රජයේ අයවැයට ගාල්ල මහ නගර සභාවේ හා ගාලු ජනතාවගේ ස්තූතිය පළකිරීමට ගාල්ල මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් ඒකච්ඡන්දයෙන් සම්මත වූ බවට නගරාධිපතිවරයා කරන ලද ප්‍රකාශයට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අද මේස උඩ නැගී විරෝධය දැක්වූහ. විපක්ෂයේ මන්ත්‍රීවරු පවසන්නේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්විය යුතුව තිබිය දී ආණ්ඩුපක්ෂය එය නීති විරෝධී ලෙස මඟහැර ගිය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාලු නගරාධිපති තුමාට එල්ලෙන්න වැලක් නැතුවයි හිටියේ.(අ)
මේවා මිනිස්සු හිනාවෙන වැඩ! (නි)
නගරසභා මන්ත්‍රීන් මෙසේ හැසිරෙන්නේ ඇයි කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
හැඳි ගෑරුප්පු ටිකකුයි සෝඩා බෝතලයකුයි තිබුනානම් මාරු කට ගැස්මට...(අ)
නගර සභා, ප්‍රාදේශීය සභාවල වගකිවයුත්තන් මෙසේ හැසිරෙන්නේ ඇයි? මීට හේතුව කුමක්ද? (නි)