හොරණ ගල්ඒදඬුගොඩ පල්ලියකන්දෙ ගල් පහලට වැටීමේ අවදානමක් ඇති නිසා කන්ද පාමුල පවුල් 20ට අයත් සියයක් පමණ දෙනා දැඩි බියකින් යුතුව ජීවත් වෙති. වැසි දිනවලදී ඔවුන් රැය පහන් කරනුයේ ද නිදි වර්ජිතවය. මේ ගැන අදාල බලධාරින් දැනුම්වත් කළද මෙතෙක් කිසිසු සහනයක් ලැබී නැතැයි ගැමියෝ කියති. පානදුර රත්නපුර මාර්ගයට මුහුණ ලා මෙම කන්ද පිහිටා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර නිදි වැරුවත් වැඩක් නෑ ගලක් පහලට එන්න ගතවෙන්නේ තත්පර ගනනයි. වහාම ඉවත් වීම තමයි එකම විසඳුම. ඉඩම් කට්ටි කරලා විකුණන ව්‍යාපාරිකයෝ මේවගේ ඉඩම් අරන් අහිංසකයින්ට ලාබෙට විකුණලා පොහොසත් වෙනවා. බීරි අලින්ට වීණා වැයීමෙන් පලක් නැත. තද වැසි දින වල වත් ඉවත් වීම සුදුසුයි.(හේ)
ඉල්ලන දෙයක් ඡන්දෙන් ඉස්සෙල්ල ඉල්ලන්න ...ඔබට ලැබේවි ......ගල කුඩුකරලා හරි දෙවි......(බ)
එහෙම කතාකරන්න එපා. අපි මේ ගෙවල් හදනකොට මේ වගේ ලොකු ගල් තිබුනේ නැහැ (නි)
දැකුම්කළු පරිසරයක්.ඔය ගල් එහා මෙහා කරන්න ගියොත් ඒ සුන්දරත්වය පහව යනවා. (දිල්)
ඔතන මහ කන්දක් නෑ. හොරණ මාටින් ද පෝරස් කතෝලික පල්ලිය තියෙන්නෙ ඔය කන්දේ. මේ මිනිස්සු ගෙවල් හදාගත්තේ ඔය ගල් තියෙද්දිම තමයි, දැන් බොරුවට කෑගහනවා. (දිල්)
එඩ්මන් කියන්නේ ගෙවල් හැදුවට පස්සේ මේ ගල් වෙනත් කවුරුහරි ගෙනවිත් තිබ්බා කියලද? (නි)
දිනෙත්, ඔබ කියන දේ හරි. මට පේන්නේ මේක කල දුටු කල වල ඉහ ගැනීමේ උත්සාහයක්. (ර)
කෝ කන්ද පේන්න නැහැනේ.(අ)
කන්ද තියෙන්නේ පොඩ්ඩක් උඩින්. ගල් තියෙන්නේ පහල.(හේ)