ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ රාජකාරියට බාධා එල්ලවීම වළක්වා ගැටළුවට විසඳුමක් ලබාදෙන තෙක් ගාල්ල දිසත්‍රික්කයේ දිසා රෝහල්, පර්යන්ත රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියළුම වෛද්‍යවරු සිකුරාදාත් සෙනසුරාදාත් වැඩවර්ජනයක අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි. මේ කාලයේ දී අත්‍යාවශ්‍ය හදිසි සේවා පමණක් පවත්වන බව ඔහු කියයි. 

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර සිංගාරච්චි මහතා පවසන්නේ තමන් නගර සභාවේ සේවකයකුට පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාව අසත්‍යයක් බවයි. නගරාධිපතිවරයා තම කාර්යාලය වසා දමා රාජකාරියට බාධා කළැයි පොලිසියට ද පැමිණිලි කළ බව ඔහු කියයි.

නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසන්නේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විවිධ හේතු දක්වමින් නගර සභාවේ සෞඛ්‍ය සම්බන්ධ රාජකාරී පැහැර හරිමින් සිටින බවයි. 2014 ජනාවාරි 01 දා සිට වෛද්‍යවරයාට ලැබී ඇති ස්ථාන මාරුව අනුව සිකුරාදා වනවිට ඔහු ඉවත්ව නොගියහොත් නගර සභාවේ සියළු සේවකයන් වර්ජනය කරනු ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියේය.