරුත් නෙමෙයි, බලාගෙන හිටපු මිනිස්සු ගැහැව්වේ. මමත් හිටියනේ බලාගෙන. හාමුදුරුවන්ට බනින්න ගත්තයින් පස්සේ මිනිස්සුන්ට තරහ ගියා. (නදී)
අපේ රටේ මේ වෛරී දේශපාලනය නිසා මිනිස්සුන්ගේ මේ පිල් බෙදිමෙන් ඇතිවන ගහමරා ගැනිලි කවදාවත් අඩුවක්නම් වෙන්නේ නැහැ.(හේ)
මේවා මහ අපවිත්‍ර වැඩ (නදී)
ජනදිපතිතුමාගේ ලග සිටි මිතුරන් හතුරන් වී එතුමාගේ නමට කැළලක් කරනවා වෙන්න බැරි නෑ හුනු ගල් වලින් ගැහුවා නම් සැකයක් නෑ. (නදී)
කුලී මැරයෝ තමා ගල් ගහන්නේ. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. (නදී)