පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ලේ ජන රැලියට ගල් ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පොලිසිය ද එම ස්ථානයේ සිටි බව ප්‍රදේශවාසීහු කියති.
“රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන රැළි රාශියකට අද මං සහභාගි වුණා. පැල්මඩුල්ල ප්‍රදේශයේ 20,000 කට වැඩි ජනතාවක් සහභාගී වූ ජනහමුවේදී ජනතාව අමතමින් සිටින අවස්ථාවේදී ගල්මුල් ප්‍රහාරයක් වේදිකාව වෙතට එල්ල වුණා.” යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
ගල් ප්‍රහාර වලින් කිහිප දෙනකු තුවාල ලබා ඇත.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමක දී සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට සහ මුළු මහත් රාජ්‍ය සේවයට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න මෛත්‍රී ආණ්ඩුවක් ජන 8th අතිකරමු. (හේ)
පොලීසිය කොහෙද නැත්තේ? (නදී)
පොලිසියත් අද අසරණයි. කොන්දද? නැත්නම් රස්සසාවද? (නදී)